Friday, November 29, 2013

හු...පුතෝ කියමින් - නාගොඩ පොලිසියේ පුෂ්ප කුමාර කියන නිලධාරියා - මාව නිරුවත් කරලා, ධර්ම චක්‍ර ක්‍රමයට එල්ලා, පෙට්‍රල් දාපු ෂොපින් බෑග් ඔලුවේ ඔතා, කේබල් එකකින් යටිපතුල්වලට පහර දුන්නා. සිහිය නැතිවුනා. වමනය ගියා.

මෙය කෙළේ - ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සහචරයෙකුව බේරාගන්න. වධදීලා, බොරු නඩුවක් දැම්මා.
ඉදිරියේදී මා මානසික රෝගියකු වනු ඇති බව - වෛද්‍යවරු කියනවා.

තමාට වධදීම ගැන මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කරන ඔහු - එම පැමිණිල්ල පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකය මගින් සහා මානව හිමිකම් කොමිෂමේ කොළඹ මූලස්ථානය මගින් පමණක් විමර්ශණය කළයුතු බව කියා සිටී.

දෙදරු පියකු වන ඩබ්. ඒ.අරංග චමිල, උඩුගම පදිංචි, කුලී වැඩ කර ජීවත් වන කෙනෙකි. ඔහු පොලිස්පති හා මානව හිමිකම් කොමිෂම අමතන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

‘‘ 2013.11.20 දිනඋදේ මාගේ අම්මා අත - ගාල්ල නාගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් පණිවුඩයක් එවා තිබුනා මාහට පොලිසියට පැමිණෙන ලෙසට. මා 2013.11.20 දින සවස 7.00 පමණ නාගොඩ පොලිසියට ගියා.

ටික වේලාවකින් සිවිල් ඇඳුමින් සිටි පුෂ්ප කුමාර නැමැති නිලධාරියා පැමිණ මට 08 කාමරයට කතා කලා. ඔහු මාගෙන් වීරසිංහගේ නිවස ගිණි තැබීමක් පිලිබඳව ප‍්‍රශ්ණ කලා. මා කිසිත් නොදන්නා බව ප‍්‍රකාශ කලා. පසුව ඔහු මාගෙන් කටඋත්තරයක් ගෙන ලියා ගත්තා. නමුත් මගෙන් අත්සන් ගත්තේ නැහැ.

පුෂ්ප කුමාර නැමැති නිලධාරියා මූව කාටවත් පෙන්වන්න එපා” කියා රිසව් සිටි නිලධාරිනියට පවසා මාව කූඩුව තුලට දැමුවා.

රාත‍්‍රී 7.30 පමණ පුෂ්ප කුමාර නැමැති නිලධාරියා මාව කූඩුවෙන් එළියට ගෙන ස්ථානාධිපතිවරයා වෙත ගෙන ගියා. පුෂ්ප කුමාර නැමැති නිලධාරියා සර් මූ තමයි ගෙට ගින්දර දාපු එකා” කියා පැවසුවා. ස්ථානාධිපතිවරයා ඇත්තද කොලූවෝ උඹ ගෙට ගින්දර දැම්මාද” කියා ඇසුවා. මා කිව්වා සර් මම එ් විස්තර කිසි දෙයක් දන්නේ නැහැ” කියා.

