Sunday, November 24, 2013

පොලිස්පති යලිත් වරක් සොරාගෙන්ම පේන අසයි. පොලිස්පති සහන මැදිරිය - "යන්නේ කොහෙද? මල්ලේ පොල්" උත්තර දෙමින් මහජනයා අසහනයට පත් කරයි. ඒ පිළිබද තවත් කදිම උදාහරණයකි මේ.

මාරවිල - ඇන්ටනි ජාන්ස් මහතා, මාරවිල පොලිසිය විසින් අපරාධයක් කල නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න බේරා ගැනීමට, එකම සිද්ධියට, අංක දෙකකින් නඩු පැවරුවේය.

පළමු නඩුව බොහෝ දුරට කරුණු අනාවරණය කර තිබින. මහේස්ත්‍රාත් ඇප නියම කලද, මෙම නීතිඥවරයා ඇප නොතියාම ගෙදර ගියේය. එම නඩුව බැලූ බැල්මට නීතිඥයාට අවාසිසහගත එකක් බව පෙනෙන්නට තිබින.

මේ තත්වය තුල මාරිවල පොලිසිය හා එක්ව, කරුණු වසන් කර, එම සිද්ධියටම තවත් අංකයකින් නඩු පැවරුවේය. අපරාධ සැකකාර නීතිඥයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රීති ප්‍රශ්ණයක් මතු කළේය.
ඒ එකම සිද්ධියට නඩු දෙකක් පැවරිය නොහැකි බව - වහා නැගිට සිටි මාරවිල පොලිසිය, පළමු නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැන්වීය.

මහේස්ත්‍රාත්වරයා එයට අවසර දුන්නේ - මුල් පැමිණිලිකරුගෙන්, පැමිණිල්ල ඉල්ලා අස්කරගත් බවට - අත්සන් ගන්නා ලෙසට නියෝග කරමින්ය. වහා ක්‍රියාත්මක වූ මාරවිල පොලිසිය සුනිල් ඇන්ටනි ජාන්ස් මහතා, අධිකරනය තුල දීම, කොණකට ගෙන,  බිය ගන්වා එයට අත්සන් ගත්තේය.

මේ පිලිබදව ඔහු පොලිස්පතිට පැමිණිලි කළේය. පොලිස්පති කළේ එකී පැමිණිල්ල මාරවිල පොලිසියට යවා, වාර්තාවක් ගෙන්වා ගැනීමයි.

තමාට විරුද්ධව නගා ඇති චෝදනාව ගැන, සැකකරුටම පරීක්ෂණ පවත්වන්නට නියම කිරීමට තරම් අප රට ආශ්චර්ය වී ඇත.

පොලිස්පතිගේ පිළිතුරෙන් පැහැදිලි වන්නේ අඩුම වශයෙන් ..........මහජන පැමිණිල්ල කියවා නැති බවයි. මේ පුන්‍ය භූමියේ, අපරාධ කරන පොලිස් කාරයින්ට පූර්ණ අනුග්‍රහය දක්වයි.

ඒ අතර, බැරිම තැන එකක් දෙන්නෙක් අල්ලා කූඩු කරයි. එයට මහත් ප්‍රසිද්ධියක් ලබා දෙයි. එයින් හුදී ජනයා පහන් සංවේගයට පත්වෙයි.


No comments:

Post a Comment