Saturday, May 18, 2013

“සංවර්ධනය” වන පොලිස් අපරාධ


වෘත්තීමය වගකීම් පැහැර හරිමින්, නිල බලය පාවිච්චි කර දූෂණය, අක්‍රමිකතාව ෙපරටු කරෙගන නීති විෙරා්ධි ක්‍රියාවන් හි නියැෙලන පොලිස් නිලධාරීන් සුරතල් කරමින් එම තනතුරුවලම රවා තබාගෙන සිටින්ෙන් ඒය ආණ්ඩුවේ ප්‍රතිපත්තියද නිසාද? යන ප්‍රශ්නය මතු කරන්නේ පොලිස්පතිවරයාගෙන්ය.

පයාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චමින්ද පද්මකුමාර කුලසිංහට, හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති දැනට බුලත්සංහල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශෙයන් සේවය කරන උප පොලිස් පරික්ෂක පද්මකුමාර සහ පයාගල පොලීසියේ හිටපු සැරයන් 14304 තිරිමාන්න යන නිලධාරීන්ට එරෙහිව, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති - හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා හා නීති ලේකම් නිමල් පුංචිහේවා යන මහත්වරුන්ගේ අත්සනින්2013.04.30 වන දින, අංක HRC/1600/2011 දරණ පැමිණිල්ල අදාළව නිකුත් කළ නිර්දේශයේ මෙසේ සහන් වේ.

01 හා 02 වන වගඋත්තරකරුවන් (පයාගල පොලීසියේ ස්ථානාධිපති කුලසිංහ හා එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරික්ෂක පද්මකුමාර ස්ථාන භාර නිලධාරීන් ලෙස වගකීමෙන් කටයුතු නොකිරීමෙන් 03 වන වගඋත්තරකරු (පොලිස් සැරයන් 14304 තිරිමාන්න) අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකීමෙන් බැීම මත,

1.      පළවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.
2.      දෙවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 7,500/- ක මුදලක් ගෙවිය යුතුය.
3.      තුන්වන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.

මේ අනුව, 4 වන නිර්දේශය පොලිස්පතිවරයාටය.

පොලිස්පති වරයාෙනනි-
පොලීසියේ උසස්ම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා තම රාජකාරියේදී සිදු කරන වංචාවන් එමටය. ඒවා පිළිබව හෙළිදරව් වන අවස්ථා එමටය. නඩු තීන්දු අපමණය. එහෙත් ඒවා කිසිදු සැළකිල්ලකට නොගෙන, පොලීසියට නීතියට එරෙහිව ක්‍රියා කිරීමට අවසරය, අනුග්‍රහය ලබා දීමෙන් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකාවේ උදේ හවා හ නගා ප්‍රකාශ කරන සංස්කෘතිය, සදාචාරය, නීතිය, සාමය, ශිෂ්ඨසම්පන්න බව අරුතක් නැති වදන් බව නොවේද?

මෙය අහඹු සිද්ධියක් නොවන බව පොලිස්පතිවරයා, අන් කවර කෙනෙකුටත් වඩා හොින් දන්නවා ඇත. මෙය සෑම පොලීසියකම සෑම මොහොතකම සිදු වන්නකි.

මෙවැනි අකටයුතුකම්, අසාධාරණකම්, නීති විරෝධී ක්‍රියා ගැන පැමිණිලි කිරීමට, අත් බහුතරයකට තවමත් හැකියාවක් නැත. කරන්ෙන්ත් නැත. ඒ අසරණකම් නිසාත්, නිවටකම් නිසාත්, පැමිණිලි කිරීමෙන් ඵලක් නැතය යන සමාජ සම්මතය නිසාත්ය.

මෙම නිර්දේශය මේ වන විට පොලිස්පතිවරයා වෙත ලැබී තිබිය යුතුය.

මානව හිමිකම් කොමිෂම සිය විමර්ශනයේදී අනාවරණය කරගන්නා ලද කරුණු සහන් කර ඇත.

එය අප මෙහි සම්පූර්ණයෙන් ඵල කරමු.

(අතෘප්තියටපත් තැනැත්තාවු - චම්පික මනෝජ් ෙවනුෙවන් ෙමම පැමිණිල්ල ඔහුෙග් ෙසාෙහායුරිය අමිතා ප්‍රියන්ති විස්න් කර තිබු අතර වග උත්තර කරුවන් වුෙය් - පයාගල පොලිසිෙය්   ස්ථානාධිපති චමින්ද පද්මකුමාර කුලසිංහ- 1වන වගඋත්තරකරු, උ.පො.ප. පද්මකුමාර ස්ථානාධිපති (අපරාධ අංශය)- 2වන වගඋත්තරකරු සහ පො.සැ.14304 තිරිමාන්න- 3වන වගඋත්තරකරුය.

පැමිණිලි අංකය  -  HRC/1600/2011

පැමිණිල්ලේ කරුණු දැක්වීම -

උක්ත පැමිණිලිකාරිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරමින් කියා සිට ඇත්තේ, 2011.05.26 දින පෙ.ව.6.45 ට කිසිදු හේතුවක් නොදන්වා වගඋත්තරකාර නිලධාරීන් විසින් තම සහෝදරයාව අත්අඩංගුවට ගත් බවත්, පසුදින පෙ.ව.9.30 දක්වා රවා තබාගෙන නිදහස් කළ බවත්ය. ඒ අනුව පැමිණිල්ල දක්වා ඇත්තේ කිසිදු සාධාරණ හේතුවක් දැනුම් දීමකින් තොරව අත්අඩංගුවට ගැනීම තුළින් හා රවා තබා ගැනීම තුළින් අතෘප්තියට පත් තැනැත්තාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවයි.

පළමු වගඋත්තරකරු කරුණු දැක්වීම -

පළමු වගඋත්තරකරු විසින් කරුණු ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ, තම පොලිස් වසමේ ආයුර්වේද පාර, වේරගල ලිපිනයේ නිවසක් බි දේපළ සොරාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේදී එම අපරාධය සිදු කරන්නට ඇත්තේ මෙම පැමිණිල්ලට අදාළ අතෘප්තියට පත් තැනැත්තා බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඒ අනුව ඉහත අපරාධය සම්බන්ධයෙන් අතෘප්තියට පත් තැනැත්තා වූ චම්පික මනෝජ් කුමාර යන අයව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත්ය. එම විමර්ශනයේදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ඇති අතර, ඉහත ගෙවල් බිීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවූ බැවින්, මෙම තැනැත්තා පොලිස් ඇප මත මුදවා හැරිය බවත්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමක් නොකළ බවත් කියා සිට ඇත.

දෙවන වගඋත්තරකරුගේ කරුණු දැක්වීම -

පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක සහන් වූ ගෙවල් බිීමකට සැකකරු වීම හා පහරදීමකට අදාළව ප්‍රෙදේශය මගහරිමින් සිටීම යන කාරණය මත අතෘප්තියට පත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවත්, එම පෞද්ගලික ඔත්තුකරුගෙන් ලද තොරතුර සාක්කු සටහන් පොතේ ඇතුළත් නොකළ බවත්, සාක්කු සටහන් පොතේ ඇතුළත් කරනුයේ මිනීමැරීමක් බල අපරාධ හා මහා පරිමාණ දූෂණ පමණක් බවත් දක්වා ඇත. ඒ අනුව අත්අඩංගුවට ගැනීම අත්තනෝමතිකව සිදු නොකළ බවත් කියා සිට ඇත.

විමර්ශනය -

මෙම පැමිණිල්ලේදී වගඋත්තරකාර පාර්ශවය වෙත එල්ල වී ඇති චෝදනා වනුයේ හේතු දැක්වීමකින් තොරව අත්අඩංගුවට ගෙන රවා තබාගත් බවත්, ද්වේශ සහගත ලෙස කටයුතු කළ බවත්ය.

