Sunday, March 24, 2013

16 හැවිරිදි ළමයෙකුට යක්කලමුල්ල පොලීසිය වධ දෙයි


2013 මාර්තු 21 දහවල් යක්කලමුල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි හසලක ලක්මාල් ට ස්ථානාධිපතිවරයා පහර දෙන බව, වධ දෙන බව, ප්‍රකාශ කරන ඔහුගේ මව චන්ද්‍රා  2013 මාර්තු 22 වන දින උදේ 10.30 ට පමණ මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිට, ෆැක්ස් මගින් දැනුම් දුන් අතර එදින රාත්‍රී 8.30 ට පමණ මානව හිමකම් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංකයට කතා කොට දැනුම් දී ඇත.
එයින් පලක් නොවීම නිසා 2013.03.23 නැවත වරක් පොලිස්පතිට ෆැක්ස් මගින් දැනුම් දී -   මානව හිමිකම් කොම්ෂන් සභාවේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලදි.
මානව හිමිකම් කොමිෂම, යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිගෙන්, හසලක ගැන විමසූ විට දී තිබෙන පිළිතුර වුනේ එවන් කෙනෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි.
පහර දීම නිසා බරපතල ලෙස රෝගාතුරව සිටින හසලක ලක්කමාල්, ගහන අතර වමනය දාන බවට ඔහුගේ සොහොයුරා ප්‍රකාශ කර සිටී.
රටේ මානව හිමිකම් තත්වය පිරහී තිබෙන හි පොල්ස් ත්‍රස්ත්‍රවාදය ක්‍රියාත්මක වීම තහවුරු කෙරෙන තවත් සිද්ධියකි මෙය.
මේ වන විට පොලීසිය -   මානව හිමිකම් කොමිෂමටද බොරු කියන තත්වයට පත්ව ඇති බව ප්‍රකාශ කරමු.

No comments:

Post a Comment