Tuesday, March 12, 2013

පොල් හොරු හා පොලිස් හොරු

පොල් හොරු අල්ලන්න මෙහෙයුමක් දියත් කළ -    වාද්දූව පොලීසියේ අපරාධ අංශය, අල්ලපු වත්තේ වසා තිබූ නිවස නීති විරෝධිව බලය යොදා විවෘත කොට, ගෙදර සියලුම බඩු මුට්ටු අවුස්සා, සී සී කඩ විසුරුවා -   පොල් සොයා ඇත. සොරගෙන ඇති බව කියන පොල්වල සංඛ්‍යාව 150කි.

55  හැවිරිදි  වැන්දඹුවක් වන හේවාගේ කුසුමාවතී දාබරේ, නිවෙස් වල බැල මෙහෙවර කර එදා වේල හම්බු කරගෙන් ජිවත්වන්නියකි.
2013.03.09 වන දින, ඇය සුපුරුදු පරිදි උදේ 7.00 ට නිවසින් පිටවිය. පෙදරේරුවකු වන ඇයගේ පුතා සුපුරුදු පරිදි ගෙදරින් පිට වුනේ උදේ 5.30 ටයි.
ඇය ඉවුම් පිහුම් කරන වාද්දූවේ නිවසට, පස්වරු 3.00 ට පමණ පැමිණි වාද්දූව පොලීසියේ අපරාධ අංශයේ ලලිත් නමැති නිලධාරියා හා තවත් නිලධාරියෙක්, කට උත්තරයක් ගන්න යැයි පවසා, පොලීසියට ගෙන යෑමට උත්සාහ ගන්නා ලදි.
ඇය එය ප්‍රතික්ෂේප කොට, නිවසේ ඉවුම් පිහුම් නිමකොට, සවස 5.00 ට පොලීසියට එන බව ඔවුන්ට දැන්නුවේය. ඒ අනුව ඇය සවස 5.00 ට පොලීසියට ගියේය.
එහිදී අල්ලපු වත්තේ ගෙදර හොරෙන් කඩන ලද පොල් පිලිබදව ඇගෙන් විමසා පිටත් කර ඇත.නිවසට ගිය පසුව පොල් සොරු කඩා ගත් බව කියන අල්ලපු ගෙදර  හැරිසන් කුරේ යන අයගේ දියණිය වන ලතා මානෙල් කුරේ සමග පොලීසිය පැමිණ, නීති විරෝධිව නිවසට බලයෙන් ඇතුලුව ගේ සෝදිසි කොට ගිය බව ප්‍රකාශ කර ඇත.
හැරිසන් කුරේ සහ ලතා මානෙල් කුරේ යන අයගේ අවශ්‍යතාවයට මෙසේ වාද්දූව පොලීසියේ ලලිත් නැමති නිලධාරීයා සහ තවත් නිලධාරියෙක් තම නිවසට බලෙන් ඇතුලුව පොල් සොයන්නට කියා -   ගෙදර සියලු බඩු මුට්ටු අවුස්සා, සී සී කඩ විසුරුවා නිවසේ තිබූ රු. 10000 ⁄=  ක මුදලක් ද රැගෙන ගොස් ඇති බව ඇය -  ලිඛිතව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment