Thursday, November 14, 2013

දවස් දෙකක් බැරැුක්ක යේ ඇඳක් යට මාංචු දලා තියාගෙන වධ දුන්නා. කන්න දුන්නේ නෑ.

දවස් දෙකක් බැරැුක්ක යේ ඇඳක් යට මාංචු දලා තියාගෙන වධ දුන්නා. කන්න දුන්නේ නෑ. වධ දුන්නේ කරන්දෙණිය පොලීසියේ පො.කො. 53241 සිල්වා සහ උ.පො.ප. මෙන්ඩිස්.  පොලිස්  බල්ලා මිදුල පහුරු ගාලා ජිව උණ්ඩ සොයා ගත්තා කියලා බොරු නඩුවක් දැම්මා. පොලිස් ඇප මත මුදාහරියා. 
කරන්දෙණියේ, ඉඩම්හිමි වැවිලිකරුවකු වන 44 හැවරිදි  සිර නිශාන්ත සමරවීර තිදරු පියෙක්. 2013.09.24 වන දින, ප.ව. 5.30 ට පමණ කරන්දෙණිය පොලීසියේ පො.කො. 53241 සිල්වා සහ උ.පො.ප. මෙන්ඩිස්, තවත් පිරිසක් සමග ජීප් රථයෙන් පැමිණ, ඔහු ගමන් ගත් වාහනය නතර කොට ”මූව තමයි අපිට  ඕන” කියමින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය අදාලව සමරවීර මහතා නීතිපති හා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘  2013.09.24 වන දින, ප.ව. 5.30 ට පමණ, මා, මාගේ බිරිඳ හා දරුවන් සමග ගමනක් ගොසින් නිවස බලා එමින් සිටයදී, කරන්දෙණිය පොලීසියේ පො.කො. 53241 සිල්වා සහ උ.පො.ප. මෙන්ඩිස්, තවත් පිරිසක් සමග ජීප් රථයෙන් පැමිණ, මාගේ වාහනය නතර කොට ”මූව තමයි අපිට  ඕන” කියමින් මාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වුනා.
මා හේතු විමසුවත් කාරණය කිව්වේ නැහැ. මා නිවසට යා යුතු බව කී විට, මාගේ වාහනයට පො.කො. 53241 සිල්වා නැග්ගා. මා වාහනය නිවසට ගෙන ගියා. පිටුපසින් ජීප් රථය පැමිණියා.
නිවසට ගිය පසුව, මාව ජීප් රථයෙන් පොලීසියට ගෙන ගියා. ඊට පෙර, ගෙදර මිදුලේදී පො.කො. 53241 සිල්වා ඉස්තෝප්පුවේ බිත්තියට හේත්තු කර තිබූ සවල ගෙන මට පහර දුන්නා.
මාව, පාරේ තිබූ ජීප් රථයට නංවා ගන්න හදන කොට අල්ලපු ගෙදර ඇල්සන් අයියා පැමිණ මාව අත්අඩංගුවට ගන්නා කාරණය විමසුවා.
උ.පො.ප. මෙන්ඩිස් කිව්වා ”මූව ගෙනියන්නේ මිනීමැරුම් චෝදනාවකට” කියා.
මාව, උ.පො.ප. මෙන්ඩිස් හා පො.කො. 53241 සිල්වා ජීප් රථය තුළට තල්ලූ කළා. එයින් අනතුරුව පොලීසියට ගෙන ආවා. ඔවුන් මාව පොලීසියට ගෙන ගියේ පොලීසියේ පිටුපස පැත්තෙන්.
එහිදී, මට පො.කො. 53241 සිල්වා හා උ.පො.ප. මෙන්ඩිස් අත මිට මොලවා මුහුණට ගහගෙන ගහගෙන ගියා. මාව වැටුනා. එ් වෙලාවේදී මාව පෑගුවා.
ඉන් පසුව, ඔවුන් පොලීසිය පිටුපස බැරැුක්කයට මාව ගෙන ගියා. එහදී, මා ඇඳක් යට දමා, මාංචුවක කෙළවර දකුණු අතට දමා, අනෙක් කෙළවර ඇඳක කකුලට තියා මාංචු දැම්මා. රාත‍්‍රියේ මට කෑම දුන්නේ නෑ. මුලූ ?ම එ් විදියට බිම හිටියා. ඇඳ උඩ නිහාල් නැමති සැකකරුවා හිටියා.  මුලූ ?ම මම ගත කළේ ඇඳ යට.
පසුදින එ් ආකාරයට හිටියා. රාත‍්‍රියේදී එ් ආකාරයට මා තබා තිබුණා. මට ගෙදර අය මුණ ගැහෙන්න දුන්නේ නැහැ.
