Thursday, May 2, 2013

මාත‍ලේ සමූහ මිනී වල - අධිකරණ‍යේ, පරීක්ෂණයට ජ.වි.‍පෙ. මැදිහත් ‍වෙනවලු.

මාතලේ ‍රෝහල් භූමි‍යෙන් හමු වූ මිනී වල හා සම්බන්ධ‍යෙන් මාතලේ ම‍‍හේස්ත්‍රාත් අධිකරණ‍යේ පැවැත්‍වෙන විභාගයට ජනතා විමුක්ති ‍පෙරමුණ තම ක්‍රියාකාරීන්  පාර්ශව කරුවන් ‍ලෙසට මැදිහත් කරවන බව ප්‍රකාශ කරයි.


ජනතා විමුක්ති ‍පෙරමු‍‍ණේ මධ්‍යම පළාත් සභා‍වේ හිටපු පළාත් සභා මංත්‍රීවර‍යෙකු වූ ගම‍ගෙදර දිසානායක ‍‍මේ බව අනාවරණය ක‍ළේය.

2013 මැයි 08 වන දින පැවැත්‍වෙන නඩු වාර‍යේදී, 88 – 89 – 90 අතුරුදහන් වූවන්‍ගේ ඥාතීන් දස ‍දෙ‍නෙකු පමණ සංවිධානාත්මකව, ‍මෙම නඩු‍වේ පාර්ශව කරුවන් බවට පත්වීමට අවසර පතන බවද ප්‍රකාශ කල ඔහු, ඒ සඳහා සිය නිතිඥවරුන් අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ ක‍ළේය.

මාත‍ලේ විජය විද්‍යාල‍යේ සහ විද්‍යා විද්‍යාල‍යේ ඉ‍ගෙනුම ලබමින් සිටිය සුසන්ත ජානක හා නිශාන්ත ‍රෝහණ තම පුතුන් ‍දෙන්නාව 1989.12.13 වන දින දවල් කට උත්තරයක් ගන්න යැයි පවසමින් හමුදාව රැ‍ගෙන ගිය බව පවසන, මාතලේ උකුවෙල වරක්කන්ද වත්‍‍තේ ‍කේ.ජී. කමලාවතී මහත්මිය, ඔවුන්ව විජය විදුහ‍ලේ පිහිටුවා තිබුන හමුදා කඳවුර ‍වෙත ‍ගෙන ගිය බව අවධාරණය කරයි.

එම කඳවු‍රේ තම පුතුන් ‍දෙන්නා සිටින බව නිල ‍නොවන ආරංචි මගින් දැන ගත් බවද, එක් අවස්ථාවක ඔවුන් බාර‍යේ සිටින දරුවන්‍ගේ නාම ‍ලේඛනයක් ඉදිරිපත් කළ බවත්, එහි තම පුතුන් ‍දෙන්නා‍ගේ නම් රතු ඉරකින් කපා දමා තිබූ බවත් ඇය ප්‍රකාශ කර සිටී.

මෙම කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සුදානම්ද නැද්ද යන්න  සම්බන්ධ‍යෙන් ඇය සෘජුව කිසිවක් ප්‍රකාශ කරන්‍නේ නැත.

මීට ‍පෙර සඳහන් කළ පරිදි, ‍මෙම සමූහ මිනී ව‍ලේ සිටින්‍නේ 88 -89 භීෂණ සම‍යේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් බව තර‍යේ විශ්වාස කරන ප්‍රදේශ වාසීන්, ජනතා විමුක්ති ‍පෙරමු‍ණේ ක්‍රියාකාරීන් ප්‍රදේශය තුල ‍ගෙන ගිය මිනිස් ඝාතන, භීෂණ ක්‍රියාවන්ට ප්‍රති උත්තර වශ‍යෙන් එවක ආණ්ඩුව, ‍පොලීසිය හා හමුදාව එක්ව දියත් කළ වටලා කරන ලද ‍සෝදිසි කිරීම් වලට හා අත්අඩංගුවට ගැනීම් වලට භාජනය වූ තරුණයින් කපා ‍කොටා මරා මහ මග ප්‍රදර්ශනය කළ අතර තව ‍කොටසක් වධකාගාර වල, වධ දී මරා මළ සිරුරු ‍මේ ආකාරයට සමූහ මිනී වලවල් වල වලලා දමන ලද බව ප්‍රකාශ කරන ලදි.

No comments:

Post a Comment