Friday, November 8, 2013

”බොට වරෙන්තුවක් තියෙනවා - තෝ පොන්නයා , තොගෙ අම්මට හු.......ක .....නැතිව ගිහින් නැගපන් ජීප් එකට” කියා පයාගල පොලීසියේ ධම්මික (දෙවෙනි මහත්තයා) කිව්වා.

`ඵතර, කලමුල්ලේ පදිංචි උගෝ මංඩයිරාලලාගේ සුරංජි ලක්මාල් පෙරේරා, 31 හැවරිදිධීවර කාර්මිකයෙකි. 2013.11.06 වන දිනප:ව:2.30 ට පමණමොහු ගෙදර සිට කඩයට යෑම සඳහා ගාලූ පාර දෙසට ගමන් කරමින් සිටින විටසිවිල් ඇඳුමින් සිටි පයාගල පොලිසියේ ධම්මික හා තවත් නිලධාරීන් තිදෙනෙක් වරෙන්තුවක් ඇති බව පවසා අත් අඩංගුවට ගෙන පයාගල පොලීසියට ගෙන ගොස් ඔහු සතුව තිබු රු. 3000/= ක් උදුරාගෙන බොරු නඩුවක් දමා තිබේ.

මෙම පොලිස් අපරාධය පිළිබව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පෙලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල් ල පහත දක්වමු.
01. සභාපති,  මානව හිමිකම් කොමිෂන් සභාව,  165, කිංසි පාර, කොළඹ 08.
02. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනනින්දා අපහාස කොටව්‍යාජ නඩු පැවරීම සම්බන්ධවයි.
උගෝ මංඩයිරාලලාගේ සුරංජි ලක්මාල් පෙරේරාඅවු: 31යිජා.හැ.අ.813341123අවිවහකරැුකියාව : ධීවර කාර්මික
ලිපිනය : කමල් සෙවන”, පලවන පටුමගකලමුල්ල`ඵතර.

2013.11.06 වන දිනප:ව:2.30 ට පමණමා ගෙදර සිට කඩයට යෑම සඳහා ගාලූ පාර දෙසට ගමන් කරමින් සිටින විටපළමු පටු මග පටන් ගන්නා තැනදීසිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් මාව නවත්වා, ”බොට වරෙන්තුවක් තියෙනවා ” කිව්වා.

මම මට වරෙන්තුවක් නැතිබව කිව්වා. ඔවුන් දෙන්නා, ”නෑ බොට වරෙන්තුවක් තියෙනවා - තෝ පොන්නයා තොගෙ අම්මට  හු....ක ... නැතිව ගිහින් නැගපන් ජීප් එකට” කියා කිව්වා.

මගේ අතින් අල්ලාඇදගෙන ගොස් ගාලූ පාරේ නවත්වා තිබූ ජීප් එකට දැම්මා. ජීප් රථය එලවාගෙන ආවේ පයාගල පොලිසියේ ස්ථානාධිපති. මාව අත් අඩංගුවට ගත්තේ ධම්මික (දෙවෙනි මහත්තයා) යන නිලධාරියා. අනෙක් නිලධාරියාගේ නම දන්නේ නැහැ. දැක්කොත් අඳුරන්න පුලූවන්. මට කුණු හරප කියමින් බැන්නේ ධම්මික කියන නිලධාරියා.

මාව පයාගල පොලිසියට ගෙන ගියා. ජීප් රථයේ තව කිහිප දෙනෙක් හිටියා. මගේ ඇඟ අත ගාලාමාව පරීක්ෂා කලා. මගේ කලිසම් සාක්කුවේ රු:3000/=ක් තිබුනා.

රු: 1000/= නෝට්ටු දෙකයිරු: 500/= නොට්ටු එකයිරු: 100/= නෝට්ටු 05ක් වශයෙන් එ් මුදල් තිබුනේ.

එ් මුදල් දුන්නේ අම්මා බත් පාර්සල් විකුණපු සල්ලි. මට එ් සල්ලි දුන්නේ ගාලූ පාරේ ටොපි කඩයෙන් ” උයන්න අවශ්‍ය බඩු ගන්න.

එ් මුදල රු: 3000/= ධම්මික කියන නිලධාරියා ගත්තා.

ඊට පස්සේ මාව කූඩුවට දැම්මා.

රාත‍්‍රී 10.00 ට විතරමාව එළියට ගත්තා. නම්,ලිපිනය ලියා අත්සන් අරන්පොලිස් ඇප මත මුදා හැරියා. රා නඩුවක් දැම්මා. 2013.11.12 දින ක`ඵතර උසාවියට එන්න කිව්වා.

මීට පෙර මට රා” නඩු තුනක් තිබුනා. එ් මා අසල්වැසියෙකුගෙන් රා විකුණා අසුවී. එ් වැරදිවලට මා වරද පිළිගත්තා.

`ඵතර දකුණ පොලිසියෙන් මට දාපු 20287 නඩුවට මා වරදකරු බව පිළිගත්තා. ප‍්‍රජා සේවයට දැම්මා. 2013.10.25 නඩු දිනයට යන්න බැරි වුනා. මාව වරෙන්තු වුනා.

2013.10.28 දින මා අධිකරණයට ඉදිරිපත් වුනා. වරෙන්තුව ආපහු කැඳෙව්වා. මීළඟ නඩු දිනය 2014.02.07  වේ.

මා දැන් රා විකිණීමට යන්නේ නෑ. මා කරන්නේ අම්මා එක්ක බත් පාර්සල් විකුණන එක.

එසේ තිබියදීවරෙන්තුවක් කියා අත්අඩංගුවට ගෙනඅමු කුණූහරපයෙන් බැන වැදීනින්දා අපහාස කොටරඳවා තබාගෙනබොරු නඩු දැමීම මගින් මූලික අයිතීන් උල්ලංගණය කරමින්අපරාධයක් සිදු කළ පයාගල පොලිසියේ ස්ථානාධිපති ධම්මික නැමැති නිලධාරියාට හා අනෙකුත් අදල නිලධාරීන්ට එරෙහින නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

යූ. එම්. සුරංජි ලක්මාල් පෙරේරා.



No comments:

Post a Comment