Friday, November 15, 2013

ශ්රිම ලංකාවේ ජනගහනයෙන් සෑම ලක්ෂයකටම එකසිය තිස් දෙනෙකු සිටින්නේ සිරගෙවල්වලය.


බන්ධණාගාර ජනගහණය අතින් ලොව ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ශ්‍රී ලංකාව පනස් දෙවන ස්ථානයේ පසුවේ.

බහුතරයක් රටවල බන්ධනාගාර ජනගහනය වර්ධනය වන අතර, බන්ධණාගාර ජනගහණය සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම්කර ඇති ස්වීඩනය එරට බන්ධනාගාර හතරක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බන්ධනාගාර ජනගහනය 2,239,751. එරට ieu ලක්ෂයක් දෙනා අතරින් 716ක්ම පසුවන්නේ බන්ධණාගාර වලය.

බන්ධනාගාරවල සිරකරු ප්‍රතිශතය සියයට 99 කි. බ්‍රසීලයේ රටවැසියන් 100,000 කට 274ක් සිටින්නේ සිරගෙවල්වලය. බන්ධනාගාර ජනගහනය 548,000කි. එරට බන්ධණාගාර සිරකරු ප්‍රතිශතය සියයට 171.8 කි.

රුසියාවේ බන්ධනාගාර ජනගහණය 681,600 කි. එරට රටවැසියන් 100,000 අතරින් 475ක් සිටින්නේ බන්ධනාගාර වලය. බන්ධනගාර සිරකරු ප්‍රතිශතය සියයට 83.6 කි.

චීනයේ 1,640,000 ක් බන්ධනාගාරවල සිටිති. එනම් එරට සෑම 100,000 ට 121ක් සිටින්නේ හිරේය. බන්ධණාගාරවල සිරකරු ප්‍රතිශතය සියයට 83.6 කි.

ඉන්දියන් ජනගහනයෙන් 100,000 කට 30කු සිටින්නේ සිරගෙවල්වලය. මුඵ සංඛ්‍යාව 385,135 කි. බන්ධනගාර සිරකරු ප්‍රතිශතය සියයට 112.2 කි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 100,000 කට 132 කු සිටින්නේ සිරගෙවල්වලය. මුඵ සංඛ්‍යාව 27,000 කි. බන්ධණාගාර සිරකරු ප්‍රතිශතය සියයට 282.2 කි.

සිරකරු සංඛ්‍යාව ඉතා අඩු රටවල - සුඵ සොරකම්, මත්ද්‍රව්‍ය භාවිතය වැනි වරදවලට විකල්ප දඩුවම් හදුන්වා දී තිබේ. ප්‍රජා පාදක විශෝධනය එයින් ප්‍රධාන තැන ගනී.

එම රටවල රිමාන්ඩ් සිරකරුවන් ගේ සංඛ්‍යාව ද ඉතා පහල මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ සියයට හැටක්ම රිමාන්ඩ් සිරකරුවන්ය. වරදකරුවන් අතර සියයට හැටපහක් පමණ මත් ද්‍රව්‍ය හා දඩ ගෙවා ගැනීමට බැරිව සිටින්නන්ය.


No comments:

Post a Comment