Thursday, November 28, 2013

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කල නඩුවක්, සැකකරුව අත්අඩංගුවට ගන්න බැරිව නඩුව අවසන් කලා.



මානව හිමිකම් කොමිෂමේ මාතර ශාඛාව පොලිස් කාරයින් සමග එකගෙයි කනවා.
දූෂණ නඩුවට අවුරුදු 06ක්. නඩුව අහන්නේ නැහැ.
මානව හිමිකම් කොමිෂමට ගිහිල්ලා, නුඹලා අපිට මොනවා කරන්නද ? පොලිස් කාරයෝ පස්සෙන් ඇවිත් අපෙන් අහනවා.

2013 නොවැම්බර් 23 වන දින ගාල්ල නගර ශාලාවට එක්වූ, ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වධහිංසාවට, නීති විරෝධී ක්‍රියාවන්ට සහා අධිකරණ ක්‍රියා පටිපාටියෙන් පීඩා විින, වින්දිතයින් හැටකට ආසන්න සංඛ්‍යාවක්, යුක්තිය උදෙසා තමන් කරනු ලබන අරගල පිළිබව පැහැදිලි කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ, ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්- සංවාදයට එක්වෙමින් කියා සිටියේ, පොලිසියේ ඉහළ නිලධාරීන් කියන දේට හාත්පසින්ම වෙනස්වූ ක්‍රියාවන්හී පොලිස් කාරයින් නිරතවන බවත්, ලිංගික වෘත්තිකයින් හාරදහසක් පමණ ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අතර, ඔවුන් පොලිසියෙන් නිරන්තරයෙන් පීඩාවට පත්වන බවය.


සියලු දෙනාගේම, කථාන්දර, සිද්ධි වශයෙන් ගත්කල එකිනෙකට වෙනස්. නමුත් පෙන්නුම් කරන්නේ එකම කරුණු. එනම් පවතින ආණ්ඩුවේ - නීතිය මත පාලනය වෙනුවට, පුද්ගලයෙකු මත පාලනයකට අර අින බව. ඒ සහා දූෂිත පොලිසියක්, අධිකරණ ක්‍රියා පිළිවෙතක් අත්‍යාවශ්‍ය බව.

මේ නිසා, තමන් පුද්ගලිකව ප්‍රශ්ණයකට මැදිවන තුරු බලා නොසිට, පවතින්නාවූ දූෂිත පාලනය අභියෝග කල යුතු බව, එහිදී - ජනයාව මර්ධනයට යොදා ගන්නා පොලිසිය හා අධිකරණ කාර්ය පටිපාටීන් අභියෝග කල යුතු බව, මෙම ප්‍රශ්ණ සෑම තැනකම කථා කල යුතු බව, ජනසංසදය අවධාරණය කළේය.


ජනසංසදයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා - නිලූ ප්‍රියදර්ශනී සහෝදරිය සංවිධානය කල මෙම වින්දිතයින්ගේ රැස්වීමට - ජනසංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා, භාණ්ඩාගාරික හර්ෂි පෙරේරා, සම්බන්ධීකාරක අනූෂා පෙරේරා හා ප්‍රදීපා කුමාරි එක් විය.

No comments:

Post a Comment