Sunday, November 24, 2013

අධිකරණයට ඉදිරිපත් කරන්න යයි කියා අරගත්තු මදින පිහිය - පයාගල පොලිසියේ පද්ම කුමාර ගෙදර ගෙන ගිහින්.

උසාවියට ඉදිරිපත් කළේ කුඩු ග්‍රෑම් දෙකක් තිබුනා කියලා. දාලා තියෙන්නේ මිලි ග්‍රෑම් 0.02ක්.
අත්අඩංගුවට ගත්තු අවස්ථාවේ තිබූ රුපියල් 6000/= පොලිසිය පිල්ලි ගසයි.

ප්‍රදේශයේ සිදුවූ බවට කියන මංකොල්ලා කෑම් දෙකක් සම්බන්ධයෙන් තිස් අට හැවිරිදි මංජුල ෆොන්සේකාව, පයාගල පොලිසිය අත්අඩංගුවට ගත්තේ - ජනවාරි 26 වන දිනය.

ඒ අවස්ථාවේ මංජුල ලග තිබූ රු: 6000/= ක මුදල, අත්අඩංගුවට ගත් පොලිස්කාරයා සාක්කුවේ දමා ගත්තේය. එම මුදල පොලිසියට බාර දෙන ලෙසට ඉල්ලූවිට, මොන සල්ලිද කියමින් එම පොලිස්කාරයා මාරු වී ඇත.

පොලිසියේදී, අපරාධ අංශයේ පද්ම කුමාර නැමැති නිලධාරියා, මංජුල ෆොන්සේකාට කොච්චි මිරිස් කරල් 20ක් පමණ බලයෙන් කවා, පොල්ලක් ගෙන පහරදී තිබේ.

මේ ආකාරයට දින තුනක් නීති විරෝධීව රදවාගෙන වධදීමෙන් පසුව, 29 වන දින කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ මංකාල්ලා නඩු දෙකක් හා කුඩු නඩුවක් ගොණු කරමින්ය.

කුඩු ග්‍රෑම් 2ක් ලග තබා ගැනීමට පවරන ලද නඩුවට ඔහු රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබීය. මාස අටකට පසුව, රස පරීක්ෂක වාර්තාව ලැබුන විට, එහි සදහන්ව තිබුනේ කුඩු මිළි ග්‍රෑම් 0.02ක් ඇති ඉදිරි පත් කර තිබු බවයි.

මේ ආකාරයට පයාගල පොලිසියේ අපරාධ අංශයේ පද්ම කුමාර ප්‍රමුඛ නිලධාරීන් අධිකරණය රවටා, මංජුල ෆොන්සේකාව මාස 08කුත් දින විස්සක් බන්ධණාගාර ගත කරවන ලැබීය.

තවද, ඔහුට පහරදුන් බව, අධිකරණයට වාර්තා කල විට, මහේස්ත්‍රාත්වරයා කළේ බන්ධනාගාරයෙන් බෙහෙත් ලබා ගන්නා ලෙසට සටහන් කිරීමයි.

පොලිසියේ දූෂණ, අක්‍රමිකතා, අපරාධ අවම කිරීමට නොහැක්කේ මෙම ආකාරයට කටයුතු කරන යුක්තිය පසදලීමේ යාන්ත්‍රණයක් මේ පුන්‍ය භූමියට උරුමව තිබෙන නිසාය.


No comments:

Post a Comment