2013.09.21 වන දින දවල් 12.00 ට පමණ, පොතේ නම ලිපිනය ලියාගෙන, හිස් කොළ වලට ඇඟිලි සලකුණු ගත්තා.
ඉන් පසු, පොලීසිය මාව අම්බලන්ගොඩ, පොල්වත්ත රජයේ රෝහලට ගෙන ආවා. එහදී දිසා වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළා.
ඔහු මාව පරීක්ෂා කර බැලූවේ නෑ. මා ගෙන ගිය පො.කො. 53241 සිල්වා, මෙම වෛද්‍යවරයා සමග කතා කළා. ඉන්පසු පො.කො. 53241 සිල්වා,වෛද්‍යවරයා දුන් පෝරමය පුරවා, මාගෙන් අත්සන් ගෙන ආපසු දුන්නා.
එයින් පසුව, බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. නිල මැදිරියේ සිටි මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළා. මා හට මහේස්ත‍්‍රාත් වරයා සමග කතාකිරීමට අවස්ථාව දුන්නේ නෑ. එ් අවස්ථාවේ මාව කරන්දණිය පොලීසියට නැවත රැුගෙන විත්, රුපියල් ලක්ෂයක පොලිස් ඇප මත මුදා හැරියා.
ඇප ලබා ගැනීමෙන් පසුව, මා නිවසට පැමිණ, පසුදින උදේ, (27* මාතර නියෝජ්‍ය පොලිස් අධිකාරී කාර්යාලයට හා මාතර මානව හිමිකම් ප‍්‍රාදේශීය කාර්යාලයට ගොස් පැමිණිලි කළා.
එයින් පසුව මා නිවසට පැමිණ ස්නානය කළා. ස්නානය කිරීමෙන් පසුව, හිසේ කැක්කුම හට ගත්තා. මුහුණ හා දකුණු ඇස ළඟ ඉදිමුණා. වේදනාව දැඩි වුනා.
එ් නිසා මම වහාම රෝහල් ගත වුනා. 30 වන දින දක්වා රෝහලේ නැවතී ප‍්‍රතිකාර ගනු ලැබුවා. පොලීසිය පහර දුන් බව ප‍්‍රකාශ කළා. අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කළා.
මීට පෙර එනම්, 2013.03.28 වන දින ප.ව.3.00 ට කරන්දෙණිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණ, මගේ බිරිඳට අසභ්‍ය වචනයෙන් බැන, ”තොගේ මිනිහා මිනී මරා හම්බ කරන සල්ලි වලින් ගෙවල් ෙදාරවල් හදනවා” ආදිය කියමින් අවුරුද්දකට බන්ධනාගාර ගත කරන බවට තර්ජනය කර, ”උඹලා පොලිස්පතිට බැරි නම් උගේ අම්මට කියාපන් යැයි” තර්ජනය කොට යන ලදි.
එයින් පසුවද කිහිප වරක් මෙම නිලධාරීන් දෙන්නා පැමිණ (පො.කො. සිල්වා හා උ.පො.ප. මෙන්ඩිස්* මා සොයා තර්ජනය කර ගොස් තිබුණා.
එ් නිසා මම, ඔවුන් චෝදනා කරනු ලබන මිනීමැරුමට අදාලව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින එන්.එස්. 77435 දරන නඩුවට නීතිඥ මහතෙකු මාර්ගයෙන් ඉදිරිපත් වුනා.
එ්, 2013.04.01 වන දිනය.
එ් අවස්ථාවේ පොලීසිය මා, සැකකරුවෙකු නොවන බව අධිකරණයේ ප‍්‍රකාශ කළා.
මෙම පසුබිම යටතේ, මේ ආකාරයට මා නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධ දී, ව්‍යාජ නඩු පැවරූ බව ප‍්‍රකාශ කරමි.’’
එමෙන්ම නිශාන්ත සමරවීර මහතා මෙම නීති විරෝධී ක‍්‍රියාව කරන ලද කරන්දෙණිය පොලීසියේ අදාල නිලධාරීන්ට එරෙහිව නීත්‍යානුකූල හා විනයානුකූළ පියවර ගන්නා ලෙසටද, ඔහුට විරුද්ධව පවරා ඇති ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙසටද නීති පති හා පොලිස්පත් ගෙන් ඉල්ලා තිබේ.

No comments:

Post a Comment