ඒ අනුව පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සහා පැවතිය යුතු සාධාරණ සැකය අතෘප්තියට පත් තැනැත්තා කෙරෙහි පැවතියද යන්න සලකා බැලිය යුතුව ඇත. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධිවිධාන පනතේ 32(1) වගන්ති ප්‍රකාරව සාධාරණ සැකයකට ඔත්තුවකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන සලසා ඇත.

මෙහිදී වගඋත්තරකරුවන් අදාළ නීතිමය ප්‍රතිපාදනයෙහි පිහිටා කටයුතු කළේද යන්න විමර්ශනය කිරීමේදී 01 වන වගඋත්තරකරු විසින් 2011.07.09 දාතමින් මුල් අවස්ථාවේ ලබාදුන් වාර්තාවේ දක්වා ඇත්තේ නිවසක් බි දේපල සොරාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමේදී එම අපරාධය සිදු කරන්නට ඇත්තේ මෙම සැකකරු විය හැකි බවට තොරතුරු අනාවරණය වීම මත අතෘප්තියට පත් තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

නමුත් 02 වන වගඋත්තරකරු අදාළ විමර්ශන අවස්ථාවේදී දක්වා ඇත්තේ, තමාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලද බවත් එම ඔත්තුවට අනුව ගෙවල් බිීමක් සම්බන්ධව මෙම අතෘප්තියට පත් තැනැත්තා සැක බවත් ඊට අමතරව ඔහු පහරදීමකට අදාළ පැමිණිල්ලක සැකකරු වී පොලීසිය මග හරිමින් සිටීම යන කාරණා අනුව අත්අඩංගුවට ගත් බවය.

1 වගඋත්තරකරු දක්වා ඇත්තේ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අතෘප්තියට පත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවයි. නමුත් 2 වන වගඋත්තැකරු දක්වා ඇත්තේ ගෙවල් බිීම පිළිබව පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවයි.

එසේම අත්අඩංගුවට ගැනීමට සහභාගී වූ 3 වන වගඋත්තරකරු 2012.03.08 වන දින කොමිෂන් සභාවේ දක්වා සිටිනුයේ,  CIB-2 219/307 යටතේ2011.05.25 වන දින පොලිස් ස්ථානයට, පහරදීමක් පිළිබව ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්ය. ඒ අනුව වගඋත්තරකාර පාර්ශවයන් අත්අඩංගුවට ගැනීම පිළිබව පරස්පර ප්‍රකාශ දක්වා ඇත.

ඊට අමතරව 2 වන වගඋත්තරකරු මෙම අතෘප්තියට පත් තැනැත්තා සම්බන්ධව පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ගෙවල් බිීමකට අදාළව සැක කටයුතු බවට දැක්වූ විශ්වාසදායී ආරංචිය හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම කළ බවත් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ විශ්වාසදායී ඔත්තුවකට බව දැක්වූවද ඒ පිළිබ සාක්කු සටහන් පොතේ නොයෙදීම නිසා ලබාදුන් ඔත්තුවේ සත්‍යතාවය පිළිබව ගැටළු මතුවන බව නිරික්ෂණය වේ.  එසේම දෙවන වගඋත්තරකරු2011.05.26 දින සිදුකළ අත්අඩංගුවට ගැනීම පිළිබව වූ සටහන්, 2011.06.12 බල අපරාධ පොතේ 324/57 යටතේ දින 16කට පසු විභාග සටහන් ඇලවීම පිළිබව ප්‍රශ්නගත වන බවද නිරික්ෂණය වේ.

එසේම අත්අඩංගුවට ගැනීමට අදාළ ලේඛන පරික්ෂා කිරීමේදී 2011.05.25 වන දින උදෑසන 8.40ට 219/307 MOIB II යටතේ කම්මුලට පහරදීමක් පිළිබව පැමිණිල්ලක් පැමිණ ඇති බව නිරික්ෂණය වී ඇති අතරම අතෘප්තියට පත් තැනැත්තා එහිදී කම්මුලට පහර දීමට අදාළව සැකකරු වී ඇති බව පැමිණිල්ල අධ්‍යයනයේදී තහවුරු වී ඇත.

