Monday, March 4, 2013

ශ්‍රී ලංකාවේ වල් වැදුනු නීතිය හා පොලිස් ත්‍රස්තවාදය.


කළුතර දිස්ත්‍රික්කයේපයාගල, දොන් බන්ධුවීර හෙවත් වසන්ත, 30 හැවිරිදි විවාහකබෞද්ධ  කම්කරු වෙකි.2013.01.11 වන දින ඔහු කුරුඳු තැලීමේ වැඩ සඳහා ගොස් සිටි අවස්ථාවේ සිය නිවසට පැමිණි  පයාගල පොලීසියේ නිලධාරීන් පිරිසක්ගෙදර බඩු මුට්ටු පරීක්ෂා කර ගොස් තිබූ බව දැනගන්නට ලැබී තිබේ. .2013.01.12 වන දිනද උදේ  පොලීසියෙන් ඔහු සොයා පැමිණ ඇති බව දැනගන්නට ලැබි තිබේ.


2013.01.15 වන දින උදේ නීතිඥ රජිව් පී. විතානගේ මහතා සමග ඔහු පයාගල පොලීසියට ගොස් තිබේ. නීතිඥ මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති පත්මකුමාර මහතාගෙන්ඔහුව සොයා ඇති බවත් කුමකටදැයි විමසාඔහුට විරුද්ධව චෝදනාවක් තිබේ නම් බාර දිය හැකි බව පවසා තිබේ.


එහිදී පත්මකුමාර නිලධාරියා, —මෙයාව අපට අවශ්‍ය නෑමෙයාව අවශ්‍ය නම් බව දැනුම් දෙන්නම් නිසා වහාම මෙයාවත් රැගෙන යන ලෙසට නීතිඥ වරයාට පවසා තිබේ. ඒ අනුව ඔහු නීතිඥ මහතා සමග පොලීසියෙන් පිටව තිබේ. 


එසේ එන අතර නීතිඥ මහතා කළුතර අධිකරණයට ගොස් ඇත. ඔහු නිතිඥ මහතා එනතෙක්බෝධිය ඉදිරිපිට අධිකරණය අසල බස් නැවතුමට යාමට එන අතර යමෙක් ඔහුලේ අතින් අල්ලාඋඹ දඟලන්න හදන්න එපාඅපි දොඩංගොඩ පොලිසියෙන්උඹට වරෙන්තුවක් තියෙනවා නේද කියමින් අත්අඩංගුවට ගෙන මාංචු දමා යතුරුපැදියේ වාඩිකරගෙන නගරසභා පිට්ටනිය දෙසට ගෙන ගොස් රඳවා තබාගෙන සිට ඉන් අනතුරුව පයාගල පොලිසියට ගෙන ගොස් තිබේ.


එසේ ගෙන යන අතර පයාගල පොලිසියේ පත්මකුමාර නමැති නිලධාරියා පැමිණඅසභය වචන කියමින් උඹ ලෝයර් කෙනෙක් අරගෙන ආවේ ගුටි කන්නේ නැතුව බේරෙන්නද කියා අසා ඇත.

ඉන්පසු මගේ ඔලූවට හෙල්මට් එකක් දමා ගෙන කළුතර දකුණ පොලීසියේ උඩ තට්ටුවට ගෙන ගොස් ඔහු ඇඳ සිටි ෂර්ට් එක ගලවා මුහුණ ගැටගසා තිබේ. එයින් පසුව පත්මකුමාර නිලධාරියා හෙල්මට් එකට පහරදීඋඹව අත්අඩංගුවට ගත්තා කියලා කිසිම කෙනෙක් දන්නෙ නෑඋඹව අතුරුදහන් කරන්න වුණත් අපිට පුළුවන් බව පවසා ඇත. 

පසුව ඔහුව රෝහණ නැමති අයගේ නිවසට ගෙනගොස් ඔහුගේ අම්මාට පෙන්වා තිබේ. ඉන්පසුව පද්මකුමාර නිලධාරියා, —අපි මෙයාට ගිහිල්ලා සලකන්නම්සළකලා අහගන්නම්මුව එල්ලන්න අතුර බඳින කඹයක් දෙන්න කියා නිවැසියන් ගෙන් ඉල්ලා ඇත.

