Thursday, November 21, 2013

රුපියල් 10,000/=රත්තරන් වෙනුවට කරන්දෙණිය පොලිසිය රු: 45,000/=ක රත්තරන් අරන්. SI මෙන්ඩිස්, ඌරවත්තේ එකෙක්ලු.

කරන්ෙදණිය ෙපාලීසිෙය් කප්පන් ගන්නා, මංෙකාල්ලාකන, ෙබාරු නඩු දාන හා වධ ෙදන ෙපාලිස් කාරයින්ට රාජපක්ෂ හා ෙගාලයින්ෙග් පුර්ණ අශිර්වාදය.

රාමචන්ද්‍ර පෙරේරා මහතා, තම ඥාති සොහොයුරෙකු වූ සෝමරත්න විජේවීර සමග, කරන්දෙණිය පොලිසියට ගියේ ප්‍රකාශයක් ලබාදීමටය. ඒ 2013.04.08 දිනය.

ස්වර්ණාභරන වෙළද සැල් හිමියෙක් වූ සෝමරත්න විජේවීර, රුපියල් 45,000/=ක් සොරකම් කරපු රත්තරන් බඩු මිළයට ගෙන ඇති බවට චෝදනා කල කරන්දෙණණිය පොලිසිය, ඔහුගෙන්
රු: 45,000/=ක් වටිනා ස්වර්ණාභරන ලබා ගත්තේය. ඒ් භිය ගන්නාය.

ඒ සම්බන්ධෙය්න ප්‍රකාශයක් දීමට පොලිසියට ගිය විට ඔවුන්ට දැන ගන්නට ලැබුනේ ස්වර්ණාභරන සොරකම් කිරිම සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ - නැතිවූ ස්වර්ණාභරණවල වටිනාකම
රු: 10,000/= ක් බවයි.

මේ පිළිබදව විමසීමේදී, මුං (පො.කො.සිල්වා හා උ.පො.ප.මෙන්ඩිස්) වටිනාකම අඩුවෙන් දාලා තියෙන්නේ යයි පවසා, සෝමරත්නව,  උ.පො.ප.මෙන්ඩිස් ටම බාරදී තිබේ.

ව්‍යාපාරිකයෙකු මෙන්ම ප්‍රදේශයේ සමාජ සේවකයකු වූ රාමචන්ද්‍ර පෙරේරා ද, ඔහු සමග උ.පො.ප.මෙන්ඩිස් ළගට ගියේ ය. ඒ අවස්ථාවේ උ.පො.ප.මෙන්ඩිස් උඹ කවුදැයි අසා, රාමචන්ද්‍ර පෙරේරා මහතාගේ අම්මා මතක් කොට බැන පලවා හැර තිබේ.

මේ පිලිබදව ඔහු, රාමචන්ද්‍ර පෙරේරා, ස්ථානාධිපතිට දැනුම් දුන් විට - ඕවා ගණන් ගන්න එපා ඌ (උ.පො.මෙන්ඩිස්) ඌරවත්තේ එකෙක් යයි පවසා, මගහැර ගොස් තිබේ.

මේ පිළිබදව රාමචන්ද්‍ර පෙරේරා, පොලිස්පති ට හා මානව හිමිකම් කොමිෂන් සභාව - මාතර ශාඛාවට පැමිණිලි කලද, මාස 08ක් ගතවී ඇතත්, කිසිදු පියවරක් ගෙන නැත.

රුපියල් දසදහසේ ස්වර්ණාභරණ වලට, රුපියල් හතලිස් පන්දහසක වටිනා ස්වර්ණාභරන ගන්න ලද, කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපති, උ.පො.ප.මෙන්ඩිස්, පො.කො.සිල්වා ට එරෙහිව නීතිමය බා විනයානුකූල පියවර ගෙන නැත. ඔවුන් යහතින් සිටිති.


මේ වන විට සෑම පොලිසියක්ම, මංකොල්ලාකෑමේ යෙදී සිටිති. එයට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය හා ආශීර්වාදය ලැබී තිබේ.

No comments:

Post a Comment