ඒ අනුව 2011.05.26 වන දින පැය 8.00ට MOIB II 236/329 යටතේ ඉහත පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුගේ ප්‍රකාශය ලෙස අතෘප්තියට පත් තැනැත්තාගේ ප්‍රකාශය දක්වා ඇත. එහි දක්වා ඇත්තේ වගඋත්තරකරු වන ධම්මික යන අය ස්ථානයට පැමිණි බවයි.

පසුව එම පැමිණිල්ලට අදාළව 2012.05.26 පැය 8.30 MOIB II 237/330  යටතේ දක්වා ඇත්තේ, දෙපාර්ශවය සමථ වූ බවත් වගඋත්තරකරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 අනුව අවවාද කර සමාදානයට පත් කළ බවත්ය. ඒ අනුව පහරදීමකට අදාළව අතෘප්තියට පත් තැනැත්තා සැකකරුවකුව සිටි බවත්, ඔහු ස්ථානයට පැමිණ එම පැමිණිල්ල සමථ වූ බවත් ලේඛන අනුව තහවුරු වී ඇත.

නමුත් වගඋත්තරකාර පාර්ශවය විසින් තවදුරටත් ලබා දෙනු ලබන ලේඛන වල දක්වා ඇත්තේ සුළු අපරාධ පොතෙහි 339/106 අදාළව 6.10ට අතෘප්තියට පත් තැනැත්තා විසින් කරන ලද කම්මුලට පහරදීමකට අදාළ පැමිණිල්ලට අනුව (CIB II 219/307) අත්අඩංගුවට ගත් බවත්, 2011.05.27 පැය 7.00 එම පැමිණිල්ලට අදාළව සුළු අපරාධ පොතේ 349/112 යටතේ ඇප ලබා දුන් බවත්ය. ඒ අනුව පහර දීමට අදාළ පැමිණිල්ලට ඇප ලබා දීමක් කර ඇති බව ලේඛන අනුව නිරීක්ෂණය වී ඇත.

එසේම රැවුම් ලේඛනය පරික්ෂා කිරීමේදී එහි එම්.චම්පික මනෝජ් කුමාර යන අය පහරදීමක් සම්බන්ධයෙන් 2011.05.26 අත්අඩංගුවට ගෙන 2011.05.27ඇප ලබා දුන් බවට සටහන් කර ඇත.

එසේම ස්ථානයේ බල අපරාධ තොරතුරු සටහන් පොත අධ්‍යයනයේදී 2011.05.26  10.35ට 257/109 යටතේ දක්වා ඇති 01 වන වගඋත්තරකරුගේ විභාග සටහන් කිරීමේදී, 2011.05.26 දින පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලත් තොරතුරු අනුව පහරදීමක් සම්බන්ධ පැමිණිල්ලක් අනුව ප්‍රෙද්ශය මගහරිමින් සිටීමත්, ගෙවල් බිීමට අදාළව සැකකරුවෙකු වීමත් අනුව අත්අඩංගුවට ගත් බව තවදුරටත් දක්වා ඇත.

ඒ අනුව උක්ත සියලු විභාග සටහන් සැලකීමේදී, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සුළු පැමිණිලි පොත, බල අපරාධ පොත, සුළු පැමිණිලි තොරතුරු පොත යන තොරතුරු පොත් තුනක විවිධාකාර ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබ සටහන් යොදා ඇති බව නිරීක්ෂණය වන අතර, එහිදී පහරදීමකට අදාළව සැකකරු ස්ථානයට පැමිණි බව සුළු පැමිණිලි තොරතුරු පොතේ සටහන් යොදා ඇත. සුළු අපරාධ තොරතුරු පොතේ හා බල අපරාධ තොරතුරු සටහන් පොතේ සටහන් වී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එසේම පැමිණිල්ල විභාග කර සමථ වී අවවාද කර මුදාහැරීමක් සුළු පැමිණිලි තොරතුරු පොතේ දක්වා ඇති නමුත් සුළු අපරාධ තොරතුරු පොත අනුව එම වරදටම ඇප ලබාදුන් බව දක්වා ඇත. එසේම 2011.05.27 දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුට ඇප ලබාදීම සම්බන්ධව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 28 වන වගන්තිය අනුව අධිකරණයට වාර්තා කර ඇත්තේ 2012.10.05 දිනය. එනම් එම සිදුවීමෙන් අවුරුද්දක් හා මාස 05කට පසු බව 2140/12 AR ලේඛනය පරික්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත.

