Thursday, May 23, 2013

ඇඹිලිපිටිය පොලිසිය, උදේනිගේ පවුලම බොරු නඩුවකට පටලවන්න අමුඩ ගසයි.


2013 මැයි 17 සහ 21 දින ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් උදේනිගේ නිවසට කඩාවැදී ගංජා සොයා ගොස් තිබේ.
17 වන දින, පොලිස් පරීක්ෂකයෙකු ප්‍රමුඛ නිලධාරීන් හතර දෙනෙක්ද, 21 වන දින නිලධාරීන් දෙන්නෙක්ද පැමිණ - උදේනි,ඇයගේ පියා හා මව භියට පත්කරමින්, නිවසේ බඩුබාහිරාදිය ඇද විසුරුවා තිබේ.
ගංජා තිබෙන බවට ලැබූ ඔත්තුවක් මත පැමිණි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. මෙසේ උදේනි හෝ පවුල අසීරු තත්වයට පත් කිරීමට ඇඹීලිපිටිය පොලිසියට අවශ්‍යව ඇත්තේ, එම පොලිසියේ කාත්නා පොලිස් සැරයන් සීතා රංජනී හා තවත් නිලධාරීවරයෙකුට එරෙහිව උදේනි විසින් මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කිරීම නිසාය.
උදේනිට හා දරුවාට දැඩි ශාරීරික හා මානසික වධයට පත්කල තම සැමියාට එරෙහිව - පැමිණිල්ලක් කිරීමට ඇඹිලිපිටිය පොලිසියට ගියේ යුක්තිය අපේක්ෂාවෙනි. පොලිසිය හා අයුතු සම්බන්ධයක් පවත්වන ඇගේ සැමියා, කාන්තා හා ළමා අංශය භාර කා.පො.සැ.සීතා සමග එක්ව, පැමිණිල්ල විත්තිකරු කරමින් නඩුවක් පැවරුවේය. 
දැනට දැඩි අපහසුතාවයට පත්ව සිටින, ඇඹිලිපිටිය පොලිසිය සූදානම්වන්නේ උදේනිගේ පවුල නඩත්තු කරන ඇගේ පියා වන තෝමස් මයාට එරෙහිව බොරු නඩුවක් ගොනු කොට ඔහුව රිමාන්ඩ් බාරයට පත් කිරීමටය.මෙය රාජපක්ෂ පාලනය යටතේ පවතින පොලිසිය - මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පැමිණිලි කිරීම වැලැක්වීමට උපයෝගී කරගන්නා උපාය මාර්ගයයි.

නඩුව හා අදාල සියලු විස්තර සදහා පිවිසෙන්න......


No comments:

Post a Comment