Tuesday, March 19, 2013

ගෙදර බුදුන්ට පහර දෙන - පුතාට හා ලේලිට පොලිසියේ සරණ


ලේලිය සමග එකතුවී තමාට පහර දෙන ලේලියගේ ඥාතීන්ව බේරන්නේ බණ්ඩාරගම පොලිසිය සමග මිතුරුදම් පවත්වන තම පුතා බව චෝදනා කරන වැන්දඹු මව, තමාට පහරදුන් ලේලියට, ලේලියගේ ඥාතීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.
නමින් ලීලා දිසානායක වන ඇය දෙදරු මවකි. සැමියා මිය ගොස්ය. මෑතකදී විවාහවූ ත්‍රීරෝද රථ රියදුරකු වන තම පුතා ධම්මික, ලගදී විවාහවූ ලේලිය සමග එක්ව තමාට පහර දෙන බව තම නිවසේ, තම ගෘහ භාණ්ඩ භාවිතා කරන්නට ඉඩ නොදෙන බව කියා සිටී.
2013.03.16 දින තමාට පහර දුන්නේ, තම ලේලිය, ඇයගේ අක්කා හා මස්සිනා බවත්, පුතා තමාව මරන්නට උත්සාහ ගත් බවත් ඇය කියා සිටී.
මේ පිළිබද පැමිණිල්ල බණ්ඩාරගම පොලිසිය විභාග නොකරන බවත්, තමාට ආරක්ෂාව සලසන ලෙසට කරන ඉල්ලීම් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බවද ඇය කියා සිටී.
මෙයට හේතු වශයෙන් ඇය කියා සිටින්නේ, බණ්ඩාරගම පොලිසියේ තිලක් රණවීර නැමැති පොලිස් නිලධාරියා තම පුතාගේ ගජ මිතුරකු වීම නිසා බවද ඇය කියා සිටී.
මේ සම්බන්ධයෙන් ඇය පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලිකර තිබේ.

No comments:

Post a Comment