ස්ථානාධිපතිවරයා” ඇත්ත කියපන් කොල්ලෝඋඹට බෝම්බ දෙකක් දාලා අවුරුදු 2ක් බන්ධණාගාරයට යවනවා” කිව්වා. මා තරයේ ප‍්‍රකාශ කලා සර් බෝම්බ දානවානම් දාන්න මම එහෙම කලේ නැහැ” කියා. එවිට ස්ථානාධිපතිවරයා උඹ මීට කලින් කේස් කීයකට අහුවෙලා තියෙනවාද” කියා ඇසුවා. මා කිව්වා කිසිම දේකට මම පොලිසියකට ඇවිල්ලා නැහැ වැරදි වැඩ කරන්නේවත් නැහැ” කියා. එවට ඔහු” උඹ ඇත්තද කියන්නේ කියාපොත් වගයක් පෙරලමින් බලාපුෂ්ප කුමාර නැමැති නිලධාරියාට කිව්වා මූ කාලකණ්නි කොල්ලෙක්දැන් හිංදා කූඩුවේ දාලා තියලා උදේට මුදාහරින්න” කියා. එවිට පුෂ්ප කුමාර නිලධාරියා සර් මූට දෙන්න පොඩි ඉන්ජෙක්ෂන් එකක් මා ළඟ තියෙනවාඑ්ක දෙන්න  ඕනා” කිව්වා. එවිට ස්ථානාධිපතිවරයා නිශ්ශබ්දව සිටියා. පසුව පුෂ්ප කුමා රනිලධාරියා මාගේ ෂර්ට් කොළරයේ පිටුපසින් අල්ලාගෙන කූඩුව ළඟට මාව ගෙනගොස් මාගේ දකුණු කණට අතින් පාරවල් දෙකක් ගසා කියපන් හුත්තිගේ පුතෝ ඇත්ත” කියා කිව්වා. පසුව මාගේ ෂර්ට් කොලරයේ ඉදිරිපසින් මාව අල්ලා උස්සා මාව පොලවේ ගැසුවා. මාව බිමට වැටුනු පසු නැවත උස්සා අරගෙන එ් අසල තිබූ කොන්ක‍්‍රීට් කණූවක ගැහුව්වා. ඉන් මාගේ තුනටිය ප‍්‍රදේශය දැඩි වේදනාවක් දැනුනා. ”? 9.30 උඹව ආයිත් මම ගන්නවා හුත්තිගේ පුතෝ කියා මාව කූඩුවට විසික් වෙන්න පයින් පාරක් ගැසුවා. මාව විසිවී ගොස් කූඩුව තුල වැටුනා.

නැවත රාත‍්‍රී 9.30 -10.00 පමණපුෂ්ප කුමාර නැමැති නිලධාරියා මාව කූඩුවෙන් එළියට ගෙනමාගේ දෙඅත් පිටුපසට කර මාංචු දැම්මා. මාව 08 කාමරයට ගෙනගොස් බිම දණගස්සවා අතින් පයින් පහර දෙමින් උඹ ගෙට ගින්දර තිබ්බා නේදඇත්ත කියපන්” කියමින් මට පහර දුන්නා. පසුව මාව ඊට අල්ලපු කාමරයට ගෙනගොස් මාංචු ගැලෙව්වා.

මේවන විටත් පුෂ්ප කුමාර නිලධාරියා සිටියේ සිවිල් ඇඳුමින්. සිවිල් ඇඳුමින් තවත් නිලධාරීන් දෙදෙනෙක් එතැන සිටියා. ඔවුන් බලහත්කාරයෙන් මාගේ ඇඳුම් ගැලෙව්වා. මාව නිරුවත් කලා. පසුව එක් නිලධාරියෙකු මාගේ අත්දෙක ඉදිරියට කර රෙදි පටියකින් අත් දෙක බැන්දා. මාව බිම ඉංදවා ගැට ගැසූ අත්දෙක දණහිස් අතරින් තබාකකුල් දෙක හා අත්දෙක අතරින් පොල්ලක් දමාඅනිත් නිලධාරීන් දෙදෙනා විසින් එම පොල්ල දෙපැත්තෙන් ඔසවා මේස දෙකක් උඩ එම පොල්ල සිටින සේ තැබුවා. එවිට මාව එම මේස දෙක අතරින්හිස බිමට හා දෙපා උඩට සිටින සේ රැුන්ඳුනා. පසුව පුෂ්ප කුමාර නැමැති නිලධාරීයා කලූපාට කේබල් එකක් වැනි දෙයක් ගෙනවිත්ඉන් මාගේ යටිපතුල් දෙකට අමානුෂික ලෙස පහර දුන්නා. මා දැඩි වේදනාවෙන් කෑ ගැසුවා. ඇත්ත කියපන්උඹ ගෙට ගිණි තිබ්බා නේද අසමින් පහර දුන්නා. මා එවැනි දෙයක් නොකල බව අඬමින් ප‍්‍රකාශ කලා. නමුත් පිළිගත්තේ නැහැ. දිගටම පහර දුන්නා.

විනාඩි 15ක් පමණ එසේ පහරදීමාව ලිහා බිමට දැම්මා. මට නැගිට ගැනීමට නොහැකිව මා දැඩි වේදනාවෙන් පසු වුනා. පසුව පුෂ්පකුමාර නිලධාරියා මාගේ උරහිස් දෙකෙන් අල්ලා මාව නැගිට්ටෙව්වා. මට උඩ පනින්න කිව්වා. මා ඉතා අමාරුවෙන් උඩ පැන්නා. පසුව මට එකතැන දුවන්න කිව්වා. මා එක තැන දිව්වා. එවිට පුෂ්ප කුමාර නැමැති නිලධාරියා මුගේ ඇඟ ෆිට් ඇඟක් බන්මූව හෙට උදේට ආයිත් ගන්න  ඕනාදැන් කූඩුවට දාපන් කියා අනිත් නිලධාරීන්ට පැවසුවා.

