Monday, May 6, 2013

මාතලේ සමූහ මිනී වල - මල්ලිව අත්අඩංගුවට ගත්තේ ලග්ගල පොලීසිය.


1989 දෙසැම්බර් 19, මල්ලිව ලග්ගල පොලීසියේ ස්ථානාධිපති අබේරත්න, සැරයන් කුඩා බණ්ඩා, පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න, නවරත්න, ජයසිරි, ආතාවුද , හේනේ ඉන්න කොට අත්අඩංගුවට ගත්තා.

මල්ලී, ඒකනායක මුදියන්සේලාගේ සිසිල කුමාර. වයස අවු : 19 යි. හේනේ හිටියේ සියදෝරිස් එක්ක. අල්ලා ගත්තට පස්සෙ 32 ශ්‍රී 3520 ලෑන්ඩ්රෝවර් වර්ගයේ ජීප් එකෙන් ලග්ගල පොලීසියට ගෙන ගියා.

ඊට පස්සෙ මොකද වුනේ කියන්න දන්නේ නැහැ. ආණ්ඩුවෙන් රු : 15000/= ක් දුන්නා.
ආරංචි උනේ මාතලේට ගෙනිච්චා කියා.

මෙසේ ප්‍රකාශ කලේ දැනට පනස් වැනි වියෙහි පසු වන, ගොවිතැන් බත් කර දිවි ගැට ගහ ගන්නා  ලග්ගල - පල්ලේගම, ගුරුවෙල පදිංචි රත්නායක මුදියන්සේලාගේ පුංචි බංඩාය.

මාතලේ සමූහ මිනී වල පිළිබඳ දන්නා ඔහු තම සොහොයුරාද එහි සිටිති යයි විශ්වාස කරනු ලබයි.

No comments:

Post a Comment