Monday, May 13, 2013

බොහෝ දෙනාගේ බඩ ගෝස්තරය රැකදෙන බොරු නඩු


රුක්ෂාන් විජේරත්නට තෙබුවන පොලිසියේ නිලධාරීන් පහර දුන්නේ 2012.08.27 වන දින.
පහර කෑ රුක්ෂාන්ට රෝහල්ගතව ප්‍රතිකාර ගන්න සිද්ධ වුනා. ඔහුට පහර දුන්නේ තෙබුවන පොලිසියේ සැරයන් චන්ද%ලාල්, පො.ප.රත්නපාල, අසේල හා මනුර කියන නිලධාරීන්ය.
ඒ පිළීබ්‍රදව නීතිමය පියවර ගන්න පොලිස්පති, නීතිමය මේ දක්වාම ක්‍රියා කරලා නැහැ. ඒ වුනාට - සුපුරුදු පරිදි රක්ෂාන්ට විරුද්ධව බොරැ චෝදනා නගා නඩුවක් පැවරීමට පොලිසිය අත පසු කළේ නැහැ.

පසු දින 2012.08.28 රුක්ෂාන්ට විරුද්ධව රාජකාරියට බාධා කිරීම, පහරදීම යන බොරු චෝදනා නගමින් අධිකරණයට ඉදිරිපත් කලා.

අධිකරණය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් පන්දාහක මුදල් ඇපයක් මත මුදා හැරියා.
2012.11.20, 2013.02.19, 2013.04.23 දිනවල නඩුව කැදවූ අස්ථාවල පොලිසිය කියන්නේ - නීති උපදෙස් ලබාගැනීමට පියවර ගෙන ඇති බවයි. මීලග නඩු දිනය 2013.06.13 වේ.
මාස 08ක් ගතවී ඇත. තවමත් චෝදනාව ගොනු කරන විදිය පිළිබදව නීතිපති උපදෙස් ලැබී නැත. මීළග නඩුවාරයේදීත් පොලිසිය නීතිපති බයිලාව උසාවියේදී කියනු ඇත.
පසුගිය නඩු දිනවල පොලිසිය කරන ලද ප්‍රකාශය නඩු වාර්තාවේ සටහන්ව නැත. ඒ නිසා එහෙම කාරණයක් කිව්ව බවට ඔප්පු කරන්නට සාක්ෂි නැත.
මෙයද අහඹු දෙයක් නොවේ. මහේස්ත්‍රාත් අධිකරණ නඩුවලදී පොලිසිය, පැමිණීලිකරු හෝ චූදිත හෝ කරන ප්‍රකාශද, විනිසුරුවරයා කරන ප්‍රකාශද සටහන් වන්නේ නැත‍.
අධිකරණයෙන් විශේෂයෙන් කරන ලද ඉල්ලීමක් මත කරන ප්‍රකාශ පමණි වාර්තා වන්නේ. මෙම තත්වයෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්නේ පොලිසියයි.
රුක්ෂාන්ට පහරදී, බැනවැදී, නින්දා අපහාස කොට, ශාරීරික හා මානසික වධහිංසාවට පත් කර ඉන් නොනැවති බොරු නඩු දමා මානසික වධහිංසාවට භාජනය කරනු ලබයි.
මෙය යුක්තිය පසදලීමේ ක්‍රමයේ පවතින මුල් බැසගත්, දූෂිත ක්‍රියා පිළිවෙත රැකගැනීමේ ක්‍රියා පිළිවෙත උපයෝගි කරගෙන සිදුකරනු ලබන්නක්.
රුක්ෂාන් හා ඔහුගේ අඹු දරැවන් මෙයින් පීඩාවට පත්වූවනත් - මෙම ක්‍රියාවලිය තුල බඩගොස්තරය රැකගෙන තෘප්තිමත්වන පිරිස බොහෝය. ඒ අතර සෑම තරාතිරමකම අය සිටිති.
සිද්ධිය අදාල රුක්ෂාන්ගේ කථාව නැවත නරඹන්න............

No comments:

Post a Comment