Thursday, March 28, 2013

චින්තනය රජ කරවන්න පෙළපතේ අයෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කරයි.


ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකා පොලිසිය බාර ඇමතිවරයාය. පොලිසිය ක්‍රියා කරන්නේ අසරණයින් තලා පෙලා සූරා කෑමටය.
නුදුලාවතී පණස් හතර හැවිරිදි සිව්දරු මවකි. බෙන්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදයංග ඇතුලු පිරිසක් 2013.02.24 වන දින ඇයව සොයාගෙන නිවසට ගියේ - ඇයට එරෙහිව වරෙන්තුවක් ඇති බව පවසමින්ය.
නිවසේ නොසිටි ඇය පසුදින උදේ 8.00ට ඇය බෙන්තොට පොලිසියට ගියේය.
එදින උපපොලිස් පරීක්ෂක උදයංග නැමැති නිලධාරියා ඇයට අමු කුණුහරපයෙන් බැණ වදිමින්, අපහාස කරමින්, අත්අඩංගුවට ගෙන සවස 3.00ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ගෙන යන ලදි.
එසේ ගෙනයන අතර, බූරුවා ගැසූ බවට පිළිගන්නා ලෙසට ඇයට බලකර ඇත. එය ප්‍රතික්ෂේල කල ඇය තමාට වරෙන්තුවක් නැති බව තරයේ කියා සිටියේය.
එමෙන්ම, ඒ බව ඇය මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කළේය. මහේස්ත්‍රාත්වරයා, ඇයව පොලිසියට ගෙන ගොස් මුදා හැරීමට නියම කල බව ඇය කියා සිටී.
එතැනින් ඇයව පොලිසියට ගෙනවිත් රු.50,000/=කඇපයකට යටත් කොට, මුදා හැරිය බවද පවසා සිටී. එයින් අනතුරුව - පසුදින එනම් 2013.02.25 දින ඇය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.
ඒ අවස්ථාවේ ඉදිරිපත්වූ බෙන්තොට පොලිසියේ පො.ප. අශෝක නැමැති නිලධාරියා ප්‍රකාශ කළේ, අදාල නඩු වාර්තාවට අනුව, ඇපකාරියක් යන වැරදි වැටහීමකින් අත්අඩංගුවට ගෙන වැ.බ.මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කල බවයි. ඒ අනුව ඇයව මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ජනාධිපති රාජපක්ෂගේ සෘජු පාලනය යටතේ පවතින පොලිසිය සිදුකරන මෙවන් නීති විරෝධී ක්‍රියාවන් වැලැක්වීමට නොව, දිරි දීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කරන්නේ - මෙම ක්‍රියාවන් මගින් රටේ මානව හිමිකම් තත්වය වර්ධනය වී ඇති බව හුවා දක්වමින්ය.
අදාල නඩු වාර්තාවට අනුව, බූරුවා ගැසීමේ චෝදනාව යටතේ පුද්ගලයින් හය දෙනෙකුට විරුද්ධව 2006 අගෝස්තු 01 දින පවරා ඇති නඩුවකි.
එම නඩුවේ තුන්වෙනි චූදිත ලෙසට නම් කර ඇති පුද්ගලයාගේ නම නැත. ඇත්තේ පෙළපත් නාමය පමණකි.
පෙළපත් නාමයෙන් - සදහන් චූදිතයා අධිකරණයට ඉදිරිපත් වී නැත. ඔහුට හෝ ඇයට නිකුත් කල විවෘත වරෙන්තුවක් තිබේ.
පෙළපත් නාමයෙන් - බූරු ගැසූ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නට වසර හතක් තිස්සේ දගලන බෙන්තොට පොලිසිය, පෙළපත් නාමය අයත් පවුලකින් කෙනෙකු අල්ලා - අධිකරණයට ඉදිරිපත් කර, දඩයක් ගස්සවා, නඩුවේ බරින් නිදහස්වීමට ගත් නින්දිත උත්සාහයකි මේ.
මෙය අහඹු දෙයක් නොවේ. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමය පරිදි - රට පුරා විසිරී සිටින වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කල යුතුව ඇත. ඒ සදහා කවරෙකුවුවත් කමක් නැත.වරෙන්තුවට අදාල නැති වෙනත් පුද්ගලයින් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීම අද පොලිසියේ රාජකාරිය වී තිබේ.
මේ එයට කදිම නිදසුනකි.
රටේ අති බහුතරය, නුදුලාවතී මහත්මිය මෙන්ම, තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන තෙක්, රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාපටිපාටිය, නීතියේ කඩාවැටීම, තේරුම්ගෙන සිටියේ නැත.

No comments:

Post a Comment