Thursday, May 2, 2013

මාත‍ලේ සමූහ මිනී වල 78 හැවිරිදි පි‍යෙක් තම පුතා ගැන කථා කරයි.

තිස් හැවිරිදි වි‍යේ සිටි සිය‍දෝරිස්ව ලග්ගල ‍‍පොලීසි‍යේ එවකට සිටි ස්ථානාධිපති අ‍බේරත්න, සැරයන් කුඩා බන්ඩා ප්‍රමුඛ පිරිසක්, 1989.12.19 දින, ‍හේ‍නේ සිටියදී අත් අඩංගුවට ‍ගෙන 32 ශ්‍රී 300 දරන ජීප් රථ‍යෙන් ‍ගෙන ගිය බවත් - එදා සිට අද දක්වාම ඔහු පිළිබඳ ‍තොරතුරක් නැති බව ප්‍රකාශ කරන්‍නේ -   කම්මල් කරු‍වෙකු වූ, ගුරු‍වෙල, දිවුල් ‍ගෙදර ආබරණ අප්පු මහතාය.

හැත්තෑ අටවන වි‍යේ පසුවන ආබරණ අප්පු මහතා -  එදා පටන් තම පුතාව ‍සෙවීමට ‍නොගත් උත්සාහයක් නැත. මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වූ නීතිඥවරුන්‍ගේ සංවිධානය සමග එක්ව ඔහු, ‍කොළඹ අභියාචනා අධිකරණ‍යේ ‍හෙබයාස් ‍කෝපුස් නඩුවක්ද පැවරු‍වේය. එම නඩුවට කුමක් වුනාද යන්න කීමට මතකයක් ‍හෝ දැනීමක් ඔහුට නැත.
තම පුතා අයුක්තිය ‍නොඉවසූ ‍කෙ‍නෙකු පමණක් බව ප්‍රකාශ කරන ආබරණ අප්පු මහතා, බිරිඳ මිය ගි‍යේ සිත් තැවුලින් බව ප්‍රකාශ කරයි.
යුක්තිය ඉටු කර ගැනීමට ති‍බෙන අධිෂ්ඨානය ඔහු අතැර නැත. නමුත් ඒ සඳහා කායික ශක්තිය හා මුල්‍යමය සම්පත් අද ඔහුට නැත.
කර්මය ‍කෙ‍රෙහි අන්ධ විශ්වාස‍යෙන් පසු වන ඔහු, අපරාධ කරන ලද අයට ‍මේ භව‍යේ නැතත් මතු භවයක පටිසන් ‍දෙනු ඇතැයි කියමින් සිත හදා ගැනීමට උත්සාහ ගනී.
මාත‍ලේ ‍රෝහල් භූමි‍‍යෙන් හමු වූ සමූහ මිනී ව‍ලේ තම පුතා‍ගේ සිරුරද ඇතැයි ඔහු විශ්වාස කරන්‍නේ -  ලග්ගල ප්‍රදේශ‍යේ ‍පොලීසිය හා හමුදාව අත්අඩංගුවට ගත් පුද්ගලයින් මාත‍ලේට ‍ගෙන ගිය බවට ලැබී තිබුන ආරංචිය නිසාය.

No comments:

Post a Comment