Thursday, November 28, 2013

"සුන්නත් කිරීම" රැකගන්න පස මිතුරෝ එක් වෙති. තම දරුවා සුන්නත කිරීමට විරුද්ධවූ මවකට, දිනකට ඩොලර් 140 බැගින් දඩයක්.


ශිෂ්නයේ පෙර හම කපා ඉවත් කිරීම, එනම් "සුන්නත්" කිරිම යුදෙව්වන්ගේ සහ මුස්ලිම් වරුන්ගේ චාරිත්‍රයකි.

ඉස්ලාමීය ආගම, ලොවට හුන්වාදුන් මහමත් තුමාගේ උප්පත්තියට බොහෝ පෙර, වසර 3000ක් පෙර සිට පැවත එන ආගමකි යුදෙව් ආගම. මෙම ආගම් දෙකේම උපත මැර පෙරදිගයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද පැවත එන්නේ යුදෙව් ආගමික පරිසරයෙනි.

යුදෙව්වන් හා මුස්ලිම්වරුන් ජන්ම වෛරක්කාරයින්ය. එහෙත් දෙවර්ගයේ ආගමික හා සංස්කෘතික ලක්ෂණයකි - පිරිමි ළමුන් ඉපදී, දවස් අටක් වැනි සුඵ කාලයකින් සුන්නත් කිරීම. නිර්වින්දනය කිරීමකින් තොරව, ආගමික චාරිත්‍ර පවත්වා, මෙම දෙපාර්ශවයම සිදු කරන - පිරිමි දරුවන් සුන්නත් කිරීම, ශිෂ්ඨ සමාජය සලකන්නේ මිලෙච්ජ, මෘග ක්‍රියාවක් ලෙසටය.

ඉතා වේදනාකාරී, සුන්නත් කිරීම නිසා ආබාධිතවූ, මියගිය දරුවන් බොහෝ බව ප්‍රකාශ වේ. එහෙත් චාරිත්‍රය මිනිස් ජීවිතවලට වඩා වටිනා බව - මෙම දෙකොට්ඨාශයේම පිළිගැනීමයි. මේ වන විට, පිරිමි ළමුන් සුන්නත් කිරීම, සමහර රටවල් තහනම් කර ඇති අතර, බොහෝ රටවල එය දේශපාලන විවාදයක් බවට පත්ව තිබේ.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ, මෙය ළමුන් කෘරත්වයට පත් කිරීමකි. මෙම චාරිත්‍රය ගැහැණු ළමුන් සදහා යොදවන ගෝත්‍ර තවමත් තිබේ. එය - බොහෝ රටවල් නීති විරෝධී කර ඇත. පිරිමි ළමුන් සුන්නත් කිරීම තහනම් කළයුතු බව - යුරෝපා සංගමය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර තිබේ.

මුස්ලිම්වරු තම ආගමික චාරිත්‍රයක් ලෙසට මස් සහා සතුන් මැරීමේදී, ඉතා වේදනාගෙන දෙන ගෙල සි සිදුකරන සත්ව ඝාතන ක්‍රමය මේ වන විට යුරෝපීය රටවල තහනම් කර තිබේ.

ශ්‍රි ලංකාවේ බිලි පූජාවලට - ප්‍රසිද්ධියේ විරුද්ධවන රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු හා සංඝයා - ළමා හිංසනයට හා ගෙල සි වධ දී සිදුකරන සත්ව ඝාතන ගැන මුනිවත රකිති.

ලාබාල පිරිමි දරුවන් ආගමික චාරිත්‍රයක් ලෙසට සුන්නත් කිරීම, නීතියෙන් තහනම් කිරීම වැලැක්වීම සදහා, මේ වන විට, ඊශ්‍රායල් යුදෙව්වන් මෙන්ම, මුස්ලිම්වරුන් පෙරට පැමිණ තිබේ.

No comments:

Post a Comment