Sunday, November 10, 2013

උඩුගම පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර ගේ නීති විරෝධි ක්‍රියාව ගම්මු මැදිහත්වී වළක්වයි.

මම කාරණය ඇසුවා. ඔහු කාරණය කිව්වේ නැහැ. මම වරෙන්තුවක් තියෙනවාද කියා ඇහුව්වා. නෑ කිව්වා. මම ඇහුව්වා මට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවාද කියා. ඒත් නෑ කිව්වා. යළිත් මම එහෙම නම් කාරණය කියන්න යයි කිව්වා.
එවිටඋ.පො.ප.පුෂ්ප කුමාරමගේ වීඩියෝ එකක් තියෙනවා කිව්වා. මම කිව්වා මගේ උප්පැන්න සහතිකය විතර නේද නැත්තේ කියා. එවිට ඔහුඋඹ ගැන මට පොලිසියේ අය කියලා තියෙනවා කියා කිව්වා.

 උඩුගම පදිංචි 43න් හැවරිදි  හේනගොඩ විතානච්චිගේ ගාමිණී තිදරු පියෙක්.  වැවිලිකරු වෙක්. ඔහු
සිද්ධිය අදාලව මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති කරන ලද පැමිණිල්ල අභිමානවත් ගමක් යන ජනපති රාජපක්ෂ පාලනය කරන ශ්‍රි ලංකා පොලිසියේ යථා ස්වභාවය පෙන්නුම් කරන තවත් උදාහරණයකි.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනහිරිහැර කිරිමට ගන්නා උත්සාහය පිලිබඳවයි.

2013.11.06 දිනදීය.

2013.11.03 ඉරිදාඋදේ මම මගේ තේ වත්තට ගොස්එහි වැවිලි කටයුතුකරපෙ:ව: 11.00 ට පමණනිවසට පැමිණිනැවත ප:ව:12.30 ට පැමිණ වත්තට යෑමට ගියා. මා ගියේ පා පැදියෙන්.

මානෙලුව - ගාල්ල පාරේ ගොස්වත්තට යෑමට තිබෙන කොන්ක‍්‍රීට් කරපු ඇල ඉහළ පාරට හැරවීමට සූදානම් වන විටපිටුපසින් පැමිණි උඩුගම පොලිසියේ රථවාහන අංශයේ යතුරු පැදිය මට ඉස්සර කොටවටයක් කැරකෙව්වා. මා පාපැදිය නැවැත්වූවා.

එසේ කරකවානැවතී සිටි මා අසලට පැමිණිමගේ අතින් තද කර අල්ලා ගත්තා.

එසේ මගේ අතින් ඇල්ලූවේ යතුරු පැදිය පදවාගෙන ආ උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාරය.

පිටුපසින් ග‍්‍රාම ආරක්ෂක නිලධාරියෙක් සිටියා.

උ.පො.ප. පුෂ්ප කුමාර -  මගේ අත අතහරින්නේ නැතිවඅත කරකවමින්යතුරු පැදියෙන් බැසමට යතුරු පැදියට නගින්න යයි කිව්වා.

මම කාරණය ඇසුවා. ඔහු කාරණය කිව්වේ නැහැ. මම වරෙන්තුවක් තියෙනවාද කියා ඇහුව්වා. නෑ කිව්වා. මම ඇහුව්වා මට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවාද කියා. එ්ත් නෑ කිව්වා. මම එහෙම නම් කාරණය කියන්න යයි කිව්වා.

එවිටඋ.පො.ප.පුෂ්ප කුමාරමගේ වීඩියෝ එකක් තියෙනවා කිව්වා. මම කිව්වා මගේ උප්පැන්න සහතිකය විතර නේද නැත්තේ කියා. එවිට ඔහුඋඹ ගැන මට පොලිසියේ අය කියලා තියෙනවා කියා කිව්වා.

මේ ආකාරයට ඔහු මගේ අතින් අල්ලාගෙන විනාඩි 10ක් පමණ විවිධ දේ කියමින් සිටින විටගම්වාසීන් සිය දෙනෙකු පමණ එතැනට එක් වුනා.

මම ඔහුට කිව්වා - අවශ්‍ය නම් මම පොලිසියට එන්ම් කියා. එවිට උ.පො.ප.පුෂ්ප කුමාරපොලිසියට කතා කරලා කිව්වා - ජීප් එක එවන්න කියා.

ඒ සමගමපියසේන ගමගේ ඇමතිතුමා එතැනින් යන්නට ආවා. ගම්මු ඇමතිතුමාගේ වාහනය නවත්වා අසරණ අහිංසක මිනිසුන්නට හිරිහැර කරන බව කිව්වා.

ඇමතිවරයාඋ.පො.ප.පුෂ්ප කුමාර කැඳවා, ”අසාධාරණ වැඩ කරන්න එපා” කියා යන්න ගියා.

ඒ සමගම උඩුව පොලිසියේ ටාටා වර්ගයේ කැබ් රථයක නිලධාරින් දෙදෙනෙක් ආවා. ඊට පස්සේ ස්ථානාධිපති රාජපක්ෂදහයක් පහලොවක් පුරවාගෙන ජීප් එකෙන් ආවා.

ඔවුන් ජීප් එකෙන් බැසගම්වාසීන්ට උඹලා පොලිසියේ පලාතක එන්න එපායයි කියා බැණවැදී යන්න ගියා.

මෙසේ මා හිරිහැරයට පත් කිරීමට එකම හේතුව -

1. 2011.06.16 වන දින- උඩුගම පොලිසියේ තවමත් රාජකාරි කරන දීපානි නැමැති ග‍්‍රාමආරක්ෂක නිලධාරිණිය හා ඇතිවූ ආරවුල වේ. එම සිද්ධියට අදාල ඉන්දික හා විජේනායක යන පොලිස් නිලධාරීන්ද තවමත් උඩුගම පොලිසියේ සිටී.

2. මෙම සිද්ධිය අදාලව මා විසින් කරන ලද පැමිණීලි තවමත් විභාග වෙමින් පවතී.

1. මා.හි.කොමිෂන් සභාවේ අංකය - HRC /MT/245/11/V/N
11. පොලිස්පති පරීක්ෂණයේ අංකය - S/DIG/SP/E/366/12

3. එමෙන්මමට විරුද්ධව උඩුගම පොලිසිය බොරු නඩුවක් පවරා තිබේ. එ් නඩුවද තවම පවතී. නඩු අංකය 55614 - ම/උ උඩුගම.

මෙම පසුබිම තුල - උඩුගම පොලිසිය මට පීඩා කිරීමටබොරු නඩු දැමීමටභිය වැද්දීමට ගන්නා උත්සාහයකි - ඉහත සඳහන් ආකාරයට මා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනමට තර්ජණය කරඅපහාස කිරීම.

ඒ පිළිබඳව උඩුගම පොලිසියේ ස්ථානාධිපතිඋ.පො.ප.පුෂ්ප කුමාර ට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

එච්.ඩබ්. ගාමිණී,

No comments:

Post a Comment