Friday, May 10, 2013

අන්තිම මොහොතේ මරණ දඩුවම අත්හිටුවයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලීසිය, නීතිඥවරුන් මෙන්ම විනිසුරුවන් ඇතුලු ඇමෙරිකානු අධිකරණ ක්‍රියාවලිය බරපතල විවෙව්චනයට හා සැකයට ලක් කරමින්, දෙන ලද මරණ දඩුවම අන්තිම මොහොතේ අත්හිටු වීමට ඇමෙරිකාවේ මිසිසිපි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
1992 දී සුදු ජාතික සිසුන් දෙදෙනෙකු ඝාතනය කළ බවට කලු ජාතික විලී මැනින් චෝදනා ලැබීය. 1994 දී ඔහුට -  විෂ එන්නත් කොට මරා දැමීමට නියම කළේය.
මෙම නඩු විභාගයේදී, ඇමෙරිකානු පොලීසිය FBI නිලධාරීන් දෙන ලද සාක්ෂි විද්‍යානුකූල නොවන බවට, ප්‍රකාශ වුවද ඒවා පදනම් කරගෙන ඔහුට මරණ දඩුවම නියම කළේය.

දැනට 44 වන වියෙහි පසුවන, ඔහු හා ඔහුගේ නීතිඥවරු 20 වසරක් - යුක්තිය උදෙසා අරගල කළේය. මේ අතර FBI මූලස්ථානය, තම නිලධාරීන්ගේ සාක්ෂි විද්‍යානුකූල නොවන බවට, මිසිසිපි නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නද ඒවා ප්‍රතික්ෂේප කළේය.
මේ සියලු කරුණු මූලික කරගෙන, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට එක් දිනක් තිබිය දී මරණ දඩුවම අත්හිටුවන ලෙසට මිසිසිපි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අදටත් ඇමෙරිකාවේ ප්‍රාන්ත 48 න් 32 ක මරණ දඩුවම ක්‍රියාත්මක වේ. මරණ දඩුවමට එරෙහිව නැගී සිටින පිරිස් මෙම සිද්ධිය - මරණ දඩුවම් අහෝසි කිරීමට තවත් එක් ප්‍රබල සාක්ෂියක් බව කියා සිටී.

No comments:

Post a Comment