Thursday, March 7, 2013

පවුල් ගසේ සෙවන ලබන ආශ්චර්යමත් ගුරුවරියක්


එකම ජාතික හැඳුනුම්පත් අංකය යටතේ, නම් දෙකකින් පෙනී සිටින ඇය ගුරුවරියක්. ඒ අනාගත පරපුරට අධ්‍යාපනය හා ආදර්ශයක් ලබා දෙන්නට යයි කියති.

මෑතක් වන තුරු පු/පහරිය විජය රාජ විදුහලේ ගුරුවරියක් වූ, පෙරමුණගේ කුසුම් විජේසිංහ නම් ඇයගේ, ජාතික හැඳුනුම්පත් අංකය -   817640796 V වේ.

ඇය එම අංකය යටතේම පෙරමුණගේ දිව්‍යා දිලිනි විජේසිංහ නමින්ද පෙනී සිටී. මෙම ආශ්චර්යමත් ගුරුවරිය -   තම සමගාමී හැඳුනුම්පත උපයෝගී කරගෙන පුත්තලම මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගෙන ඇත.

ඒ සඳහා ඇය විසින් එම බැංකු ණය ලබාගෙන ඇත්තේ ව්‍යාජ වැටුප් විස්තර ඉදිරිපත් කර මින්ය.

නමුත්  පෙරමුණගේ දිව්‍යා දිලිනි විජෙසිංහ නමින් ගුරැවරියක්, පු/ පහරිය විජයරාජ විදුහලේ තියා ශ්‍රි ලංකාවේද නැත. මේ සියලු ලේඛන -  කූඨ ලෙස සකස් කරන ලද ඒවා බව -  එම විදුහලේ හිටපු විදුහල්පති සුසිල් ජයවීර, වයඹ අධයාපන බලධාරීන්ට හා පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය අදාල සිද්ධිය පිලිබඳව ‘බී‘ වාර්ථාවක් පුත්තලම මහෙහ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇතත්, මේ දක්වා ඇයව අත්අඩංගුවට ගෙන හෝ අධිකරණයට හෝ ඉදිරිපත් කර නැත.

පුත්තලම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බංඩාර, මැයගේ ආරක්ෂකයෙක් බවට චෝදනා කරන විදුහල්පති සුනිල් ජයවීර -   දූෂණ වංචාව හෙලි කළ තමාට, මෙම අධ්‍යක්ෂකවරයා, අඩම්තේට්ටම් කරන බවද කියා සිටී.

වාර්ථාවන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පවුල් ගසට සම්බන්ධ මෙම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා නීතියට ඉහළින් සිටින පුද්ගලයින් අතර තවත් කෙනෙකි.  

No comments:

Post a Comment