Tuesday, May 14, 2013

බණ්ඩාරගම පොලිසියේ වැඩ බුදු දහමට අනුව.


2013.05.10 වන දින අළුයම 3.00 ට පමණ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ලලිත් රුවන් රණතුංග ගේ නිවසට පැමිණ අත් අඩංගුවට ගත්තේ චොදනාව කුමක්ද යයි පවසන්නේ නැතිව ”උඹ කුඩු බොනවා නේද” කියා අසමින්ය.
බණ්ඩාරගම පදිංචි පින්තාරු කරුවෙක්වු ලලිත් රුවන් රණතුංග විසි අට හැවරිදි දෙදරු පියෙකි.
බණ්ඩාරගම පොලිසියට ගෙන යෑමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් නිලධාරියෙක් ස්ථානාධිපතිවරයා අමතමින් ”සර් මූ තමයි ගෙදරට බැහැලා චේන් එක අරගෙන තියෙන්නේ” යයි පවසා තිබේ. එවිට ස්ථානාධිපතිවරයා ”උඹ බොරු කියන්නේ නෑ, ඇත්ත කියපන් මේ මහත්තුරුන්ට” කියා ප‍්‍රකාශකළා. එ් කියමට ඔහුට හිනා ගොස් ඇත. කොපවු ස්ථානාධිපතිවරයා ඔහුගේ කණට අතින් පහරක් ගසා ”උඹට හිනාවෙන්න නෙමෙයි කිව්වේ, ඇත්ත කියන්න” කියා තර්ජනය කොට තිබේ.
සවස 5.00 වන තුරුම කූඩුවේ දමා සිටි ඔහුට කෑමට බීමට කිසිවක් දි නොමැත. එක් අවස්ථාවක ඔහුව අත්අඩංගුවට එක් නිලධාරියෙකු උඹ කෑවාද කියා අසා නැති බව කිව්ව විට ”උඹ තියා මම වත් කෑවේ නෑ කියමින්” ගොස් තිබේ.
මේ අතර ඔහු ගේ බිරිඳ මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවටත්, පොලිස්පතිවරයාටත් පැමිණිලිකර කොට තිබේ. එ් බව දැනගත් ථානාධිපතිවරයා, ඔහුගේ බිරිඳගෙන් තමන් මානව හිමිකම් ගියා නේද මානව හිමිකම් යන්නේ පොලීසියට විරුද්ධවනේ යයි කියා තිබේ. එවිට බිරිඳ, මම මානව හිමිකම් ගියේ පොලීසියට විරුද්ධව නෙමෙයි, දාලා තියෙන බොරු චොදනාවක් නිසා බව ප‍්‍රකාශ කර තිබෙ. එ් අතර ඔහුව අත් අඩංගුවට ගත් එක් නිලධාරියෙක් ”නිකං මිනිස්සුන්ට නඩු දාන්නේ නෑ, උසාවි දාන්නේ නෑ, බුදු දහමෙත් තියෙනවා” යයි පවසා තිබේ.
සවස 5.30ට පමණ කූඩුවෙන් එළියට ඔහුගෙන් ගෙන ප‍්‍රකාශයක් සටහන් කරගෙන රාත‍්‍රි 8.00 වන තුරු තබාගෙන සිට ඇඟිළි සළකුණු ගෙන මුදාහැර තිබේ.
 සොරකමකට ආදේශ කිරිමට අත්අඩංගුවට ගෙන වධහිංසාවට කෲර අවමන්සහගත, අමානුෂික සැළකිලිවලට හා දඬුවමකට භාජනය කිරිම මගින් ඔහු තමාගේ මුලික අයින් උල්ලංගණය කිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට  මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සහ  පොලිස්පතිවරයා ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ

No comments:

Post a Comment