Monday, November 11, 2013

වැටුනාහම උස්සා නැගිට්ටලා ගැහැව්වා. වමනය යන කම්ම ගැහැව්වා. ඔක්කම හිටියේ හොඳටම බිලා. ෂර්ට් එක ගලවලා, මුහුණ වැහෙන්න ඔලූවේ ඔතලා, පොලිස්කාරයෝ හතර දෙනාම වටකරගෙන අතින් පයින් හා බැටන් පොල්ලෙන් හැම තැනටම ගැහුව්වා.


තුවාල පෙන්නුවත් බද්දේගම රෝහලේ දොස්තර බැලුවේ නැ.

බද්දේගම, ජගත් හේමන්ත කුමාර (අවු: 40යි) කම්කරුවෙක්.  2013.09.22 දින රැ එම්. මිහිරි පෙරේරා ගේ කැබ් රථයෙන් පැමිණි පෝද්දල පොලිසියේ,ස්ථානාධිපති කීර්තිසිංහඋ.පො.ප.අබේරත්න හා සුරංග නැමැති නිලධාරීන් මේ ආකාරයට වධදී 2013.09.25 බොරු චොදනා නගා ගාල්ල මහෙස්ත්‍රාත් හමුවට පත්කොට දින 30ක් රිමාන්ඩ් කරවන ලදි.

එම්. මිහිරි පෙරේරා නැමැති අයගේ අවශ්‍යතාවයට පොද්දල පොලීසියේ ස්ථානාධිපති කීර්තිසිංහඋ.පො.ප.අබේරත්න හා සුරංග නැමැති නිලධාරීන් සිදුකරන ලද අපරාධය පිළිබව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා පොලීසිය බාර ජනාධිපති රාජපක්ෂ පාලනය යටතේ පිහිටුවා ඇති නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සහන් වේ.

‘‘  2013.09.21 දිනරාත‍්‍රී 11.30 ට පමණමාගේ නැන්දම්මා වන සුමිත‍්‍රා දමයන්තිචතුරංග වැඩට ආවාද කියා ඇහුව්වා. මම කිව්වා නැහැ කියලා. චතුරංග21 දින වැඩට එනවා කියා ආවා කියා ඇය කියා සිටියා. පසුදින එනම් 2013.09.22 වන දිනයලිත් රාත‍්‍රීයේමගේ නැන්දම්මා දුරකථනයෙන් කතාකර කිව්වා - හැම තැනම හෙව්වා චතුරංග නැහැ කියා. මම කිව්වා මම හෙට ගෙදර එන්නම් කියා. චතුරංග යනු මාගේ ළඟ ඥතියෙකි. එම දුරකථන පණිවුඩය ලැබී ටික වේලාවකින්නැවතී සිටි බෝඩිමට කැබ් රථයක් ආවා.

එම කැබ්රථයේ පැමිණියේ පෝද්දල පොලිසියේස්ථානාධිපති කීර්තිසිංහඋ.පො.ප.අබේරත්න හා සුරංග නැමැති නිලධාරීන් තිදෙනාය. එයට අමතරව,එම්.මිහිර් පෙරේරා නැමැති අයකු සිටියා. ඔවුන් පැමිණ සිටියේ එම්.මිහිරි පෙරේරා ගේ වාහනයේය. ඔහු කැබ්රථය අයිතිකරු වේ. ඔවුන් සියලූ දෙනාම සිටියේ සිවිල් ඇඳුමින්. ස්ථානාධිපති කීර්තිසිංහ හේමන්ත ඉන්නවාද” කියා ඇසුවා. කොන්ත‍්‍රාත්කරු චන්ද්‍රදාස ඉන්නවා කිව්වා. මා ඉදිරිපත් වුනා. උඹව තමයි හෙව්වේ කියාමට ෂර්ට් එකක් දාගනින් කියාඅත්අඩංගුවට ගෙන මාංචු දැම්මා.

එ් අවස්ථාවේ ඔවුන් සිටියේ හොඳටම මත්පැන් බීලා. ඔවුන් පැමිණි එම්. මිහිරි පෙරේරා ගේ කැබ් රථයට මා නංවා ගත්තා. එහි චතුරංග හිටියා. මාව චතුරංග අසලින් ඉංදෙව්වා. චතුරංග ගේ එක් අතකට මාංචු දාලාඑම අත ඉඳගෙන සිට ෂීට් එකේ හිස හේත්තු වන කොටසේ පිටුපස පැත්තට සම්බන්ධ කර තිබුනා. එබැවින් ඔහුගේ අත එසවීහිස පිටුපස දෙසට හැරී තිබුනා.

එම පාරේගාල්ල දෙසට කිලෝමීටර දෙක තුනක් පැමිණවාහනය නැවැත්වූවා. එතැන දෙපැත්තේම වෙල තිබුනා. සරංග නැමැති නිලධාරියාමාව වාහනයෙන් එළියට ඇද බිමට දැම්මා. ඉන් පසුවඑම්.මිහිර් පෙරේරා යන අය පෙනවමින්තෝ මේ මහත්තයාගේ බඩු ගත්තා නේද කියමින් මට පහර දුන්නා. ස්ථානාධිපති කීර්තිසිංහ උ.පො.ප. අබේරත්නසුරංග හා එම්.මිහිරි පෙරේරා එක්ව මට පහර දුන්නා.

එසේ පහර දුන්නේ මාව බිම දාලා. සුරංග හා අබේරත්න මගේ කකුල් දෙක තද කරලා අල්ලා ගත්තා. ස්ථානාධිපති කීර්තිසිංහ බැටන් පොල්ලෙන් යටිපතුල්වලට ගැහුව්වා. එයින් පසුවබිම වැටී සිටි මට හතර දෙනාම අතින් පයින් ගැහුව්වා. එසේ විනාඩි 20ක් විතර පහරදීනැවත කැබ් එකට දමා ගත්තා. මේ සියල්ල කලේ මාංචු දාලා සිටියදී.

එයින් පසුව නැවතපා`ඵ පිට්ටනියක් ලඟ නවත්වා - ඇදලා බිමට දමාමගේ ෂර්ට් එක ගලවාමුහුණ වැසෙන ලෙසට ඔලූවේ ඔතාහතර දෙනාම වටකරගෙන අතින් පයින් හා බැටන් පොල්ලෙන් ශරීරයේ හැම තැනටම ගැහුව්වා. වැටුනු විට උස්සා නැගිට්ටවා පහර දුන්නා. ඒ අවස්ථාවේ මට වමනය ගියා.

එතනදී විනාඩි 20 - 25ක් පමණ මට පහර දුන්නා. එයින් පසුව නැවත කැබ්රථයට දා ගත්තා. මගදි මට වමනය ගියා. එවිට කැබ් රථය නවත්වමට වමනය දාන්න කිව්වා. මට බහිනකොට එම්.මිහිරි පෙරේරා යන අයඔහුගේ අත තිබූ ජංගම දුරකථනය මගේ කට ළඟට තියාබඩු ගත් බවට පිළිගනින් කියමින් තර්ජණය කලා. පහරදීම් නිසා දැඩි වේදනාවෙන් හා හෙම්බත්ව සිටි මා තවත් ගුටිකන්න බැරි නිසාපහර දීම වළක්වා ගැනීම සඳහාත් බියටම වරද පිළිගත්තා.

ඉන් පසු කැබ් රථය කරාපිටිය රෝහල අසල කඩයක් ළඟ නැවැත්වූවා. සුරංග හා තවත් නිලධාරියෙක් කඩයට ගිහිල්ලා තේ අරන් ආවා. ඔවුන් සියලූ දෙනා තේ බිව්වා. එයින් පසුවස්ථානාධීපති කීර්තිසිංහ පෝද්දල පොලිසියට කථාකොටයුනිෆෝම් 04කු සමගජීප් එක ගිංතොට ඩිපෝව පිටුපසට එන්න යයි කිව්වා.

ඩිපෝව පිටුපසට පැමිණි පසුවඑතනට ජීප් රථය ආවා. අපි දෙන්නාව ජීප් රථයට නැංවූවා. ඉන් පසුවජීප් රථය හා කැබ් රථයගිංතොට කතරගම අනුහස් පල්ලිය අසල නැවැත්වූවා. එ් අවස්ථාවේ නිවෙස් දෙකකට ගොස්තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඉන්පසු බලගොඩ හංදියට ඇවිත්,රථ දෙකම නැවැත්වූවා. එම්.මිහිරි පෙරේරා ගේ කැබ් රථයේ ආපු ස්ථානාධිපති කීර්තිසංහ උ.පො.ප.අබේරත්නසුරංග හා අනෙක් නිලධාරීන් 2, ජීප් රථයට නැග්ගා. එම්.මිහිරි පෙරේරා යන්න ගියා.

අපිව පෝද්දල පොලිසියට ගෙන ගියා. පොලිසියේදීඅපි දෙන්නාව බිමට ඇද දැම්මා. එයින් පසුවබිම වැටුනු අප දෙන්නාව ෂර්ට් කොළරයෙන් අල්ලා ඇදගෙන ගොස් ස්ථානාධිපතිගේ කාමරයට දැම්මා. අනෙක් දෙන්නාවත් ස්ථානාධිපතිගේ කාමරයට ගෙනත් දැම්මා.

අපි දෙන්නවා ජීප් රථයෙන් බිමට දාන කොටඑ් අසල මගේ නැන්දම්මාමාගේ බිරිඳදරුවා හා ලොකු අම්මා ඉන්නවා දැක්කා. ඔවුන් ගහන්න එපා කියමින් කෑගහනවා ඇසුනා.

ස්ථානාධිපතිගේ කාමරයේ සිටි අපිවපසුව පොලිසිය පිටුපස කාමරයට ගෙනගොස් එහි තිබූ ඇඳන් දෙකේ කකල් වලට තියා මාංචු දැම්මා. එහිදී විටින් විටරාත‍්‍රිය පුරාම විටින් විට පැමිණී නිලධාරීන් අපට පයින් පහර දුන්නා. ඒ ආකාරයටම, 2013.09.25 දින දක්වාම තියාගෙන හිටියා.

2013.09.25 දහවල් අපි හතර දෙනාවත්ඒ වන විට අත්අඩංගුවට ගෙන සිටිමාගේ බිරිඳදරුවානැන්දම්මා හා ලොකු අම්මාව,ජීප් රථයට නංවාගෙන බද්දේගම රෝහලට ගෙන ආවා. රෝහලේදීඑක් එක් අයව එහි වෛද්‍යවරයා ළඟට ගෙන ගියා.

මා වෛද්‍යවරයාටපහර දුන්න බව ප‍්‍රකාශ කලා. මම ශරීරියේ පහරදීමෙන් ඉඳිමිනු තැන් පෙන්වන්න උත්සාහ කලා. නමුත් කිසිම පරීක්ෂණයක් කළේ නෑ. ඔයා යන්න කියාපොලිස් නිලධාරින්ට බාර දුන්නා. එ් වෙලාවේ පොලිස් නිලධාරීන් වෛද්‍යවරයා ළඟ සිටියා.

ඉන් පසුවමාගේ බිරිඳදරුවා නැන්දම්මාලොකු අම්මා - බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලදඅප සිව් දෙනාව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.

එහිදී අපට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. මට පහර දුන්න ස්ථාන පෙන්නුවා. ඒ අවස්ථාවේ මහේස්ත‍්‍රාත්තුමා අපව රක්ෂිත බන්ධනාගාර ගත කොටපසු දිනමකරාපිටිය මහා රෝහලේ අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කරන ලෙසට බන්ධණාගාරයට නියම කලා.

ඒ අනුව පසුදිනඑනම් 2013.09.26 දිනබන්ධනාගාරය විසින් මාව හා අනෙක් තිදෙනාවකරාපිටිය මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කලා. එහිදී පරීක්ෂා කළේ අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් විසින්.

බන්ධනාගාර රෝහලින් අපට ප‍්‍රතිකාර ලබා දුන්නා.

2013.10.25 දින ඇප ලබා දුන්නා. දින 30ක් රක්ෂිත බන්ධනාගාරගත කලා.


මට හා අනෙක් තිදෙනාටරත්තරන් බඩු සොරකම් කිරීම පිලිබඳව නඩු පවරා තිබෙනවා. නඩු අංකය 8687 වන අතර, 2014 ජනවාරි 31 වේ.

No comments:

Post a Comment