පසුව මා ඇඳුම් ඇඳ ගත්තා. මට අත් පිටුපසට කර මාංචු දැම්මා. එක් නිලධාරියෙක් මාගේ කමිසයේ කොළරයෙන් ඇදගෙන ගොස් පොලිසියේ ඇති කූඩු තුනෙන් මැද කූඩුවට මාව දැම්මා. මාංචු ගැලෙව්වේ නැහැ. මාංචු පිටින්ම මාව තැබුවා.

පසුදා එනම් 2013.11.21 දින උදේ 7.30 පමණමා දුටුවා මාගේ වැඩිමහල් සොහොයුරා පැමිණ සිටිනවා. නමුත් ඔහුට මාව බලන්න දුන්නේ නැහැ. පසුව මාගේ බිරිඳදරුවන් දෙන්නා හා මාගේ මව පෙ:ව:9.00 පමණ පොලිසියට පැමිණියා. ඔවුන්ට මාව බලන්න දුන්නේ නැහැ. දරුවන් දෙන්නා කූඩුව ළඟට පැමිණ කූඩුවේ එල්ලී තාත්තේ තාත්තේ” කියමින් කෑගසන්නට වුනා. මා සිටි කූඩුව තනා තිබුනේ වටේට කයඩ කූරු දමා වට කරඑ් මැදට සිමෙන්තිවලින් තැනූ කාමර ආකාරයටයි. එවැනි කාමර 03ක් තිබුනා. මා සිටි මැද කාමරයේ ඇති දැලෙන් මා දරුවන් දෙදෙනා කෑගසන අයුරු දුටුවා.

සවස 2.00 පමණ නීතිඥ විමරත්න මයා සමග මාගේ බිරිඳදරුවන් දෙන්නාඅම්මා හා බාප්පා පැමිණියා. මා සිටි කාමරයෙන් මාව කූඩුවේ ෙදාර අසලට ගෙන ආවා. නීතිඥවරයා මා සමග කතා කලා. ඔහු පවසා සිටියා හෙට බද්දේගම උසාවියෙන් ඇප ගන්න පුලූවන් කියා ලොකු මහත්තයා කිව්වා කියා. එ් අසල පුෂ්ප කුමාර නැමැති නිලධාරියා සිටි බැවින් මට පහරදුන් බව නීතිඥවරයාට ප‍්‍රකාශ කිරීමට ඉඩක් ලැබුනේ නැහැ. මාහට කිසිවෙක්් එක්ක කතාකරන්න ඉඩ දුන්නේ නැහැ. මාගේ බිරිඳව හා දරුවන්ව එලවා දැමුවා. බාප්පා ගෙනත් තිබූ කෑම පාර්සලය පුෂ්ප කුමාර නිලධාරියා විසින් මා සිටි කූඩුවේ දැලෙන් ඔබා මට ලබා දුන්නා.

මා කාමරයෙන් එලියට විත් යකඩ කූරු වලින් වටකර ඇති ප‍්‍රදේශයේ සිටින විට සිවිල් ඇඳුමින් සිටි පුෂ්පකුමාර නැමැති නිලධාරියාහුත්තිගෙ පුතෝ මැද කාමරේ ඉන්න නේද තොට ඉන්න කිව්වේ” කියා බැන වැදුනා.

පසුව සවස 6.30 පමණනිලධාරියෙකු මට කතා කලා. මා කාමරයෙන් එළියට ආවා. ඔහු සිටියේ සිවිල් ඇඳුමින්. ඔහු හුත්තිගේ පුතෝ උඹ ඇත්ත කියන්නේ නැහැනේඅදත් උඹව ගන්නවා” කිව්වා.

රාත‍්‍රී 9.30 - 10.00 පමණ එකී නිලධාරියා හා පුෂ්ප කුමාර නිලධාරියා මාව කූඩවෙන් එළියට ගෙන 08 කාමරයට අල්ලපු කාමරයට ගෙනගොස් උඹ ඇත්ත කියන්නේ නැහැනේඑහෙනම් මේකවත් ඇත්ත කියපන්” කියා .චමින්දයිවතුර පැටී යි කියන්නේ කවුද ?” කියා අසා, ”උඹලා තුන්දෙනා තමයි ගමේ කසිප්පු පෙරන්නේ” කියා පුෂ්ප කුමාර නිලධාරියා මට චෝදනා කලා.