එයින් පසුව ඔහුව පයාගල පොලිසියේ උඩ තට්ටුවට රැගෙන ගොස් බිම වාඩි කරවා පත්මකුමාර නිලධාරියා ඔහුගේ කකුල් උඩ නැග, —උඹ ඇත්ත කියපන්චේන් එක ගත්තා නේද? කියා ප්‍රශ්ණ කර තිබේ.


ඉන් පසුව ඔහුව නිරුවත් කොට අත්දෙකට මාංචු දමා කඹයක් ගැටගසා වහළේ බාල්කයේ එල්ලා හෝස් බටයකින් පහර දි තිබේ. එයින් පසුව කකුල් දෙක කඹයකින් ගැටගසා එල්ලා පහර දි තිබේ.  එසේ පහරදෙන අතර කොච්චි කටට දමා ඇත.

2013.01.17 වන දින දහවල් උසාවියට යන්න ලෑස්ති වෙයල්ලා කියා ඔහුට පෙර අත් අඩංගුවට ගෙන වධදී තිබු ජුඩ් නැමැති අයවද නාගොඩ මහ රෝහලට ගෙනගොස් තිබේ. රොහලට රැගෙන යන විට උඹලාව දැන් ඉස්පිරිතාලෙට ගෙනියනවාගහපු විත්තිය කියන්න එපාතුවාල වෙලා තියෙන්නේ මොනවා වෙලාද කියලා ඇහුවොත් වැටිලා කියපල්ලාහැබැයි ගහපු විත්තිය කිව්වොත් එහෙම උඹලාව බෝම්බයක් දාලා ඇතුළට යවනවාඋඹලාට ඛෙහෙත් ගන්න ඕන්නම් ප්‍රයිවට් දාලා දෙන්නම්ඉස්පිරිතාලෙන් ගන්න ඕනෙ නෑ යනුවෙන් තර්ජනය කර තබේ.

නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ඔවුන්ව රැගෙන ගිය පත්මකුමාර නිලධාරියා ප්‍රථමයෙන් වෛද්‍ය වරයාගේ කාමරයට ගොස් පැමිණඔවුන්ව වෛද්‍යවරයාට ඉදිරිපත් කර තිබේ. වෛද්‍යවරයා පොලීසියෙන් ගැහුවාදැයි විමසා ඇත. ඔවුන්, බියට නැතැයි ප්‍රකාශ කළ විට ජූඩ්ගේ අතේ තිබුණු තුවාල බලා මොනවා වෙලාද කියා වෛද්‍යවරයා අසා තිබේ. එවිට පොලිසිය දුන් උපදෙස් අනුව ඔහු වැටිලා යැයි කියා ඇත. වෛද්‍යවරයා ඔවුන්ව කිසිදු පරීක්ෂාවකට පත්නොකොට ආපසු පොලිසියට බාර දි තිබේ.

කළුතර හෝලි ක්‍රොස් විදුහල අසලදි ඔවුන්ට රෙදි දෙකක් දී ඔලූවේ ඉඳන් වහගන්න කියා මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගොස් මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට රැගෙන ගොස් ඉදිරි පත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


එයින් අනතුරුව බන්ධනාගාරයට රැගෙන ගිය අතර බන්ධනාගාරයට ඇතුළත් කිරීමේදී එහි නිලධාරියෙකුපොල්ලකින් ඔවුන්ට පහර දී තිබේ.


2013.01.30 වන දින ඔවුන්ව පෙරට්ටුව සඳහා අධිකරණයට ඉදිරිපත් කළද  සාක්ෂිකරුවන් කැඳවා නොතිබු හෙයින් ඔහුව හා ජූඩ්ව 2013.02.12 වන දින දක්වා නැවත බන්ධනාගාර ගතකරනු ලැබිය.

පයාගල රෝහණ නැමැත්තා හා ඔහුගේ මව පොලිසියේ අනුග්‍රහය යටතේ බලපත්‍ර රහිතව අරක්කු විකුණන ලබන්නෝ වෙති. අරක්කු මිළයට ගැනිමේ මුවාවෙන් පැමිණි‚ දෙදෙනෙක් මවගේ ගෙලේ බැඳ තිබු රන් මාලය කඩාගෙන ගොස් ඇත.


