Monday, March 25, 2013

බලාගෙන ඉන්නේ මාව මැරෙනකන්ද ? - විජයසේන


වසර 21ක් ගතවී ඇතත්, හිග වැටුප් නොගෙවා සිටින්නේ, තමා මියයන තෙක්ද ? යන ප්‍රශ්ණය, හිටපු සමූපකාර සේවකයකුවූ ඩී.ඩී.විජයසේන ප්‍රශ්ණ කරයි.
තමාට නීතියෙන් හිමිවිය යුතු හිග වැටුප් ගෙවීම් සී/ස බණ්ඩාරගම විවිධ සේවා සමූපකාර සමිතිය, වසර 21ක් පුරාම මගහැර තිබෙන නිසා ඔහු මේසේ ප්‍රශ්ණ කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, සමූපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මහජන පෙත්සම්කාරක සභාවේ වත්මන් සභාපති, හිටපු සභාපති මංත්‍රී ජානක බණ්ඩාර ගෙන්ය.
මෙම කාරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, සමූපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මහජන පෙත්සම්කාරක සභාවේ වත්මන් සභාපති, හිටපු සභාපති මංත්‍රී ජානක බණ්ඩාර අදාල සමූපකාර සමිතිය අයත් බස්නාහිර පාලාත්  සමුපකාර සේවක කොමිසන් සභාවෙන් , ඔහුට ගෙවීමට තිබෙන හිග වැටුප් මුදල ගෙවන ලෙසට ලිඛිතව ඉතා කාරුණිකව ඉල්ලා තිබීම නිසාය.
මෙවන් නීති විරෝධී ක්‍රියාවකදී, අදාල සමූපකාර සමිතියට එරෙහිව නඩු පැවරීමේ අයිතිය තිබෙන්නේ බස්නාහිර පලාත් සභා සමූපකාර සේවක කොමිෂන් සභාවටය.
එය හිටපු අගමැතිවරයාට, සී/ස බණ්ඩාරගම විවිධ සේවා සමූපකාර සමිතිය එරෙහිව නඩුවක් පවරා, ඩී.ඩී.විජයසේන මයාට  හිමි මුදල .අයකර දිමට පියවර ගන්නා බවට ලිඛීතව දන්වා ඇත. එයද තවත් ලිපියක් පමණ බව පවස  විජයසේන මේ  තමා රැවටීමට කරන ඒවා බව කියා සිටී.
ඔහු මේ කාරණය ගැන ඔහු සියලු දෙනාට 2013.03.24 දාතමින් ලිඛීතව දැනුම්දී ප්‍රශ්ණ කරන්නේ අවුරුදු 80ක් වන තමා මැරෙනක්නද බලා සිටින්නේ කියාය.
මේ රටේ මානව හිමිකම් උල්ලංඝණය කරනවා පමණක් නොව, හිමිකම් උල්ලංඝණය කරන්නන් ආරක්ෂා කරන බවද ඔහු කියා සිටී.

No comments:

Post a Comment