Thursday, May 23, 2013

මාතලේ සමූහ මිනී වල සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ මාරුව.


මාතලේ සමූහ මිනී වල අදාල පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ලබන අතර, එය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මාරු කිරීම නිසා අඩාල වන්නේ නැත.
මෙම කටයුත්තේ වගකීම බාරව කටයුතු කළ, විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා, වාර්ෂික ස්ථාන මාරු ක්‍රමය යටතේ ඔහු අපේක්ෂා කළ, කුරුණෑගල ශීක්ෂණ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙසට ස්ථාන මාරුව ලැබ, එහි සේවය ආරම්භ කර ඇත.
ඔහුගේ ස්ථාන මාරුව හා මාතලේ දිසා මහ රෝහල් භූමියේ හමුවූ සමූහ මිනී වල පිළිබව පර්යේෂණ අතර කිසිදු සම්බන්ධයක් නොමැත.
ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍යවරයෙකු මාරු කළද, ඔහු විසින් ආරම්භ කරන ලද පර්යේෂණ කටයුත්තක් අනුප්‍රාප්තියෙකුට පැවරෙන්නේ නැත. එය නීතිමය තත්වයයි.
ඉදිරියටත් මාතලේ සමූහ මිනී වල හා පර්යේෂණ කටයුතු, සොයා ගැනීම්, අධිකරණමය වගකීම දරන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතාය.
සත්‍ය කරුණු දැන හෝ නොදැන තම අභිමතයන්ට වාසි ගැනීමේ අදහසින් -  කරුණු විකෘති කර දැක්වීම  හිතා මතාම සිදු කරන ශ්‍රී ලංකා මාධ්‍යය -  මෙම කරුණු තම පාඨකයින්ව හිතා මතා නොමග යවන බවට තවත් එක් උදාහරණයකි.
සමූහ මිනී වලෙන් මතු වූ මිනිස් ඇට සැකිලි -  නාදුනන අයගේ බවට ලේබල් ගසා, ආණ්ඩුවට බැල මෙහෙවර කරන ආචාර්ය මහාචාර්යවරු මෙන්ම, මෙවන් සිද්ධියක් අලෙවි කර ගැනීමට තමන්ට නොලැබීම ගැන පශ්චත්චාප වන්නන්ට හා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ ගන්නා පිරිසට  අද මාධ්‍යයද එකතු වී ඇත.

No comments:

Post a Comment