Wednesday, January 13, 2016

ජනාධිපතිට හොරකම ගැන කිව්වා. ජනාධිපති එක හොරාගේ අම්මට කව්වා.


විදුහල්පතිගේ දුෂණ ගැන ජනාධිපතිට පැමිණිලි කිර්මේ විපාකයෙන්, දරුවන් දෙනාට ඉගෙනීම අහිමි ව්මේ පුවතකි මේ. විදුහල්පති, කලාප අධ්‍යක්ෂිකා හා පළාත් අධ්‍යක්ෂක ගජ මිතුරන් ලූ. පොලීසියත් උන්ගේ පැත්තේ. 

පිළිවෙලින් අවු: 10 හා අවු: 07 දියණියන් දෙන්නාට පාසලට ඉගෙන ගන්නට ඉඩ නොදීම පිළිබඳව අධ්‍යාපන බලධාරින්ට හා ළමා ආරක්ෂකයින්ට පැමිණිලි කර මාස 05ක් ගතව ඇතත්, වෙනත් පාලසක් ලබා දීමටත් පියවර ගෙන නැති බව ප‍්‍රකාශ කරන්නේ හොරණ, මුණගම පදිංචි රණවක මහතාය.

ඔහු ජකාධිපතිට පිටපතක් සහිතව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට කර තිබෙන අලූත්ම පැමිණිල්ලේ මෙසේ සඳහන් ය.
                                 
‘‘ උදාරා අවු: 10* සහ ගගනී (අවු: 07* වන මාගේ දියණියන් දෙදෙනා පළමු වසරේ සිට ඉගෙනුම ලබන්නේ ක/හො/ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ් ය.  මෙම විදුහලේ 2015 පෙබරවාරි මස නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරණු ලැබීය දැනට එම ගොඩනැගිලි දෙක ඉදිකිරීම් නිමා කර තිබේ. මෙම නව ගොඩනැගිලි දෙක ස`දහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් එක් කෝටි විසිහත් ලක්ෂයකි.

1මෙම ගොඩනැගිලි දෙකේ පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර, එහි වැඩ කරගෙන යනු ලබන අවස්ථාවේ එහි ඉදිකිරීම් කටයුතු ප‍්‍රමිතියෙන් තොරව සිදුකරන බව මට තහවුරු විය. එමෙන්ම මෙම ගොඩනැගිලි දෙක ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව ලබාදී තිබුණේ, එම විදුහලේ ප‍්‍රාථමික පංතිවලට උගන්වනු ලබන පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකා ශානිකා ගුරු මහත්මියගේ සැමියා වූ ප‍්‍රියංකර නැමති අයයට ය. ඔහු, හොරණ මීවනපලාන පදිංචි ”ප‍්‍රියංකර කොන්ක‍්‍රීට් වර්ක්ස්” හි හිමිකරුය.  ඔහු මධ්‍යම රජයේ හෝ බස්නාහිර පළාතේ හෝ ක`ඵතර දිස්ත‍්‍රික්කයේ හෝ ලියාපදිංචි කොනත‍්‍රාත්කරුවකු නොවේ.

මෙම ගොඩනැගිලි දෙක ඉදි කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂය ලබා දී තිබුණේ කොරියානු ජාතික දානපතියන් විසින්ය. මෙම ගොඩනැගිලි දෙක හොරණ අධ්‍යාපන කළාපයේ ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලෙසට පවත්වාගෙන යෑමට යොදාගෙන තිබේ.

පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල සිදුවන ¥ෂණ පිළිබඳව මා විසින් අදාල පාර්ශවයන්ට පැමිණිලි කළ බව දැනගන්නට ලැබීමෙන් පසුව, විදුහල්පතිගේ මෙහෙයවීම යටතේ 2015.05.28 දින රාත‍්‍රියේ මාගේ නිවසට පිරිසක් පහර දෙන ලදි. එ් පිළිබඳව මා හොරණ පොලීසියට පැමිණිලි කළෙමි. එ් පිළිබඳව හොරණ පොලීසිය දෙපාර්ශවය කැඳවා විභාග කළ අතර දෙපාර්ශවය සමථ කරන ලදි.

මෙම කාල පරිච්ෙඡ්දය තුළ මාගේ දරුවන් දෙන්නා වන, පාසලට ගොස් ඉගෙනුම ලැබුවා. එම වසරේ 2015 ජූලි මස සිට විදුහල්පතිට පක්ෂපාතී දෙමාපියන් පිරිසක් පාසල අවට සිට, මාගේ දරුවන් දෙදෙනාට කාලකණ්නි මේ පාලසට එන්නේ නැතිව වෙන පාසලකට පලයල්ලා ආදී දේ කියන්නට පටන් ගන්නා ලදි. මේ ආකාරයට මාගේ දරුවන් දෙන්නාට, විදුහල්පති විසින් ගමේ පිරිස් යොදවා අපහාස, තර්ජන කරන්නට හේතුව මා විසින් ගොඩනැගිලි ඉදිකිරීම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමතන ලද ලිපිය, අක‍්‍රමිකතා සිදුකළ විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර අතට පත් කර තිබීමය.

විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාරට, එම ලිපිය බාරදී තිබුණේ හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතීය. මා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබූ ලිපිය ඔහු, අවශ්‍ය පියවර ගැනීම ස`දහා හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී මහත්මියට යොමු කර තිබිණ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට, ¥ෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව කරන ලද පැමිණිල්ල කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී, ¥ෂණ අක‍්‍රමිකතාවල නියැලූණු විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර අතට පත්කර තිබුණේ ඔහු ලවා මාවත්, මාගේ දරුවන්වත් අසීරුතාවයට පත් කිරීමටය.

මේ සම්බන්ධයෙන් මා, හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී ට එරෙහිව, 2015.10.28 දින හොරණ පොලීසියේ පැමිණිලි කළෙමි. පැමිණිලි විභාගය පැවති, 2015.11.04 දින කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී පොලීසියට නොපැමිණි අතර, ඇය වෙනුවට විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර පැමිණියේය. ඔහු පැමිණියේ දෙමාපිය පිරිසක් ද සමගය. පොලීසියේදී පැමිණිල්ල ට අදාල කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතීට දැණුම් දීමක්ද කර නැති බව හෙළිවිය. පැමිණිල්ලේ දිනය හා අංකය ක්‍ෂඊ:3*148-346-2015රැු11රැු28 වේ. විමර්ශනය බාරව කටයුතු කළ හොරණ පොලීසියේ සිවිල් පිට සිටි නිලධාරියා(නම හෙළි නොකල* පරීක්ෂණය අඩාල කර දමන ලදි. මේ ආකාරයට මාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය විනාශ කර දැමීමට, ¥ෂණය එලිකළ මාගෙන් පළි ගැනීමට අධ්‍යාපන බලධාරීන් ද පොලීසිය ද එක්විය.

අදටත් මාගේ කුඩා දරුවන් දෙදෙනා පාසලක් නැත’’. 

2 comments:

  1. මේ ගැන විස්තර ලබාගතහැකිද? අපි උදවු කරන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව්. විස්තර, ඒනම් පැමිණිල්ෙල් පිටපතක් වඒවීමට ඔබ ලිපිනය ඒවන්න. ෙල්කම්,ජනසංසදය, 81/2, අාතර් වි දිෙයස් මාවත, පානදුර. 038 22 31419

      Delete