Saturday, November 16, 2013

පොලීසිය සමග එක්ව බරපතල තවාල ලැබූ රෝගියකු පරීක්ෂා නොකොට, බොරු වෛද්‍ය වාර්තාවක් ලබාදුන් මාතර මහා රෝහලේ වෛද්‍ය නානායක්කාර ව රැගැනීමට - එම රෝහලේ අධ්‍යක්ෂවරියද ඉදිරිපත් වෙයි.


මේකද වෛද්‍ය අචාර ධර්ම මේකද සදාචාරය මේකද දහම මේකද ශීලාචාර කම ?

2013.09.10 වන දින මහා දවල් මහ පාරේ දමාගෙන අජිත් මහතාට පහර දුන්නේවැලිගම පොලිසියේ ස්ථානාධිපති කාලිංගය.

මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ අජිත් මහතාවස්ථානාධිපති කාලිංග හා අකුරැස්ස කොට්ඨාශය බාර සහකාර පොලිස් අධිකාරී රංජිත් සිල්වා - මාතර මහා රෝහලේ වෛද්‍ය නානායක්කාර වෙත සැලසුම් කර ගෙනගියේ - ප්‍රතිකාර ගැනීම වළක්වා, බොරු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටය.

පොලිස් කාරයින්ගේ උවමනාවටමාතර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත වෛද්‍ය නානායක්කාර,බරපතල තුවාල ලැබ සිටි අජිත් ව පරීක්ෂා නොකොට බොරු වෛද්‍ය සහතිකයක් නිකුත් කළේය.

එපමණක් නොවපොලිසිය විසින් මුදාහැරීමෙන් පසුවප‍්‍රතිකාර ගැනීමට පැමිණරෝහල් ගතවශෛල්‍ය කර්මයකට භාජනය කර සිටින විටදී - වෛද්‍ය නානායක්කාර පැමිණ ඔහුට තර්ජණය ක‍ළේය.

මේ සියලූ කාරණා පිළිබඳවඅජිත් මහතා සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර සිටියේ යුක්තිය අපේක්ෂාවෙනි.
ඒම  පැමිණිලිවලට අදාලව - අජිත් මහතාව කැඳවූ මාතර මහා රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය දිල්කා ස්වර්ණසිංහ - වෛද්‍ය නානායක්කාර ගේ සම්පූර්ණ නම ලබාදීම ප‍්‍රතික්ෂේප කළේය.

තමාට ප‍්‍රතිකාර කල වෛද්‍යවරයාගේ නම දැනගැනීමට තිබෙන අයිතිය වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෛද්‍ය දිල්කා  ස්වර්ණසිංහ කෙලෙසා දැම්මේ දුෂිත වෛද්‍යවරයෙකු ආරක්ෂා කිරීමටය.

සිද්ධිය අදාලව - අජිත් මහතා වෛද්‍ය සේවා අධ්‍යක්ෂකට ලියන ලද ලිපිය පහත දක්වමු.

සම්පූර්ණ සිද්ධිය සඳහා පිවිසෙන්න  


ඔබගේ අංකය : MA/MS/J/04/2012 B

වෛද්‍ය ලාල් පනාපිටිය මහතාල අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා)
සෞඛ්‍ය අමාත්‍යංශය, සව්සිරිපාය,කොළඹ 10.

මහත්මයාණෙනි,

මාතර මහා රෝහලේ වෛද්‍ය නානායක්කාර මහතාගේ නීති විරෝධී ක‍්‍රියා හා
වෘත්තීය අචාර ධර්ම කෙළසීම

උක්ත කාරණ්‍ය අදාළව ඔබගේ MA/MS/J/04/2012 B දිනැති ලිපිය හා බැඳේ.

01. අධ්‍යක්ෂමහා රෝහලමාතර වෙත යොමු කරන ලද එම ලිපිය හා අදාළව අධ්‍යක්ෂ මහා රෝහලමාතර වෙතින්D$2013 හා 24.102013 දින දරන ලිපිය මා වෙත එවා තිබින. (පිටපත අමුණා ඇත.)

02. එකී ලිපියට අදාලව මා දුරකථනයෙන් කතාකොටදිනයක් ලබා ගතිමි. එම දිනය 2013.11.06 දිනප:ව:3.00 ට මාතර මහා රෝහලේ අධ්‍යක්ෂිකාව හමුවුනා.

03. එම හමුවීමේදීමාගෙන් සිද්ධිය අදාල විස්තර අසා, ප‍්‍රකාශයක් ලබා ගත යුතු බව දැනුම් දුන්නා.

ඒ අනුව, මාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා.

එහිදී සටහන් කරගනු ලැබූයේ 2013.09.09 සිට 2013.09.10 දින පොලිසියේ ගත කල කාලය හා අදාල සිදුවීම්ය.

2013.09.10 දින රාත‍්‍රියේ මාව පොලිසියෙන් මාතර මහා රෝහල වෙත ගෙන ඒමේ සිට ඉදිරියට, රෝහල සම්බන්ධ විස්තර කිසිවක් මාගෙන් ඇසුවේ නැත. මා ඒ පිළිබඳව ප‍්‍රකාශ කරන්නට උත්සාහ ගත්විටඑ, මා විසින් කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ එකී සිදුවීම් සටහන්ව තිබෙන හෙයින් - එම සටහන් කිරීම අවශ්‍ය නැති බව රෝහල් අධ්‍යක්ෂ තුමිය ප‍්‍රකාශ කලා.

ඒ බවට සටහනක් යොදා මගෙන් අත්සන් ලබා ගත්තා.

04එ. එයින් අනතුරුව මා, සිද්ධියට අදාල වෛද්‍ය නානායක්කාර මහතාගේ සම්පූර්ණ නම අධ්‍යක්ෂ තුමියගෙන් ඉල්ලා සිටියා. එවිට ඇය මගෙන් විමසා සිටියා, වෛද්‍ය නානායක්කාර, නම දැනගත්තේ කොහෙන්ද කියා.

මා ඇයට කිව්වා, පොලිසියෙන් කියා. ඇය මට ප‍්‍රකාශ කලා - වෛද්‍ය නානායක්කාර මහතාගේ නම ඇයට ලබාදිය නොහැකි බව.

මා, ඇයට ප‍්‍රකාශ කලා, වෛද්‍ය සභාව සම්පූර්ණ නම මගෙන් ඉල්ලා තිබෙන බව.

නමුත් -වෛද්‍ය නානායක්කාර මහතාගේ සමපූර්ණ නම් ලබාදීම ඇය තරයේම ප‍්‍රතික්ෂේප කලා.

ඉහත කරුණු සියල්ලම නිවැරදි හා සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

මහත්මයාණෙනි,

මා ඉල්ලා සිටින්නේවිශේෂයෙන් මා පරීක්ෂා කල වෛද්‍ය නානායක්කාර මයාගගේ, සම්පූර්ණ නම දැන ගැනීමට රෝගියකු වශයෙන් මට තිබෙන අයිතිය තහවුරු කරන ලෙසටයි.

කරුණාකර, වෛද්‍ය නානායක්කාර මයාගේ සම්පූර්ණ නම මාහට ලබාදීමට පියවර ගන්නා ලෙසට කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි,
මෙයට,
එච්.එම්.අජිත් .

2013.11.13

No comments:

Post a Comment