මෙම අපරාධය සම්බන්ධයෙන් වසන්තව හා ජුඩ්ව අධිකරණයට ඉදිරිපත් කළේය. ජුඩ්ව අත්අඩංගුවට ගත්තේ 2013 ජනවාරි 11 වන දිනය. වසන්ත නිතිඥයකු සමග පොලිසියට ගියද ඔහුව බාර ගත්තේ නැත. පොලිසියෙන් පිටව ටික වේලාවකින් අත්අඩංගුවට ගත්තේය. නීතිඥවරයා සිද්ධිය අදාලව දිව්රුම් ප්‍රකාශයක් ලබාදී තිබේ.

දින දෙකක් රඳවා තබාගෙන වධ දෙන ලදි. මෙම කාලය තුල මොහු හා ජූඩ් පිළිබඳව මානව හිමිකම් කොමිසම කළ විමසිම් වලදී පොලිසියේ පිළිතුර වි ඇත්තේ එවන් පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නැති බවයි. මානව හිමිකම් කොමිසමේ ඒ සම්බන්ධයෙන් සටහන් යොදා තිබේ.

නාගොඩ මහා රොහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයෙක් සමග එකඟතාවයක් ඇති කරගෙන පරික්ෂා නොකර ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම. මෙම වෛද්‍යවරයා  සිය වෘත්තිය ආචාර ධර්ම පොලිසියේ මෘග ක්‍රියා වසන් කරන්නට පාවා දි තිබේ.

පොලිසියේ බසට පමණක් සවන් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට කරුණු දක්වන්නට අවස්ථා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කළේය. මේ නිසා පයාගල පොලීසියට සිය නීති විරෝධි ක්‍රියාවන් නීත්‍යානුකූල කරන්නට වරම් ලැබින.

පොලිසිය නියම කළ දිනය පෙරට්ටුව පැවැත්විම වලක්වා කල් ගත්තේය. එමගින් පොලිසියේ තම අපරාධය වසන් කර ගැනිමට කල් ලබා ගැනිමය.

මේ අනුව වසන්තට දින 28ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නට සිදුවිය. පොලිසියේ අවශ්‍යතාවය වධහිංසාවල තුවාල මැකෙනකන් නිදහස්වීම වැළැක්වීම.


බන්ධනාගාරයට ඇතුලත් කිරිමේදි වෛද්‍ය පරික්ෂණයකට භාජනය කළේ නැත. ප්‍රතිකාර ලබාදුන්නේ නැත. සිදුවූයේ නියාමකවරුන් ගෙන් පහර කෑමටය.රන් මාලයක් කඩා ගැනීම වසන්තට හා ජුඩ්ට ඉදිරිපත් කර ඇති චෝදනාවයි.


කඩා ගත්තා යයි කියන මාලයට සමාන ඉමිටේෂන් මාලයක්මාලය අයිති කරු ලවා සාදවාගෙන අධිකරණයට ඉදිරිපත් කරවීම පයාගල පොලිසියේ උත්සහය වී ඇත.


මෙම සිද්ධිය අධ්‍යයනය කළහොත් පොලිස් වධහිංසා වැළැක්වීමට නොහැකිවී ඇත්තේ මන්දවළක්වන්නට සැබෑ ඔනෑකමක් තිබේ නම් කළයුත්තේ කුමක්ද යන්න තීරණය කිරිමට කිසිදු බධාවක් නොමැත. 


එපමණක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ පවතින ශ්‍රී ලංකා පොලීසිය රට පුරා දියත් කර තිඛෙන ත්‍රස්තවාදය මොනවට පැහැදිලි කෙරන ඉහත සිද්ධිය තවමත් පොලිසියට ටියුෂන් දෙන්නට අති විශාල මුදලක් වියදම් කරන හා එදත් අදත් මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කරනන් හා එක්ව යහ පාලනය ගැන දොඩවමින් තම තමන් ගේ මානව හිමිකම් රැක ගැනීමේ නියැලෙන ආරක්ෂකයින් හඳුනා ගැනීමටද මෙම සිද්ධිය පිටු වහලක් වනු නොඅනුමානය.



No comments:

Post a Comment