Monday, May 20, 2013

ස්ව කැමැත්තෙන් අතුරුදහන්ව සිටින - හිටපු පොලිස් පරීක්ෂකට එරෙහිව, චෝදනා තුනක් යටතේ නඩු පැවරීමට නීතිපති පියවර ගනී.


ලසන්ත ජගත් කුමාර, නීති විරෝධීව රදවා තබාගෙන, වධහිංසා පමුණුවා, මරණයට පත් කිරීම සම්බන්ධයන්, පයාගල පොලිස් ස්ථානයේ හිටපු, අපරාධ අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික්‍රමරත්නට එරෙහිව, කලුතර මහාධීකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
2013 පෙබරවාරි මස 06 දාතමින්, අංක 570/2013 යටතේ මෙම නඩුව පවරා තිබේ.
මොහුට විරුද්ධව - 2000 ජූනි 12 සිට 2000 ජූනි 17 දක්වා දින 05ක කාලයක් අයුතු සිරකර තැබීම සම්බන්ධයෙන් - දණෟඩ නීති සංග්‍රයේ 333 වගන්තිය යටතේද,
එකී කාල පරිච්ජේදය තුල ඔහුගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ සහ,
එකී කාලය තුල පොලිස් ස්ථානයේදී ඔහුට පහරදී වධ දීමෙන් 1994 අංක 22 දරණ වධදීමට සහ අනෙකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම්මලට එරෙහි සම්මුති පනතේ 2(1) සහා 2(4) වගන්ති යටතේ,
                                                                                       නඩු පවරා තිබේ.
පළමුj 2002  වසරේදි, පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික්‍රමරත්නට එරෙහි, ලසන්ත ජගත් කුමාර ගේ මරණය සිදු කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා, ලඝු නොවන නඩුවක් කලුතර මහේස්ත්‍රාත් අධීකරණයේ පවරන ලදි.
ඒ අවස්ථාවේ චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශකල පො.ප.වික්‍රමරත්න, රක්ෂිත බන්ධණාගාරගත කලද, ක්ෂණයෙන් ඔහු අසනීප වීම නිසා රෝහල්ගත කිරිමට බන්ධනාගාරයට සිදුවිය. ඔහු ඇප ලැබෙන තෙක් සිටියේ රෝහලේය.
දින දෙකක් තුනක් ඇතුලත, ඇප ඉල්ලීම් මහාධිකරණයට ඉදිරිපත්කර, ඇප ලබා ගැනීමටද ඔහු සමත් විය. ඔහුට නියම කළ ඇපය වූයේ රුපියල් පන්දහසක(රු.5000/=) මුදල් ඇපයක් සහ රුපියල් පන්දහස (රු.5000/=) බැගින් වූ ශරීර ඇප දෙකකි.
ශරීර ඇප කරුවන් වශයෙන් ඔහුගේ බිරිද හා පොලිස් නිලධාරියෙකු ඉදිරිපත් විය.මෙම ඇප කොන්දේසියට එරෙහිව මහාධීකරණයට විශේෂ ඉල්ලීමක් කරමින් කරුණු දැක්වූ නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා, ඒ වන වි‍ෙටකත් මෙවන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් ගණනාවක් රට හැර ගොස් ඇති බව පෙන්වාදී, ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා ලෙසට ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ලඝු නොවන නඩු විභාගය අතරතුර දී පො.ප.වික්‍රමරත්න ස්ව කැමැත්තෙන් අතුරුදහන් විය. ඔහුගේ බිරිද පො.ප.වික්‍රමරත්න අතුරුදහන්ව ඇති බවට කලුතර පොලිසියට පැමිණිල්ලක්ද කරනු ලැබීය.
අධිකරණ‍ෙය් තැන්පත් කල මුදල් ඇපය - රු.5000/= රාජසන්තක කල අතර, ශරීර ඇපයට අත්සන් කළ දෙදෙනාගෙන් රු.5000/= බැගින් අය කරනු ලැබීය.
