Wednesday, March 6, 2013

වධහිංසාවට ලක්වූවන්ට බලපෑම් කිරීමට - වධකයින්ට අවස්ථාව


2013.03.04 රාත්‍රී 10ට පමණ දවසේ වැඩ නිම කර නිවස බලා එමින් සිටි තමාට, වැඩ බිමේ අටදෙනෙකු ඉදිරිපිට උඹ මට විරුද්ධව නඩුදාලා තියෙනවා , මම බලාගන්නම්, මම ඉන්නෙත් මෙහේ කියා තර්ජණය කිරීම -සම්බන්ධයන් තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති නාලකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා තමාට ආරක්ෂාව සලසන ලෙසට - සුරංග, වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.
2011.08.23 ව දින, තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති නාලක ඇතුලු නිලධාරින් පස්දෙනෙකු - සුරංගව වධහිංසාවට, කෘෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට භාජනය කරනු ලැබීය.
සුරංග, මේ හා සම්බන්ධයෙන් පැවරූ මූලිකඅයිතිවාසිකම් නඩුව විභාගය මැයි මසට නියම කර ඇත.
එසේ තිබියදීත්, ස්ථානාධීපති ඇතුලු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල හා නීතිමය පියවර ගැනීමට පොලිස්පති හා නීතිපති අපොහොසත්ව තිබේ.
මෙම තත්වය තුල වධහිංසාට පත්වූවන්ට බලපෑම් කිරීමට වධකයින්ට හැකියාව ලබා දී තිබේ.මේ අතර සුරංග, තම රියදුරු බලපත්‍රය නැතිවීම අදාල පැමිණිල්ල කිරීම සදහා තෙලිකඩ පොලිසියට ගිය දින දෙකේදීම, එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ

No comments:

Post a Comment