Sunday, November 24, 2013

''පොලිස් ත්‍රස්ත්‍රවාදය'' - උසාවියේ නියෝගයට - අත්සන් කරන්න ‍පොලීසියට ගියාම, කකුල් කඩනවා කියනවා, වටකරගෙන ප්‍රකාශ වලට අත්සන් ගන්නවා, බණිනවා, තර්ජනය කරනවා, බොරු නඩු දානවා, රඳවා තබා ගන්නවා. මේක ත්‍රස්ත්‍රවාදය නොවේද?


උසාවියේ   නියෝගයට - අත්සන් කරන්න ‍පොලීසියට ගියාම, කකුල් කඩනවා කියනවා, වටකරගෙන ප්‍රකාශ වලට අත්සන් ගන්නවා, බණිනවා, තර්ජනය කරනවා, බොරු නඩු දානවා, රවා තබා ගන්නවා. මේක ත්‍රස්ත්‍රවාදය නොවේද?
 මේ අද පොලීසිය සාමාන්‍ය මිනිස්සුන්ට කරන අපරාධ. පොලිස් ත්‍රස්ත්‍රවාදය.
අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු චෝදනා දමා අධිකරණයට ඉදිරිපත් කළ විට, නිවැරදිකාරයා කිව්වොත් - නඩුකාරයෝ එක්කෝ රිමාන්ඩ් කරනවා. නැතිනම් උසුලා ගන්න බැරි ඇප කොන්දේසි දානවා. පොලීසියට ගිහිල්ලා අත්සන් කරන්න නියම කරනවා. මේ ආකාරයට දඩුවම් දෙනවා.
මේ සියල්ල කරන්නේ වැරදිකාරයා කියලා පිළිගත්තේ නැති නිසා. උසාවිය ඇප නියම කරන්නේ නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම වැරැද්දක් වශයෙන් තීරණය කරලා.
රුවන්ට පළමු බොරු නඩුව දැම්මේ 2012 දෙසැම්බර් වල. එයට නිවැරදිකරු කිව්වම මේ වන විට බොරු නඩු පහක් දාලා තියෙනවා.
පොලීසිය උසාවියට කියනවා අපරාධකාරයෙක් කියලා. මේ එකම නඩුවකටවත් රුවන් වැරදිකාරයා වෙලා නැහැ.
නීතියේ සහන් වන්නේ අධිකරණෙයෙන් වැරදිකාරයා කරන තෙක්, ඒ පුද්ගලයා නිර්දෝශියි කියලා.
එහෙම තිබුණට පොලීසිය කියන විදියට ඇප දීම ප්‍රතික්ෂේප කරනවා.මොවුන්ට ඇප දුන්නොත් යළිත් වැරදි කළ හැකි බව පොලීසිය පවසන නිසා බව සහන් කරන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට තදබල ඇප නියම කරමි, යනුවෙන් සටහන් කර  ප්‍රකාශ කරමින් මුදල් ඇප, ශරීර ඇප, පදිංචි සහතික ආදියට අමතරව සෑම සතියකම පොලීසියට ගොස් අත්සන් කරන්නද නියෝග කරනවා.
මෙම සැකකරුවන් නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම ගැන කිසිවක් නොවිමසන මහේස්ත්‍රාත්වරයා අසරණ සැකකරුවන්ට යුක්තිය අහිමි කිරීම විශාල ප්‍රශ්නයක්.
රුවන් 2013.11.23 බණ්ඩාරගම පොලීසියට ගියේ අධිකරණ නියෝගයට අත්සන් කරන්න.
තමාට වධදීම, බොරු නඩු දැමීම, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රවා තබා ගැනීම ගැන ඔහු මානව හිමිකම් කොමිෂමට කළ පැමිණිල්ල මෙම මස විමර්ශනයට නියම කර තිබෙනවා.
එම පැමිණිල්ල ඉල්ලා අස්කරවා ගැනීමට වෙර දරන බණ්ඩාරගම පොලීසියේ ක්‍රියාකලාපය පිළිබව ඔහු මානව හිමිකම් ‍කොමිෂමට කළ පැමිණිල්ල පහත දක්වමු.
මෙම අයුක්ති සහගත, දූෂිත පිළිවෙත් මගින් සිදු කරන්නේ රටපුරා බුර බුරා  ගොඩනැ‍ගෙන පොලිස් ත්‍රස්ත්‍රවාදයට රුකුල් දීමකි. කියවන්න ඞී.ඒ.රුවන් කුමාර 2013.11.24 දාතමින් මානව හිමිකම් කොමිෂන් සභාවඑ සහ පොලිස්පති ඇමතන ලද පැමිණිල්ල.

බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගැනීම හා තර්ජණය කිරීම

අධිකරණ නියෝගයක් අනුව -සෑම සෙනසුරාදාවකම හා සෑම මසකම දෙවන හා අවසන් ඉරිදා දිනයන් හී මා බණ්ඩාරගම පොලිසියේ අත්සන් කිරීමට නියමිතය.

ඒ අනුව මා 2013.11.23 (සෙනසුරාදා) අත්සන් කිරීමට පෙ:ව:9.45ට පමණ බණ්ඩාරගම පොලිසියට ගියා. මාගෙන් අත්සන් ගන්නා විට වේලාව පෙ:ව:9.50 පමණ වුනා. අත්සන් කර අවසන් වූ විට පොලිස් සැරයන් රණවීරඅපරාධ අංශයේ ස්ථානාධිපති හා තවත් නිලධාරින් කිහිප දෙනෙක් මාව වටකරගෙන මගෙන් නොයෙක් දේවල් අසන්නට වුනා.

පො.සැ.රණවීර මාගෙන් විමසා සිටියා ‘‘උඹ මානව හිමිකම් ගියේ ඇයි ?” කියා. මම කිව්වා නිරන්තරයෙන් මාව අත්අඩංගුවට ගෙන,වධහිංසා කරව්‍යාජ නඩු පවරා මාව හිරිහැරයට ලක් කරන බැවින් මා එසේ ක‍්‍රියා කල බව.

ඒ අවස්ථාවේ මාගේ බිරිඳ පොලිසිය තුල සිටිනු දැකඅපරාධ අංශයේ ස්ථානාධිපති එ‘‘මේ නෝනාද” කියා මාගෙන් විමසා සිටියා. එවිට මා ‘‘ඔව්” කිව්වා. ඒ අවස්ථාවේ මාගේ බිරිඳ මා සිටි තැනට පැමිණියා. එවිට පො.සැ.රණවීර ඇගෙන් විමසා සිටියා එ‘‘මානව හිමිකම් ගියේ මොකටද ?” කියා. ඇය පැවසුවා ‘‘අපිට කරන අසාධාරනකම් නිසා” ගිය බව. එවිට තමුසේ යනවාතමුසෙ යනවාඅපි මෙයාගෙන් කටඋත්තර ගන්නේ” කියා ඇයව එලවා ගත්තා.

එවිට පො.සැ.රණවීර ‘‘උඹ මානව හිමිකම් නොවෙයි ජිනීවා පලයන්උඹ මානව හිමිකම් දහයක ගියත් කමක් නැහැ කකුල් දෙක කඩනවානැත්තම් කාණු ගැට්ටක තියනවාඋඹ නඩු පැරදුනොත් ලක්ෂ 10-15ක් ලැහැස්ති කරන් හිටපන් වන්දි ගෙවන්න කියා. එමෙන්ම පො.සැ.රණවීර ප‍්‍රකාශ කලා අපි මානව හිමිකම් එකට හොඳ ලෝයර් කෙනෙක් අරන් යන්නම්උඹ මානව හිමිකම් එකෙන් ලෝයර් කෙනෙක් ඉල්ලා ගනින් ” කිව්වා.

පසුව පො.සැ.රණවීර - පොඩි හතරැස් පොතක් ගෙනමොනවද ලියා මට එයට අත්සන් කරන ලෙස පැවසුවා. බියට පත්වූ මා එයට අත්සන් කලා. ලියූ දේවල් කියවා තේරම්කර දුන්නේ නැහැ. මා අකුරු කියවීමට හෝ ලිවීමට නොහැකි අයෙක් බැවින් ලියා තිබුනේ මොනවාදැයි මා දන්නේ නැහැ.

අනතුරුව පො.සැ.රණවීර මට පවසා සිටියා ‘‘මේ කොලය 29 වෙනිදාට මානව හිමිකම් කොමිෂමට යවනවා, 29 වෙනිදා ගමේ මිනිස්සු බස් එකක් එකතු කරලා මානව හිමිකම් එකට එක්කගෙන එනවා උඹට විරුද්ධව කියන්න” යනුවෙන් ද පවසා සිටියා.

එමෙන්ම අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පවසා සිටියා -‘‘ 29 වෙනිදාට පෙට්ටියකුත් ලැහැස්ති කරගෙන මානව හිමිකම් එකට පලයන්කනත්තත් ළඟයිනේ ” යනුවෙන්.

අපි එක්කගෙන යන මිනිස්සු උඹව ගහලා මරයි” යනුවෙන් - පො.සැ.රණවීර පවසා සිටියා.

‘‘උඹේ ඇගිලි සලකුනු වෙනස් කරලා හරිඋඹව තව කේස් දෙක තුනකටම පටලවනවා යනුවෙන් තවත් නිලධාරියකු විසින් මට තර්ජණය කරනු ලැබුවා. එම නිලධාරියාව දුටුවොත් අඳුනාගත හැකිය.

මා රඳවා තබාගෙනබලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගැනීමට සූදානම්වීම පිළිබඳව මාගේ බිරිඳ වන චින්තනී නදීෂා මිය විසින්2013.11.23 දින - මා.හි.කොමිෂමේ හදිසි දුරකථන අංකයට පැමිණිලි කර තිබේ.

මා ප‍්‍රකාශ කර සිටින්නේ - පොලිස් සැරයන් රණවීර විසින්මා නොදන්නා ප‍්‍රකාශයකට බලහත්කාරයෙන් මාගෙන් අත්සන් ගත් බවත්,මා අධිකරණ නියෝගය අනුව පොලිසියට ගිය විටමෙසේ මාහට හිරිහැර තර්ජණ කරනා බවත්මානව හිමිකම් කොමිෂමේ ආරම්භව ඇති HRC/3950/13 විමර්ශණය හේතුවෙන් මාහට බලපෑම් කරනා බවත්මේ ආකාරයෙන් කටයුතු කරමින් නිරන්තරයෙන් මා ඇතු`ඵ නිවැසියන් පීඩාවට පත් කරනා බවත්ය.

එසේමබණ්ඩාරගම පොලිසියේ පො.සැ.රණවීර විසින් මාගෙන් බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගත් බවත්බියට පත්ව සිටි මා එයට අත්සන් කලා මිසකිසිඳු ප‍්‍රකාශයකට මා කැමැත්තෙන් අත්සන් නොකල බවත් ප‍්‍රකාශ කර සිටිමි.

ඔහු ඉල්ලා සිටින්නේනිරන්තරයෙන් සිදු කරන තර්ජණය කිරීමඅත්අඩංගුවට ගැනීමහිරිහැර කිරීම හා බලපෑම් කිරීම නතර කරවීමට සහ ව්‍යාජ නඩු පැවරීම් නතර කිරිමට පියවර ගන්නා ලෙසය.



1 comment:

  1. පවු මේ අහිංසක මිනිස්සුන්ට කාගේ නම් පිහිටක්ද?

    ReplyDelete