Tuesday, March 19, 2013

අපිට ගහපු සැරයන් වීරවංශ හිටියේ හොදටම බීලා


 බුලත්සිංහල පොලිසියේ රථවාහන අංශයේ සැරයන් වරයෙක් බව කියන වීරවංශ - මහා පාරේදී පාසල් සිසුවෙකුට හා තරුණයෙකුට පහරදී, පොලිසියට ගෙන ගොස් කොස්සක් කැඩනතුරු පහරදී තිබේ.

16 හැවිරිදි ප්‍රසාද්ට හා 20 හැවිරිදි වාසනාට මෙසේ පහරදී ඇත්තේ 2013.03.13 වන දිනය.
ගැහැණු ළමයෙකු හා සම්බන්ධ ප්‍රශ්ණයක් මත බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී ප්‍රසාද්ට පිරිසක් පහරදීම පිලිබදව විමසන්නට ඔහුගේ සොහොයුරා වන වාසනා එතැනට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අතපය හුවමාරුවක් සිදුව තිබේ.
දෙපාර්ශවය විසිර යාමෙන් පසුව, එතැනට පැමිණි බුලත්සිංහල පොලිසියේ සැරයන් වීරවංශ, ප්‍රසාද්ව අල්ලාගෙන ඔහුට පහරදී, ඔහු සමග වාසනා වැඩ කරන ගරාජයට ගොස් ඔහුටද පහරදී, දෙන්නාවම සැරයන් වීරවංශගේ යතුරුපැදියේ තබාගෙන බුලත්සිංහල පොලිසියට ගෙනවිත් කොස්සක් කැඩෙනතුරු පහරදී ඇත.
පසුව, ඔවුන් දෙන්නාව බුලත්සිංහල රජයේ රෝහලට ගෙනගොස් තිබේ. රෝහලේ වෛද්‍යවරු ඔවුන් දෙදෙනාව රෝහල් ගත කර තිබේ.
වාසනා දින 4ක්ද, ප්‍රසාද් දින 5ක්ද නේවාසික ප්‍රතිකාර ගෙන තිබේ.
බීමත්ව, ප්‍රසාද්ට හා වාසනාට පහරදුන් බුලත්සිංහල පොලිසියේ සැරයන් වීරවංශට එරෙහිව කිසිදු නීතිමය පියවරක් මේ දක්වා ගෙන නැත.
මීට පෙර - බුලත්සිංහල පොලිසියේ සැරයන් ජයන්ත, සලමන් නැමැත්තෙකු මන්නා පිහියකින් කපා බරපතල තුවාල සිදු කරනලදි. ඒ 2009.04.12 දිනදීය.
ඒ සම්බන්දයෙන් මේ දක්වා කිසිම පියවරක් ගැනීමට පොලිස් ලොක්කන් හෝ රජය හෝ පෙළඹුනේ නැත. අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටිති.

No comments:

Post a Comment