Thursday, May 2, 2013

මාත‍ලේ සමූහ මිනී වල ඒ කාලේ තක්කඩි ‍හොරුන් ඉවර කළා .


‘‘ ඒ කා‍‍ලේ ‍මේ පළාතේ තක්කඩි ‍හොරුන් ඉවර කළා”  මුවගට නැගුණු සිනා රැල්ලක් සහිතව එදා ලග්ගල -   පල්‍ලේගම, ගල්‍දෙවල ගමේ විදුහල්පතිවර‍යෙකුව සිටි මාරක මුදියන්‍සේලා‍ගේ ජයසිංහ ප්‍රකාශ කළා.

මේ වන විට අසූ තුන් වැනි වි‍‍යෙහි පසු වන -  විශ්‍රාම ලත් විදුහල්පතිවර‍යෙකු වූ මාරක මුදියන්‍සේලා‍ගේ ජයසිංහ මහතා අපට හමු වු‍නේ, ලග්ගල -  පල්‍ලේගම, රාවනා ග‍මේ දීය.

1989 ‍දෙසැම්බර් 21 දින, නිවස බලා එමින් සිටිය එවකට විසි හැවිරිදි -  තම පුතාව, බන්දුලසිරි ජයසිංහව, වටලා කරන ලද ‍සෝදිසි කිරීමකදී අත්අඩංගුවට ‍ගෙන ති‍බේ. එදා සිට අද වන තුරු ඔහු ආ ගිය අතක් නැත.
මාත‍ලේ එදා පිහිටවා තිබූ සියලු කඳවුරු වලට එහු ගියද, ඉන් එක් තැනකින් වත් තම පුතා පිළිබඳව ‍හෝඩුවාවක් ලැබී නැත.

88 – 89  භීෂණය සමග, ගල්‍දෙවල ග‍මේ පාරම්පරිකව ජීවත් වූ පවුල් විසි හතක් පමණ ගම හැර ගි‍යේය. අද එම ගම වල් වැදී ඇත. ගල්‍දෙවල ගම උගත් තරුණයින් ‍ගෙන් පිරුණ එකක් බව පවසන ජයසිංහ මහතා, අවට ගම් වල පනහක් හැටක් පමණ ජ.වි. ‍පෙ. ක්‍රියාකාරීන් විසින් මරා දැමූ බවද ප්‍රකාශ ක‍ළේ, ඒ කා‍ලේ පළා‍‍තේ තක්කඩි ‍හොරුන් ඉවර කළා යයි කියමින්ය.

මාත‍ලේ සමූහ මිනී ව‍ලේ තම පුතා සිටින්නට පුලුවන් යැයි ඔහු විශ්වාස කළත්, දැනට ‍රෝගී තත්ව‍යෙන් පසු වන ‍හෙයින් ඒ සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් නැති බවද ප්‍රකාශ ක‍ළේය.

මේ වන විට තමන් හිත හදා‍ගෙන සිටින බවද, ‍මෙවන් විපතක් මතු ආත්ම‍යේ සිදු ‍නොවන්නට පින් දහම් කළ බවද ඔහු වැඩි දුරටත් කියා සිටි‍යේය.

කෙ‍සේ ‍වෙතත් ය‍මෙක් ඉදිරිපත් වන්‍නේ නම් තම පුතා සිටීද නැද්ද යන වග ‍සෙවීමට මැදිහත් වීමට ඔහු කැමැත්‍තෙන් සිටී.

1969.11.16 දින උපත ලැබූ බන්දුල සිරි ජයසිංහ, අතුරුදහන් වන විට පල්ලේගම මධ්‍ය මහා විද්‍යාල‍යේ වානිජ විෂය ධාරා‍වෙන් උසස් ‍පෙළ හදාරමින් සිට ඇත.

No comments:

Post a Comment