Tuesday, March 12, 2013

නයිඩොෂ් කුඩු නඩුවෙන් නිදෝස්කොට නිදහස් බොරු නඩු දැමු පොලිස්කරයෝ නිදැල්ලේ!


2008.07.05 වන දින සරත් කුමාර නයිඩොෂ් පානදුරකෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් තැනීමට අත්උදව් දෙමින් සිටියදී මොරටුව පොලීසිය මගින්මොරටුව ප්‍රදේශයේ ගෙවල් බිඳීමක් සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලදි.
එදින සිට 2008.07.11 වන දින දක්වා දින 6ක් මොරටුව පොලිසියේ රඳවා තබාගෙන පොලිස් පරික්ෂක දමිත පෙරේරා ඇතුළු නිලධාරීන් නයිඩොෂ්ව වධහිංසාවට, කෘෘර අමානුෂික හ අවමන්සහගත සැලකිලි හා දුවම් වලට භාජනය කරන ලදි. මේ  සම්බන්ධව 2008.07.11 වන දින සරත් කුමාර නයිඩොෂ්ගේ මව වන ඇසිලින් මහත්මිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවපොලිස්පති ඇතුළු බලධාරීන්ට පැමිණිලි කරන ලදි.
එයට උරණවූ මොරටුව පොලීසිය, 2008.07.12 වන දින හෙරොයින් මිලි ග්‍රෑම් 2300 ක් ළ තබාගෙන සිටියදී අුත්ලාන දුම්රියපොළ අසලදී අත්අඩංගුවට අරගත් බවටත්ප්‍රශ්න කිරීමේදී මොරටුව ප්‍රදේශයේ සොරකමක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වූ බවටත් යන ව්‍යාජ කරුණු ඇතුලත් බි වාර්ථාවන් දෙකක් මගින් 2008.07.13 දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සරත් කුමාර නයිඩොෂ්ට විරුද්ධව 90215 අංකය යටතේ කුඩු ලඟ තබා ගැනිමේ චොදනවක්ද, 84989 අංකය යටතේ ගෙයක් බිඳ සොරකම් කිරීම සම්බන්ධ චොදනාවක් නගා තිබින. එම චොදනා යටතේ පොලීසිය ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරවන ලදි.
ඉන් නොනැවතුනු මොරටුව පොලීසිය 89084 අංකය යටතේ රන් මාලයක් කඩාගත් බවට චොදනා කර තවත් ව්‍යාජ නඩුවක් පවරන ලදි. පසුව එම නඩුවට සාක්ෂි නොමැති බව අධිකරණයට පසුව වාර්ථා කළ පොලීසිය නඩුව ඉල්ලා අස්කර ගත්තේය.
මෙම ව්‍යාජ නඩු පැවරීම මත සරත් කුමාර නයිඩොෂ්ට දින 553ක් එනම් අවුරුදු 1 1/2ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමට සිදුවිය. ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටියදීමමූලික අයිතිවාසිකම් නඩුවක් අංකටතේ පවරන ලදි. එම නඩුව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවති.
අවුරුදු 4 කට වැඩි කාලයක් සරත් කුමාර නයිඩොෂ්ට විරුද්ධව පවරන ලද අංක 84984දරන බොරු සොරකම් නඩුව මොරටුව මාහේස්ත්‍රාත් අධිකරණයේ අසන ලදි. 2013.01.16 වන දින ප්‍රකාශයට පත්කරන ලද තින්දුවෙන් සරත් කුමාර නයිඩොෂ්ව නඩුවෙන් නිෙÞස්කොට නිදහස් කරන ලදි. හෙරොයින් ලඟත් බවට වන අනෙක් බොරු නඩුව තවමත් ඉවර නැත.
2013.03.11 දින සරත් කුමාර නයිඩොෂ්ව  90215 අංකය යටතේ කුඩු ලඟ තබා ගත් බවට චොදනා කොට පවරන ලද නඩුවෙන් නිසේ කොට නිදහස් කළේය.
මොරටුව පොලීසිය නීති විරෝධිව අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමේ අපරාධය පිළිබඳ සරත් කුමාර නයිඩොෂ් සහ ඔහු ගේ ඥාතීන් මානව හිමිකම් කොමිෂන් සභාවපොලිස්පති ඇතුලූ බපධාරින්ට පැමිණිලි කළදමෙතෙක් අපරාධ කරුවන්ට එරෙහිව රාජපක්ෂ ආණඩුව නීතිය ක්‍රියාත්මක කර නොමැත.
ජනාධිපති රාජපක්ෂ සිය පාලනය යටතේ පවත්වාගෙන යන පොලීසියේ අපරාධ කරන්නාවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට මෙය තවත් එක් ඉතා පැහැදිලි උදාහරණයකි. පොලිස් නිති විරෝධි ක්‍රියා හා ත්‍රස්ත ක්‍රියා සිදුවන්නේ රාජපක්ෂ ආශිර්වාදය මත බව මෙයින් මොනවට පැහැදිලි වන්නේ එකි ක්‍රියාවන් තව දුරටත් වැඩි කර ජනතාව මර්ධනයට ඉඩ සලසමින් වසර සියකට වැඩි කාලයක් පැවැති පොලිස් අත්අඩංගුවේ තබා ගත හැකි 24 පැයේ සිමාව 48දක්වා වැඩි කිරිමට පියවර ගැනිම මගින්ය.
එක් පසෙකින් අධිකරණය තම අත කොලූවක් බවට පත් කර ගැනිමට පියවර ගෙන ඇති ජනාධිපති රාජපක්ෂ අනෙක් පසෙන් අන්ත දුෂිත පොලිසියඅල්ලස් ගැනීමටනිති විරෝධි ක්‍රියාවන් වල යේදිමටඅතුරුදහන් කරවිමටමරා දැමිමට ඉඩ කඩ වැඩිකරන නිති සම්පාදනය කරදෙමින් සිටිති.

No comments:

Post a Comment