Tuesday, November 26, 2013

ලිංගික අපයෝජනයට ලක්වූ බාල වයස්කාර දැරිය අධිකරණයේදී ප්‍රදර්ශන භාණ්ඩයක් කරයි.

දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ සාමවිනිසුරු හා හදිසි මරණ පරීක්ෂක තනතුරකින් පිදුම්ලත් පුෂ්පානන්දව බේරාගන්න, කුලියාපිටිය ASP හා කටුපොත OIC - අම්මාව විත්තිකරුවකු කරයි.

16 හැවිරිදි තම දියණියට අයුතු යෝජනා කරමින්, දුරකථන පණිවුඩ දෙමින්, අංග චලන මගින් අසැබි යෝජනා කරමින්, මග හරස්කරමින් සිදු කරන පීඩාවන් ඉවසා ගන්නට බැරිව නීතියේ සරණ ගැනීමට, ඇය තීරණය කළේය.

එහෙත් ඇයට සිදුවූයේ වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමය. කටුපොත පොලිසිය සමග එක්ව සියලු නීති විරෝධී ක්‍රියාවන්හී නියැලෙන - මෙම සාම විනිසුරු- මරණ පරීක්ෂකයා ට එරෙහිව නගන ලද ලිංගික අපයෝජන චෝදනාව සමථ කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වූ පසු, කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී කීර්ති බංඩාර සමග එක්ව, සාමදාන විනිසුරු-මරණ පරීක්ෂක පුෂ්පානන්ද ගේ බිරි වූ අමිතා කරුණාරත්න ලවා, බොරු පැමිණිල්ලක් ලියවාගෙන, ඒ පිළිබද ප්‍රකාශ ගෙන, දැරිය කරන ලද ලිංගික අපයෝජන කිරීමේ පැමිණිල්ලද එයට අමුණා, දැරියට සහ මව නිලන්ති ට උසාවියට එන්න කියා අැයව චූදිතයකු බවට පත්කළේය.

කටුපොත පොලිසිය නීතිය විකෘති කරමින්, දෙපාර්ශවය අතර නිරන්තර ආරවුල් පවතින බවට උසාවියට බොරු කියා - නිලන්තිව(මව), සාම විනිසුරු-මරණ පරික්ෂක පුෂ්පානන්දව හා ඔහුගේ බිරිද අමිතාව විත්තිකරුවන් කළේය. ඒ සැලසුම් සහගතවය.

නඩුව කැදවූ අවස්ථාවේදී - මෙම නඩුවට කිසිදු සම්බන්ධයක් නැති ලිංගික අපයෝජනයට පත් දැරියව, ෙසසු අය සමග අධිකරණයේ විත්ති කූඩුවට නැග්ගුවේය. ඉන් අනතුරුව උසාවිෙය් විත්තිකරුවන් දමන කූඩුව ඉදිරිපිට බංකුවක වාඩිකරවාගෙන සිටියේ ඇයවද චූදිතයෙකු ලෙසට ප්‍රදර්ශණය කරමින්ය. මේ ආකාරයට ඇයව - අධිකරණය තුල ප්‍රදර්ශණ භාණ්ඩයක් බවට පත් කළේය.

මේ පූන්‍යය භූමියේ, බුදු සරණයි කියමින්, මෙවන් නින්දිත, පහත්, නීච ක්‍රියාවන් කරන්නේ ශ්‍රි ලංකා පොලිසියයි.

අධිකරණය පොලිසියේ වදන් - දේව වාක්‍ය ලෙසට හිස් මුදුනින් පිළිගෙන, අසරණයින්ව පෙළීම පිළිබද තවත් උදාහරණයකි ෙමය.

No comments:

Post a Comment