Friday, May 10, 2013

පසු විපරම SC/FR 30/2010 නඩු දැම්මාට පස්සේ රේගුව පොත් මුදාහරී.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන, භාෂණයේ නිදහසට පටහැනිව යමින්, 2009 නොවැම්බර් මසදී, හොංකොං හී ඒෂියන් ලීගල් රිසෝස් සෙන්ටර් ලිමිටඩ් (ආසියානු මානව හිමිකම් කොමිෂම) මානව හිමිකම් හා අදාළ පොත් , සගරා ජනසංසදයට පරිත්‍යාග කරනු ලැබීය.
මෙම ප්‍රකාශන 4826, එවකට ශ්‍රී ලංකා රේගුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකුවූ ඒ.වැලිකල මේක රිලීස් කලොත් මගේ රස්සාව ගහලා යාවී යයි පවසා, මගේ බෙල්ල බේරගන්න ඕනෑ යයි කියමින්, ඉහළ නිලධාරියෙකුගේ අනුමැතිය අවශ්‍ය බව පවසා, ප්‍රකාශන මුදාහැරීම තහනම් කළේය.
සහකාර රේගු අධ්‍යක්ෂ ඒ.වැලිකල, පොත් මුදාහැරීම පිළිබද ප්‍රශ්ණය, රේගු අධ්‍යක්ෂ එස්.ඩී.එස්.ගුණතුංගට යොමු කළේය. ඔහු ඒ පිළිබදව තීරණ ගැනීමට, එවක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ.සී.එස්.ඩබ්.ජයතිලකට යොමු කළේය. රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා කළේ තීරණයක් ඉල්ලා එවක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි අනූෂ පැල්පිටට යොමු කිරීමය..
මේ පිළිබදව නිසි පිළිතුරක් දීමට ඉහත සදහන් නිලධාරීන් 2009 ජනවාරි 06 දක්වා අපොහොසත් විය.මේ තත්වය යටතේ ජනසංසදය, මේ මූලික අයිතිවාසිකම් නඩුව පැවරීමට පියවර ගත්තේය.
SC/FR30/2010 ජනසංසදය පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවට අදාල තීන්දුව පහත දක්වමු.
මෙම පෙත්සම අදාලව 2010.02.02 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා සිටින ලදි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ හා අදාලව සොයා බලා වාර්තා කරන ලෙසට - රජයේ නීතිඥවරයාට උපදෙස් දෙන ලදි.
ඒ අනුව - සියලුම ප්‍රකාශන මුදාහැරීමට පියවර ගත් රේගුව රැදවුම් ගාස්තු වශයෙන් අයකරගන්නා ලද රුපියල් තිස් දහස් හාරසියය ආපසු මුදාහරින ලදි.
සංවිධානයකට හෝ පුද්ගලයෙකුට හෝ මෙවන් ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවීම, අප රටේ ඉතා සුලබ දෙයකි.
එවන් අවස්ථාවලදී - ප්‍රශ්ණය විසදාගන්නට උත්සාහ ගන්නේ අනුග්‍රාහකයෙකු යොදවාගෙනය නැති අනුග්‍රහකයින් පසුපස යමින්ය. දන්නා හදුනන අයට  කියමින්ය. පුද්ගලිකව ගොස් විවිධ සම්බන්ධතා ඇති කරගෙනය. අල්ලස් ලබාදීමෙන්ය.
මෙම තතත්වයට ජනසංසදය මුහුණ දුන්නේ අදාල වගකිවයුත්තන්ට සෘජුව ලිඛිතව දැනුම්දීම මගින් පමණි.
එයින් අනතුරුව නඩු මගට පිවිසීමෙන්ය.
මුල් අවස්ථාවේදී නිලධාරියා- තම පුද්ගලික මතයක් දරමින්, තීරණයක් නොගෙන, පීඩාවට පත් කිරීමට ගත් උත්සාහය, මේ ආකාරයෙන් පරාජයට පත්වේ යැයි ඔහු නොසිතන්නට ඇත.
මෙම සිද්ධිය අහම්බයක් නොවේ. බොහෝ රජයේ නිලධාරීන් අල්ලස් අපේක්ෂාවෙන් හෝ කාළකණ්නි තෘප්තිය සදහා හෝ නීතියට පටහැනිව තීරණ ගනිමින් - තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කරයි.
එවන් අවස්ථාවකට මුහුණ දෙන්නෝ, බොහෝ විට සිදුකරන්නේත්, එවන් අවස්ථාවල බොහෝ දෙනා අනුශාසනා කරන්නේත්, ප්‍රශ්ණය පහසුවෙන් නිරාකරණය කරගන්නට - ගොඩින් බේරා ගන්නට - අනුග්‍රාහකයින් මත යැපෙන ලෙසට හා ඉහළයින් පසු පස වන්දනාවේ යෑමටය.
ජනසංසදය මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කරන්නේ එය නිවට මෙන්ම, පවතින ක්‍රමය පවත්වාගෙන යෑමට මිස වෙනස් කිරීමට ඉවහල්  නොවන නිසාය.
ප්‍රායෝගිකව අපි කිසිවෙකුට වදින්නේ නැත. ඒ වාගේම වැදුම් ලබන්නේද නැත.
මෙම නඩුවේ අවසානයට සදහන්වන්නේ නඩුව විසිකල බවයි. නමුත් විභාගයට  පෙර, නීතිපති මැදිහක්ව, අපගේ ඉල්ලීම් එනම්පොත් පොත් මුදාහැරීමට හා අය කල ගාස්තු ගෙවීම නිසාය. පරාය වීම නිසා නොවේ.
නිතිඥ ශාමේන් ගුණරත්න මහත්මියගේ උපදෙස් මත ජෙෂ්ඨ නිතිඥ එම්. ඒ. සුවන්තිරම් මහතා ගාස්තු අයකිරිමකින් තොරව මෙම නඩුවට ඉදිරි පත්වු බව සහන් කරමු.