එසේම “2011.05.26 වන දින පැය 12.00ට කටුකුරුුගහලන්ද හන්දියේ සංචාරයේ යමින් සැකකරු පිළිබව තොරතුරු සෝදිසි කළ බවට සටහන් යොදා ඇති අතර, 2011.05.26 11.00ට එම සැකකරුව අත්අඩංගුවට ගත් බවට එම තොරතුරු සටහන් පොතේම සටහන් යොදා ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව11.00ට සැකකරු අත්අඩංගුවට ගැනීම සහ නැවත පැය 12.00 ට සැකකරු පිළිබඳව තොරතුරු සෝදිසි කිරීම දැක්වීම තුළින් ගැටලු සහගත තත්වයක් ඇති කර ඇති අතර, පරස්පරතාවය අනුව සටහන්, පසුව අවශ්‍යතාවය මත සකස් කළාද යන සැකය මතුවේ.

ඒ අනුව 2011.05.26  6.30 අත්අඩංගුවට ගත් පැමිණිලිකරු මුල් පැමිණිල්ල සම්බන්ධව එදිනම 8.30 වන විට සමාදාන කර සමථ වී තිබියදීත් ස්ථානයේ රඳවා ගෙන පසුදින එනම් 2011.05.27  7.00 එම පැමිණිල්ලට ඇප ලබාදීමත් දැක්වීම තුළින් පැමිණිලිකරු අත්තනෝමතික රඳවාගැනීමක් කර ඇති අතරම සාධාරණ නොවන සැකයකට තවදුරටත් රඳවාගෙන ඇති බව නිරීක්ෂණය වේ. එසේම ඇප ලබාදීම සම්බන්ධව මහේස්ත්‍රාත් වෙත සිද්ධිය සිදුවූ අවුරුදු 1 1/2කට පසු ඒ වාර්තාවක් ඉදිරිපත් කිරීම තුළින් ද ඒ බව සනාථ වී ඇත.

නිගමනය -

අතෘප්තියට පත් තැනැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගඋත්තරකාර පාර්ශවය විසින් විවිධ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් පැමිණිල්ල සමථ කර අවසාන කර තිබියදිත් සාධාරණ සැක මතු නොවන අවස්ථාවක අත්තනෝමතිකව කටයුතු කර රඳවා තබා ගැනීම තුළින් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ13(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට පරික්ෂණයෙන් අනතුරුව තීරණය කරනු ලැබේ.

නිර්දේශය -

ඒ අනුව පළමු හා දෙවන වගඋත්තරකරුවන් ස්ථාන භාර නිලධාරීන් ලෙස වගකීමෙන් කටයුතු නොකිරීමත්, 3 වන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකීමෙන් බැඳීමත් මත,

1.      පළවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.

2.      දෙවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 7,500/- ක මුදලක් ගෙවිය යුතුය.

3.      තුන්වන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.

4.      මෙහි පිටපත් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා වෙතද යොමු කිරීමට නියමිතය.

මෙකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්තාවක් 2013.05.30 වන දිනට පෙර කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15 වන වගන්තිය ප්‍රකාරව දන්වමු.

(අත්සන හා නිල මුද්‍රාව)                                                                              (අත්සන හා නිල මුද්‍රාව)
සභාපති                                                                                         නීති ලේකම්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව                            ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව


සැ.යු. - අදාළ මුදල “මුදල් ඇණවුමක්” මගින් පැමිණිලිකාරිය වෙත ගෙවා එහි පිටපතක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන්න.

No comments:

Post a Comment