Sunday, November 17, 2013

පොලිසියට ගිය පුතාව නිරුවත් කරලා, එල්ලලා පිටට, තට්ටම් වලට, කකුල්ලට, යටි පතුල්වලට ගැහැව්වා. රුපියල් ලක්ෂ 2 1/2 කප්පමක් ඉල්ලුවා. දවස් පහක් තියා ගත්තා.


කරන්දෙණීය පොලිස් ස්ථානයේස්ථානාධිපති කීර්ති සුරංජිත් වැල්ලගේඋ.පො.ප. ප‍්‍රසන්න මෙන්ඩිස්පො.සැ.24643 ඩග්ලස් සිල්වාපො.කො.53241 සිල්වා  පොලිසියට ගිය පුතාව  නිරුවත් කරලා, එල්ලලා පිටට, තට්ටම් වලට, කකුල්ලට, යටි පතුල්වලට ගැහැව්වා.  රුපියල් ලක්ෂ 2 1/2 කප්පමක් ඉල්ලුවා. දවස් පහක් තියා ගත්තා. ගිනි අවි පනත යටතේ බොරු නඩු දාලා රිමාන්ඩ් කලා.

ඌරගහ.  74යි හැවරිදි ඉඩම්හිමි වැවිලිකරු වකු වන සැමියෙල් වීරවර්ධන, 27යි හැවරිදි තම පුතා වන ලසන්ත කමල් වීරවර්ධනවකරන්දෙණිය පොලිසියේ   ස්ථානාධිපති කීර්ති සුරංජිත් වැල්ලගේ  දුරකථනයෙන් කථා කොට පොලිසියට ගෙන්වා ඉහත ආකාරයට වධ දෙමින්, රුපියල් ලක්ෂ 2 1/2 කප්පමක් නිවැසියන්ගෙන් ඉල්ලමින් සිට නොදුන් නිසා, දවස් පහක් පුරා අත් අඩංගුවේ තියා ගෙන, ගිනි අවි පනත යටතේ බොරු නඩු දාලා රිමාන්ඩ් කිරිම පිළිබව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිල්ලකරමින්,  කරන්දෙණීය පොලිස් ස්ථානයේස්ථානාධිපති කීර්ති සුරංජිත් වැල්ලගේඋ.පො.ප. ප‍්‍රසන්න මෙන්ඩිස්පො.සැ.24643 ඩග්ලස් සිල්වාපො.කො.53241 සිල්වා  යන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මේ පිලිබඳ පරීක්ෂණ පොලිස් මූලස්ථානය මගින් සිදුකල යුතු බවට ඉල්ලා සිටි.

මෙයට අමතරව තම පුතාට අයත් රු. 60,000ක් පමණ වටිනා “චේන් බොලොක්කයක්  ස්ථානාධිපති වැල්ලගේ ලබාගෙන ඇත. එය ආපසු ඉල්ලුවෝ “හොර බඩු ල තබා ගැනීමේ චොදනාව යටතේ ඔහු ගේ බැනාව අත්අඩංගුවට නඩු පවරන බවට තර්ජනය කරන බවද ඔහු කියා සිටි.

No comments:

Post a Comment