Thursday, May 30, 2013

එනකොට මිනිහා ගෙදර හිටියේ නැතිනම් ගෑණිව බඩකරනවා - පොලිස් ස්ථානාධිපති.

වාද්දුව පොලිසියේ උඩ තට්ටුවේ නිදන කාමරයට ගෙන ගොස් නිරුවත් කොට වධ දී මුදාහරිනු ලැබූ විසි අට හැවිරිදි සුරේෂ‍් කුමාර, වාද්දුවපොලිසියේ එම නීති විරෝධී ක්‍රියාවන්ට වගකිවයුතු ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නයි මානව හිමිකම් කොමිෂම, පොලිස්පති හා නීතිපතිගෙන් ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටී.
වාද්දුව පොලිස් වසමේ පදිංචි සුරේෂ් කුමාර ඉදිරිපත් කර තිබෙන එම ලිඛිත පැමිණිල්ලට අනුව 2013.05.25 දින පෙරවරු 10.45 ට පමණ නිවස බලා එමින් සිටි තමාව සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණ සිටි යතුරු පැදියේ මැද තබාගෙන පස්මං හංදිය ලෙසට හදුන්වනු ලබන ප්‍රදේශයේ පාලමක් අසලට ගෙනගොස් පහර දෙමින් ගට දමන බවට තර්ජනය කර තිබේ.

මසකට පමණ පෙර තල්පිටිය නම් ප්‍රදේශයේ නිවසක සිදුවූ සොරකමකට තමාව අත් අඩංගුවට ගෙන තොරතුරු විමසමින් තමාට පහර දුන් බව කියා සිටින ඔහු, එයින් අනතුරුව වාද්දුව පොලිස් ස්ථානයට ගෙනවිත් එහි උඩු මහලේ නිලධාරීන්ගේ නිදන කාමරයට ගෙන ගොස් නිරුවත් කොට අත් බැද අතින් පයින් පහරදී දහඩිය වැක්කෙරෙන පොල්ලකින් යටි පතුල් වලට පහර දුන් බවත්, කෑගැසීමට බැරිවන පරිදි එක් නිලධාරියෙක් ඔහුගේ හිස දණහිස් දෙක අතර හිර කර තබාගෙන තිබේ.

පහර දීම නවතා බැද තිබූ අත් ලිහා දැමීමෙන් අනතුරුව පුද්ගලික තොරතුරු විමසන අතර, තමා බිරිද සමග  දිනකට සංසර්ගයේ යෙදෙන වාර ඇතුලු දැඩි අපහසුතාවයට පත් කරවන ප්‍රශ්ණ ඇසූ බවද තමා පිලිතුරු නොදී නිශ්ෂබ්දව සිටි බවද ඔහු කියා සිටී.

පසු දින (26දා) දහවල් 1.30 ට පමණ මුදාහරින බව ප්‍රකාශ කොට ඔහුගේ සොහොයුරාගෙන් අදාල ප්‍රකාශ ගත්තද එදින මුදාහැර නැත. එදින රාත්‍රී 7.00ට පමණ, සිල්වා මහත්තයා ලෙසට පොලිසියේ සෙසු අය හදුන්වනු ලැබූ නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයෙන් පිංතූර ගෙන පිටුපස කාමරයකට ගෙන ගොස් එහි තිබූ මේසයක් ලග පුටුවක වාඩි කර, මේස කකුලට සුරේෂ්ගේ කකුල තියා මාංචු දමා අතින් පහර දෙමින් යලිත් සොරකම් කල බඩු ඉල්ලමින් පහරදී තිබේ.

එදින රාත්‍රියේ ඔහුගේ බිරිවද වාද්දුව පොලිසියේ උඩතට්ටුවට ගෙන ගොස් ප්‍රශ්ණ කර තිබේ. එසේ ප්‍රශ්ණ කරන අවස්ථාවේ ඇයට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.
මෙම සිද්ධියට පෙර එනම් 2013 මැයි මස 11 දින, මැදියම් රාත්‍රියේදී පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට වැඩි පිරිසක් ඔහුගේ නිවස වට කර, පොලිසියෙන් දොර ඇරපන් කියමින් දොරට තට්ටු කර තිබේ. දොර ඇරගෙන එළියට එනකොට, "මම වාද්දුව පොලිසියේ ඕ.අයි.සී" කියා සිවිල් ඇදුමින්, බෙල්ලට කොලරයක් දමා තිබූ අය පවසා, ඔහුගෙන් තොරතුරු විමසා  පසුදින පොලිසියට පැමිණෙන ලෙසට අණ කර ගොස් තිබේ‍.

අණ පරිදි පසු දින එනම් 2013.05.11 සවස 4.30 පමණ, ඔහු බිරි සමග පොලිසියට ගොස් තිබේ. සවස 5.30 පමණ ස්ථානාධිපති පැමිණ "උඹ ආවාද, පිංවත්තේද" කියා අසමින් බැන වැදී තිබේ. බීමතින් සිටි ස්ථානාධිපති ඔහුට තර්ජණය කරමින් "මීට පස්සේ, හයෙන් පස්සේ ගෙදරින් යනවානම් ගෑණිට කියලා යන්න ඕනා" කියමින්‍, ඔහුගේ බිරිදට ඇගිල්ල දික්කර, "අපි එනකොට මිනිහා ගෙදර හිටියේ නැතිනම් බඩකරනවා" කියා ඇයට තර්ජණය කල බව පවසා සිටී. ඒ අවස්ථාවේ ස්ථානාධිපති සිටියේ සිවිල් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment