Saturday, November 30, 2013

54 කට මරු කැඳවූ - සුපිරි වෙළඳසැලේ වහලය කඩා වැටීමේ වගකීම ලැට්වියානු අගමැති බාරගනී.



මෙම මස 21 වන දින, ලැට්වියාවේ රිගා අගනුවර, සුපිරි වෙළසැලක වහලය කඩා වැටීම නිසා, 54 කු මිය ගියහ.
ප්‍රමිතියෙන් තොරව ගොඩනැගිල්ල ඉදිකර තිබීම, වහලය කඩා වැටීමට හේතුව විය. ගොඩනැගිල්ල ඉදිකරන ලද සමාගම, දූෂිත පිළිවෙල අනුගමනය කර ඉදිකරීම් කටයුතු නිම කිරීම නිසා වහලය කඩා වැටී 54 කගේ ජීවිත විනාශයමිනිස් ඝාතන වශයෙන් එරට හුන්වනු ලබයි. මෙහි වගකීම ඉදිකිරීම් සමාගමට පමණක් පැවරිය නොහැකි බව සහ ඒ පිළිබව රජයද වගකිව යුතු බව ප්‍රකාශ විය.
මන්ද මෙම ඛේදවාචකය ගැත්තන්ට සැලකීමේ සංස්කෘතියේ පිළිඹිබුවක් නිසාය. මෙම මූලධර්මය මත පිහිටා, ලැට්වියානු අගමැති සිය පදවියෙන් ඉවත් විය.
අගමැති වල්දිස් ද්‍රෙම්බ්‍රෙව්ස්කි ගේ ඉල්ලා අස්වීම ගැන ප්‍රකාශයක් කළ විට එරට  ජනාධිපතිවරයා, මෙම ඉදිකිරීම් වලට සම්බන්ධ සියලු දෙනා අගමැතිවරයා අනුගමනය කළ යුතුව ඇතැයි කීය.

පූන්‍ය භූමියක් යැයි කියා ගනිමින්, බුදුන්ගේ දේශය යැයි බෝඩ් ගසා ගනිමින් සිටින අපේ ජනාධිපති, මැති ඇමතිවරු, කොතරම් දහජරා වැඩ කළත් ඉල්ලා අස්වන්නේ නැත. ඉල්ලා අස්වන්න යැයි යමෙක් ප්‍රකාශ කළ ඉල්ලා අස්වන්නේ නැතැයි ප්‍රසිද්ධියේ කියා සිටි. ඒ ඔවුන් ජාතියේ පිනට උපන් නිසාය. අපේ සංස්කෘතිය, සදාචාරය ප්‍රධාන අංග ලක්ෂණය දුෂණය, ඥති සංග්‍රහය සහ නිවට කම නිසාය.

1 comment:

  1. බටහිර මිනුම් දඬු වලට අනුවත්, ආදර්ශමත් අගමැතිවරයෙක්. ලැට්වියාව කියන්නේ යුරෝපයේ දැනට තියන වේගවත්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකය. හැබැයි මෙම පාලන කාලය තුල රජයේ ආදායම් කැපීම සඳහා ගොඩනැගිලි තත්ත්ව පරීක්ෂණ අදිකාරිය විසිරුවා හරිම මගින්, මෙම ඛේදවාචකයට පාර කැපුවා කියලත් චෝදනාවක තියනවා. ඒ කතා කොහොම වුනත්, 1971 වසරේ ඉපදුන ව්ලදිස්, අද ඕනෙම රටකට ගැලපෙන ආකාරයේ අගමැති කෙනෙක්. විද්‍යාවෙන් පශ්චාත් උපාධියක් පවා නිම කරපු ඔහු, මෙතරම් වයසකින් අගමැති පදවියට පත් වීම, රටේ ආර්ථිකය නගා සිටුවීම පමණක් නොවේ, ඉවත්ව ගිය ආකාරයත් අගෙයි.

    ReplyDelete