Sunday, May 12, 2013

ඇල්ලුවේ සොරකමකට - දැම්මේ කුඩු


මාගේ සැමියා 2013 මැයි 06 වනදා උදේ සුපුරුදු පරිදි වැඩට ගියා. නමුත් ඔහු ගෙදර ආවේ නැහැ.
දැනගන්නට ලැබුනා වාද්දුව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන බව. ඔහුව බලන්න මමත් වැඩපලේ අයත් ගියා. මම නීතිඥ සෙනරත් පෙරේරා මහතාව පොලිසියට යැව්වා.
හැමෝටම පොලිසිය කිව්වේ සොරකමට සැකපිට අත්අඩංගුවට ගත්තා කියලා. මගේ සැමියාට හොදටම ගහලා තිබුනා.
2013 මාර්තු 19 දින පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් පිරිසක්, පිංවත්තේ බබී නමින් හදුන්වන ව්‍යාපාරිකයෙකු සමග පැමිණ මගේ සැමියාව අත්අඩංගුවට ගත්තා. මීට පෙරද මේ ආකාරයට ඔහුට පොලිසිය වධදී බොරු නඩු දාලා තියෙනවා.
මේ සියල්ල පිලීබදව ඔහු 2013.04.10 දින මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, පානදුර ජේෂෟඨ පොලිස් අධිකාරීට පැමිණීල්ලක් කර තිබුනා.
මේ තත්වය තුල තමයි - මෙවර මාගේ සැමියාව වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගත්තේ. පසුව ඔහුව කුඩු මිලිග්‍රෑම් 600ක් සමග කලුතර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් ගත කරනු ලැබුවා.
වාද්දුව පොලිසියෙන් පහරදීම නිසා, ඔහුව තද බල ලෙස රෝගාතුරුව 2013.05.10 දින නාගොඩ රෝහලට ගෙනවිත් තිබුනා.
දෙදරු මවක් වන හරීඩ් නලීම් සියානා තම සැමියාව වන රංජන් සොයිසාව අත්අඩංගුවට ගෙන වධදීම හා බොරු නඩු දැමීම පිළිබදව මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment