Wednesday, January 27, 2016

මානව හිමිකම් කොමිෂම පොලිස් වධකයින් රැක්කේ මෙහෙමයි.


15 හැවරිදි සිසුවකුට වධදුන්න යටවත්ත පොලිසියේ පොලිස් කාරයින් තිදෙනෙකු ව රකින්න පසුගිය කාල පරිචේඡුයේ කොමිෂම ක‍්‍රියා කර තිබෙන ආකාරය ගැන වත්මන් කොමිෂම වෙත ලිඛිතව කරුණු දක්වන ජනසංසදය, ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි.
සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මිය අමතන ලද සම්පුර්ණ ලිපිය පහත දක්වමු.

2016.01.27 දින.

ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය, සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව.         

පැමිණිලි අංක ්‍යඍක්‍රැු2282රැු11රැුඍක්‍රැු්

පැමිණිලිකාරිය :- එච්.එම්.වයි. කුමාරිහාමි මිය, යටවත්ත, මාතලේ 

වගඋත්තරකරුවන් :- මාතලේ, යටවත්ත, පොලීසියේ, පො.සැ. ඩග්ලස් ඇල්ලෙපොල, පො.සැ. බණ්ඩාරනායක, පො.සැ. හෙට්ටිආරච්චි හා ආර්. නිශ්ශංක ස්ථානාධිපති.
                     
සිද්ධිය සංක්ෂිප්තව :- පැමිණිලිකාරිය, එච්.එම්.වයි. කුමාරිහාමි මිය තනි මවකි. දැනට වයස අවුරුදු 62 යි. ඇගේ එකම දරුවා, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න දැනට වයස අවුරුදු 18 යි.

2011 ජුනි 30 වන දින,  ඒ වන විට, මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි, 15 හැවිරිදි එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න ව, යටවත්ත පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු පැමිණ, අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නව, යටවත්ත පොලීසියට ගෙන ගොස් රඳවා තබාගෙන වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.  

එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න, තමන්ට වධහිංසා පැමිණවීම අදාලව අධිකරණයේදී, කරන ලද ප‍්‍රකාශය අනුව, ගරු මහේස්ත‍්‍රාත්තුමිය ඔහුව මාතලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරණු ලැබීය.

මාතලේ පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නව, පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර අධිකරණය වෙත වාර්තා කරණු ලැබීය. එම වාර්තා සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නට වධ දීම අදාලව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලෙසට නීති ආධාර කොමිෂමට නියෝග කරණු ලැබීය.

එම නියෝගයට අනුව නීති ආධාර කොමිෂම 2011 වසරේ ීක්‍රැුත්‍ඍ 578රැු2011 නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරණු ලැබීය. එම නඩුවේ තීන්දුව 2016.01. 16 ප‍්‍රකාශයට කරන ලදි.

ප‍්‍රශ්නය

මෙම සිද්ධිය, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න ගේ මව එච්.එම්.වයි. කුමාරිහාමි මිය, 2011.07.20 වන දින ලියාපදිංචි තැපෑලෙන් ඔබ කොමිෂම වෙත ඉදිරිපත් කරණු ලැබීය.

ඔබ කොමිෂමේ පවතින සම්ප‍්‍රදායට අනුව එම පැමිණිල්ල මහනුවර ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කාර්යාලයට යොමු කර තිබිණ. එම කාර්යාලය පැමිණිලි අංක ්‍යඍක්‍රැු2282රැු11රැුඍක්‍රැු් යටතේ ලියාපදිංචි කරණු ලැබීය.

ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරියාගේ නියමයෙන් විමර්ශන නිලධාරී එම්.එන්. අපොන්සු විසින් 2011.09.03 දාතමින් එච්.එම්.වයි. කුමාරිහාමි මිය වෙත ලිපියක් යවමින්, ඇගේ පැමිණිල්ල අදාල කරුණු සම්බන්ධව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කොමිෂමට එවන ලද ලිපියේ පිටපතක්, එච්.එම්.වයි. කුමාරිහාමි මිය වෙත යොමු කර, එහි සඳහන් කරුණු ගැන විරෝධතාවයන්/අදහස් දන්වන ලෙසටත්, එ් සඳහා. 2011.09.16 දින දක්වා කල්දෙන බවත් කියා සිටින ලදි. 

මලපොතේ අකුරු නොදන්නා ඇය, එම ලිපිය හා වාර්තා කියවාගෙන පිළිතුරු සැපයීමට කල් ඉල්ලා සිටින ලදි.

එසේ කල් ලබාගෙන ඇයගේ අදහස්, විරෝධතා කොමිෂමට ලිඛිතව දන්වා සිටිනු ලැබීය.

කරුණු එසේ තිබියදි, 2012.05.23 දාතමින් එවක සභාපති වූ ප‍්‍රියන්ත පී.ආර්. පෙරේරා, අතිරේක ලේකම් (නීති* වු  නිමල් පී. පුංචිහේවා හා මහනුවර ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී වූ නිරංජන ඩයස් සුමනසේකර යන තිදෙනාගේ අත්සනින් ‘‘මේ දක්වා විරෝධතා ඉදිරිපත් නොකිරීම යන’’ කරුණු සඳහන් කර පරීක්ෂණ කටයුතු අවසන් කරන බවට දැණුම් දෙන ලදි.

එම තීරණය තුළද, 2012.06.02 දාතමින්, එච්.එම්.වයි. කුමාරිහාමි මිය, සිද්ධියට අදාලව පවරන ලද SC/FR 578/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලැබී ඇති බවද කොමිෂමට දන්වන ලදි.

මෙම කරුණ ඔබ වෙත මේ අවස්ථාවේ ඉදිරිපත් කරණුයේ වධහිංසා සම්බන්ධයෙන් තවමත් ඔබ කොමිෂමේ විමර්ශන නිලධාරියකු ලෙසට කි‍්‍රියා කරන නිරංජන ඩයස් සුමනසේකර, එවක සභාපති, අතිරේක ලේකම් (නීති* ඇතු`ඵ කොමසාරිස්වරුන්ගේ ක‍්‍රියාකලාපය පැහැදිලි කිරීමටය.

ඔබ කොමිෂම ගත වූ කාල පරිච්ෙඡ්දයේ වධහිංසා කිරීම් පිළිබඳ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී, වගඋත්තරකරුවන්ගෙන් (වධකයන්ගෙන්* වාර්තා ලබා ගෙන එම වාර්තාවට  උත්තර බඳින ලෙස ට නියම කිරිම හෝ එම වාර්තාව පදනම් කරගෙන නිගමනයට එළඹීම මත විමර්ශනය අත්හිටුවීම ට ක‍්‍රියා කරන ලද්දේ වගඋත්තරකරුවන් ආරක්ෂා කිරීමට හා වින්දිතයාව අපහසුතාවයට/පිඩාවට පත් කරවන්නටය. එය කොමිෂම අනුගමනය කරන ලද පිළිවෙත විය.

මෙම සිදධියට අදාල මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පොලීසිය පවරන ලද නඩුවේ සම්පුර්ණ වාර්තාව ගෙන්වා ගැනීමට, අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ගෙන්වා ගැනීමට හෝ පොලිස් ලේඛන පරික්ෂා කිරිමට හෝ අවම වශයෙන් පැමිණිලිකරුවන් ගෙන්වා විස්තර විමසා සිටීමට විමර්ශන නිලධාරීයා ට  අවශ්‍යතාවයක් නොතිබීමය. මෙම ක‍්‍රියා පිළිවෙත මෙම විමර්ශන නිලධාරී ගේ ¥ෂිත ක‍්‍රියා පිළිවෙත ට තවත් එක් උදාහරණයක් පමණි. 

මෙම කරුණු ඔබගේ අවධානයට කැඳවන්නේ ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමටය.

මේ සමග SC/FR 578/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අමුණා එවමු.
Link:-  http://www.janasansadaya.org/page.php?id=605&lang=en

මෙම සිද්ධියට අදාල මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති අංක 97799 නඩුවේ සම්පූර්ණ වාර්තාව ගෙන්වාගෙන අධ්‍යයනය කිරීමෙන් මෙම ¥ෂිත නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය පැහැදිළිවනු ඇත.

සැ.යු. 2015.11.16 දින සිවිල් සංවිධාන සමග මානව හිමිකම් කොමිෂන් සභා රැුස්වීමේ දී අප ඉදිරිපත් කරන ලද සටහන ට ඔබ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි සිතමු.

ස්තුතියි. මෙයට අ.ක/ චිත‍්‍රාල් පෙරේරා(ලේකම්)




3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Methana polisiya karapu waradda thamaa horekwa allagaththu eka. Story eka apinam dannawa. Paw polisiya

    ReplyDelete
  3. Methana polisiya karapu waradda thamaa horekwa allagaththu eka. Story eka apinam dannawa. Paw polisiya

    ReplyDelete