මාංචු ගලවා පෙරදින සේම අත්දෙක ගැට ගසාපොල්ලක් අත්දෙක හා කකුල් අතරින් යවාකබඞ් 2ක් උඩ එල්ලූවා. එදින මාව නිරුවත් කළේ නැහැ. එදිනත් පෙර දිනසේම අපගේ ගමේ චමින්දගේ හා වතුර පැටී ගේ නිවෙස් තියෙන තැන් විමසමින් පහර දුන්නා. මා ඔවුන්ගේ නිවෙස් තිබෙන තැන් පැවසුවා. 

පසුව පුෂ්ප කුමාර නිලධාරියා ෂොපින් බෑග් 05ක් පමණ එකට දමා පැට‍්‍රල් එයට දමාඑය මාගේ මුහුණ ආවරණය වන සේ ඔලූවෙන් දැම්මා. එසේ 05 වතාවක් දැම්මා. 05 වන වතාවේ මට මොනවා උනාදැයි මා දන්නේ නැහැ. මට සිහිය එනවිට මා සිටියේ බිම දමා. ඔවුන් මට වතුර ඉස තිබුනා. මට ඇස් ඇරගන්න බැරිවුනා. ඇස් නොපෙනී ගියා. මට එම ස්ථානයේම වමනය ගියා. මා දැඩි අපහසුවෙන් පෙලෙද්දී මා ලවාම එම ස්ථානය පිරිසිදු කෙරෙව්වා.

22 දින බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකණයට ගෙන ගියා.  මාව ශරී ඇප 02ක් මත මුදාහැරියා. චමින්දව ද මුදාහැරියා. කරාපිටිය රෝහලට ඇතුලත් වුනා. පොලිසියෙන් පහර දුන්න බව වෛද්‍යවරුන්ට ප‍්‍රකාශ කලා. මා 58 වාට්ටුවට ඇතුල් කලා. පසු දින එනම් 2013.11.24 දින මාව 06 වන වාට්ටුවට මාරු කලා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මා පරීක්ෂා කලා. කකුලේ වේදනාව දිගටම පැවතුනහොත්06.12.2013 දින, 24 කාමරයේ විකලාංග සායනයට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. 26 දින මාව රෝහලෙන් පිට කලා. වෛද්‍යවරුන් මාගේ බිරිඳ ඇතුලූ නිවැසියන්ට පවසා තිබෙනවා - මා මානසික විකලත්වයකට පත්වීමට ඉඩ ඇති හෙයින්එසේ පොඩි හෝ වෙනසක් තිබුනොත් වහාම රෝහල් ගත කරවන ලෙසට.

01. පොලිසියට හේතුවක් නොදක්වා ගෙන්වාගෙනනීති විරෝධීව අත්අඩංගුවට ගැනීම,
02.මා අත්අඩංගුවට ගැනීම පිළිබඳව – කිසිඳු දැනුම්දීමක් මාගේ නිවැසියන්ට නොකිරීම
04. මු`ඵ රාත‍්‍රිය පුරාම මාංචු දමා කූඩුව තුල බිම දමා තැබීම
03. මා නිරුවත් කර තැබීම
04. ධර්මචක‍්‍ර ක‍්‍රමයට එල්ලාකේබල්වලින් යටිපතුල් වලට පහරදීම
05. පැට‍්‍රල් දමන ලද ෂොපින් බෑග්මුහුණ වැසෙන සේ දමාසිහිය නැතිකර තැබීම
06. මාගේ බිරිඳට මාව බැලීමටකතා කිරිමට ඉඩ නොදීම
07. අසභ්‍ය වචනයෙන් බැණ වැදීම
08. ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම
මගින්වධහිංසාවටකෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට භාජණය කිරීම පිළිබඳව,
    1. නාගොඩ පොලිසියේ - ස්ථානාධිපති ට
    2. පුෂ්ප කුමාර නැමැති නිලධාරියා ට 
    3. දුටුවොත් අඳුනාගත හැකි අනෙක් නිලධාරීන් තිදෙනාට
එරෙහිව - නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.
එමෙන්ම - මේ පිළිබඳ සිදුකරන පරීක්ෂණ ,
1. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ එ්කකය මගින්ද,
2. මානව හිමිකම් කොමිෂන් සභාවේ - කොළඹ මූලස්ථානය මගින්ද,
පවත්වන ලෙසට ඉල්ලමි.


No comments:

Post a Comment