ලඝු නොවන නඩු විභාගය චූදිත නොමැතිව පවත්වාගෙන ගොස්, මහාධිකරණයට නඩුව ඉදිරිපත් කිරීම සදහා - ගොනුව නීතිපතිවරයාට ඉදිරිපත් කළේය. ඒ 2006 අගොස්තු මසය.
ඒ අනුව - ඉහත දැක්වූ පරිදි චෝදන තුනක් යටතේ - හිටපු පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික්‍රමරත්නට එරෙහිව නීතිපති කලුතර මහාධිකරණයේ නඩු පවරා තිබේ. දැනට පවතින තත්වය යටතේ මෙම නඩු චූදිත නැතිව විභාගයට ගතයුතුව තිබේ.
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීත විරෝධී රදවා තබා ගැනීම, වධ හිංසා පැමිණවීම, බොරු නඩු දැමීම, මරණයට පත් කිරිම සම්බන්ධයෙන් පමණක් නොව, ව්‍යාජ තොරතුරු අන්තරගත අධිකරණ වෛද්‍ය වාර්තා නිකුත් කිරිම, බන්ධණාගාර නොසැලකිල්ල, පොලිස් ස්ථානාධිපතිගේ වගකීම, පිළීබදව- නීතිමය තත්වයන් පැහැදිලි කෙරෙන නඩු කිහිපයකට මූලික වූද-
ජීවත්වීමේ අයිතිය සහතික කල, මිය ගිය තැනැත්තා වෙනුවෙන් ඥාතියෙකුට ඉදිරිපත්වීම සහතික කල ඓතිහාසික නඩු තීන්දුවකට - පාදක වූ සිද්ධීයකි, ලසන්ත ජගත් කුමාරගේ මරණය.
ශ්‍රියානි එරෙහිව ඉද්දමල්ගොඩ නම්වු මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ - තීන්දුව මගින්,
1.     ජීවත්වීම මූලික අයිතියක් බවද,
2.     මිය ගිය තැනැත්තෙකු වෙනුවෙන් ඔහුගේ ඥාතියෙකුට නඩු පැවරීමට අයිතියක් ඇති බවද,
3.     පොලිස් ස්ථානයේ සියලු සිදුවීම් වලට ස්ථානාධීපති වගකිය යුතු බවද තීන්දු කල අතර,
වන්දි වශයෙන් බිරිදට හා දරුවාට රුපිවල් ලක්ෂ අටක් නියම කළේය.
එයින් නඅතුරුව ව්‍යාජ අධීකරණ වාර්තාව ලබාදීම සම්බන්ධයෙන්එවකට අධීකරණ වෛද්‍ය නිලධාරියෙකුව සිටි වෛද්‍ය පියසෝමට එරෙහිවශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය හමුවේ පැවරු නඩුවේ තීන්දුව, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සදහා වූ ඓතිහාසික තීන්දුවක් විය.
වසර තුනක කාලයකට වෛද්‍ය වෘතිය තහනමට ලක්වූ වෛද්‍ය පියසෝමද - මේ වනවිට ස්ව කැමැත්තෙන් අතුරුදහන්ව තිබේ.
වසර 13ක් ගතව තිබෙන මෙම සිද්ධිය අදාලව, තවමත් වෛද්‍ය පියසෝමට, බන්ධනාගාර දෙපාර්ථමේන්තුවට එරෙහිව වන්දි නඩු පැවැත්වෙන අතර, මෙම නඩුව, තවත් වසර කිහිපයක් පැවැත්වෙනු ඇත.
ශ්‍රි ලංකාවේ යුක්තිය පසදලීම සම්බන්ධ ක්‍රියාදාමයේ පැතිකඩ කිහිපයක් විමර්ශණයට ලක් කිරීමට මෙම සිද්ධිය උපයෝගී වේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යුක්තිය පසදලීමේ ක්‍රියා පිළිවෙතේ තිබෙන්නාවූ අවිනිශ්චිත බව - පෙන්නුම් කරන්නාවූද, දූෂණ අක්‍රමිකතා හා නීතිය මත පාලනයක ප්‍රධාන අංශ වන - අධීකරණය, පොලිසිය, බන්ධණාගාර, නීතිපති ඇතුලු අංශවල ක්‍රියාකාරීත්වය විග්‍රහයකට, මෙය ඉතා සුදුසු, එක් සිද්ධියක්, එක් නඩුවක් පමණක් බවද අවධාරණය කරමු.

No comments:

Post a Comment