IN THE SUPREME COURT OF THE DEMOCRATIC           SOCIALIST REPUBLIC OF SRI LANKA
In the matter of an application under Article 126 read with Article 17 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.
S.C. F.R. No. 30/2010
1. Janasansadaya, 81/2, Arthur V. Dias Mawatha, Panadura.
2. H.M. Chithral D. Perera, 81/2, Arthur V. Dias Mawatha, Panadura.
Petitioners
Vs.
1. A. Welikala, Assistant Director of Customs (Baggages), Sri Lanka Customs, Customs House, Bristol Street, Colombo 1
2. S.D.S. Gunatunga, Director (Bggages), Sri Lanka Customs, Customs House, Bristol Street, Colombo 1
3. S.A.C.S.W. Jayathilleke, Director General, Sri Lanka Customs, Customs House, Bristol Street, Colombo 1
4. Anusha Pelpita,  Director-Information, Department of Information, 163, Kirulapone Mawatha, Polhengoda, Colombo 5.
5. R.T. Karunaratne, Assistant Superintendent of Customs, Sri Lanka Customs, Customs House, Bristol Street, Colombo 1
6. Hon Attorney General, Attorney Generals Department, Colombo 1
Respondents
          BEFORE:    Tilakawardane J. Ratnayake J. & Imam J.
COUNSEL:  M.A. Sumanthiran with Ms. S. Gunarathe for the petitioner, P. Ranasinghe SSC with M. Gopallawa SSC for the respondents.
ARGUED & DECIDED ON:     23rd June 2010.

TILAKAWARDANE J.
This matter is settled. It is agreed that the 1st respondent and or……… 3rd respondent in the case would refund the charges that had been paid for the importation of books by the Asian Legal Resource Centre Limited based in Hong Kong upon the presentation of the receipts of payment that have already been made.
Certified  copies of this order to be served on the 1st and 3rd respondents and a certified copy also to be issued to the petitioner on payment of requisite fees.
In view of this settlement Counsel for the petitioner moves to withdraw the application.
The application is dismissed.
          Sgd. Judge of the Supreme Court
         Ratnayake J.
I agree                                             
Sgd. Judge of the Supreme Court
Imam J.
I agree
                                                          Sgd. Judge of the Supreme Court
         

No comments:

Post a Comment