Monday, May 13, 2013

නිවාස 03ක් විනාශ කල බොදු බලයෝ තවමත් නිදැල්ලේ


2013නිදහස් දින, බොදුබල සේනාවේ චීවරධාරීන් ඇතුලු පිරිසක් විසින් තම නිවස සහ තම පවුලේ අයට අයත් නිවාස දෙකක් විනාශකර දැමීම සම්බන්ධයෙන් මේ දක්වාම නීතිමය පියවර ගැනීමට පොලිසිය අසමත්වී තිබේ.
2013 පෙබරවාරි 03 වන දින එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්ථානයේ මැටිගහතැන්නේ විමලවංශ හිමිගේ ඝාතනය මූලික කරගෙන මෙම නිවාස විනාශකර දමන ලදි.
මේ සම්බන්ධයෙන් ඝාතන සැකකරුවකුවූ - නිදහස් දින අලුයම හිසට වෙඩි තබා මහමග මරා දමා තිබුන  රන්දිම නුවන්රත්න ප්‍රනාන්දුගේ මව වන මැටිල්ඩා පෙරේරා - මොරටුව පොලිස් ස්ථානාධිපතිට, මානව හිමිකම් කොමිෂමට, නීතිපතිට හා පොලිස්පතිට පැමිණිලි කරනු ලැබීය.
මානව හිමිකම් කොමිෂම මේ දක්වාම එකී පැමිණිල්ල ලියාපදිංචි කිරීමටවත් පියවර ගෙන නොමැත. විනාශ කරන දමන ලද නිවාස වල ජායාරූප කිහිපයක් පහත දැක්වේ.

No comments:

Post a Comment