Sunday, November 10, 2013

ෂර්ට් කලිසන් ගලවලා, මුහුණ වහලා, කකුල් දෙකින් එල්ල ලා පොලූ වලින් ගැහැව්වා.


ඇල්පිටියේ පදිංචි 23න් හැවරිදි සුරාජ් හේමාල් පේ‍්‍රමසිංහ නීති විද්‍යාල ප‍්‍රවේශය සඳහා ඉගෙනුම ලබයි. මෙසේ ඔහුට පහර දුන්නේ කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපති වැල්ලගේ ගේ පුර්ණ අධීක්ෂණය යටතේ උප පොලිස් පරික්ෂක මෙන්ඩිස් හා පොලිස් කොස්තාපල් සිල්වාය.
2013.09.24 වන දින රාත‍්‍රී 7.00 ට විතර යහලූවෙකු වන සුපුන් චානක සමග කරන්දෙනිය පොලීසියට ගියේ අත්අඩංගුවට ගෙන තිබුණා තාත්තාව බලන්න.

ඔහු යනකොට තාත්තා හිටියේ කූඩුවේ. තාත්තා සුරාජ් හේමාල්ට කථාකොට ඔහුගේ සාක්කුවේ තිබු මුදල් පසුම්බිය ගෙන මේක ගෙනහින් අම්මාට දෙන්න යයි කියා පසුම්බිය දි ඇත.

පසු දිනඑනම් 25දා උදේ උදේ 9.00 ට විතරසුරාජ් හේමාල් ඔහුගේ මිතුරෙකු වන සුපුන් චානක
සමග තාත්තාව බලන්න පොලීසියට ආවිට උ.පො. මෙන්ඩිස් ඔවුන් දෙන්නාව පොලීසිය පිටුපසට
ගෙන ගොස්තාත්තාගේ පර්ස්” එක කොහේද කියා අසා ඇත. ඔහු  ‘‘එක මම අම්මට දුන්නා
යය’’ කියා තිබේ.

එවිට ඔහුට උ.පො. මෙන්ඩිස්, ‘‘උඹ කියන්නේ බොරු කියමින් අමු තිත්ත කුණුහරප කියමින් බැන, උඹ පොලසීයෙන් හොරෙන් අරන්, කියා කම්මුලට ගසා ඒ අකාරයටම සුපුන් චානකටද පහරදි තිබේ. ඉන්පසු දේනාටම මාංචු දාමා සුරාජ් හේමාල ගේ පියා සිටි කුඩුව ගෙන ලඟට ගොස්, ‘‘ඔන්න බලාපන් පුතාට කරන දේ”  කියා උ.පො.ප. මෙන්ඩිස් පවසා තිබේ. 

ඉන් පසු අපරාධ අංශයට ගෙන ගොස් එතන මේසයක් ළඟ බිම වාඩි කරවා, මේසයේ කකුලක් අතරින් මාංචුව යවා දෙන්නා ගේ අත් එක් කොට එම මාංචුව දමා තිබේ.

දවල් 2.00 ට විතර පො.කො. සිල්වා සුරාජ් හේමාල් ගෙන් ඔහුගේ පියාට අයත් මි.මි. 9 පිස්තෝලය දුන්නොත් නිදහස් කරනවා යයි පවසා තිබේ. තම ගෙදර පිස්තෝල නෑ, ලයිසන් තුවක්කු දෙකක් තියෙන බව සුරාජ් හේමාල් පවසා තිබේ.

එවිට පො. කො. සිල්වා ‘‘ උඹ දෙන්නේ නැත්තම්ගන්න හැටි දන්නවා කියා යාලූවාව නිදහස් කර  ඔහුව පොලීසියේ වැසිකිලියට යාබද කාමරයට රැගෙන ගොස් තිබේ.

කාමරයේ සිදුවු දේ සුරාජ් හේමාල් විස්තර කරන්නේ මේසේය.

‘‘ මාව කාමරයට ගෙන ගිහිල්ලා මගේ ඇඳුම් ගලවන්න කිව්වා. මේ වෙලාවේ උ.පො. මෙන්ඩිස් ද එතනට ආවා. තවත් දෙන්නෙක් ආවා. මම ඇඳුම් ගැලෙව්වා. මගේ මුහුණ රෙද්දකින් වැහැව්වා.  මගේ කකුල් දෙක කඹයකින් ගැට ගැහැව්වා. මාව දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳගෙන ඉස්සුවා. ඔලූව පහතට හිටින්න ඉස්සුවේ. කකුල් දෙකේ ගැට ගහලා තිබූ කඹයෙන් මාව උඩට ඇද ඉස්සුවා. මගේ ඔලූව පහළට හිටියේ. ඊට පස්සේ මට පොල් වලින් ගැහුවා. ගැහුවේ පිටට හා කලවා වලට.

එසේ ගහන ගමන් ඉල්ලූවේ පිස්තෝලය. එසේ ටික වෙලාවක් පහර දීකඹයෙන් පහත් කොට මාව දෙන්නෙක් අල්ලාගෙන, කකුල් දෙකේ කඹය ලිහා කෙලින් කළා. ඊට පස්සේ ඔලූවේ ඔතා තිබුණ රෙද්ද ගලවා, මට ඇඳුම් ඇඳ ගන්න කිව්වා.

මම ඇඳ ගත්තාට පසුව මාව ගෙදරට රැගෙන ගියා. මාව රැගෙන ගියේ ජීප් එකේ. ගෙන ගියේ ස්ථානාධිපති වැල්ලගේ, උ.පො.ප. මෙන්ඩිස් හා පො.කො. සිල්වා. ----------------- මම තුවක්කු තියන කාමරය ඇරියා. ඔවුන් තුවක්කු දෙක ගත්තා. එකක් බෝර් 12-පතරොම් තුවක්කුවක්. අනෙක වායු රයිපල් එකක්. ඊට පස්සෙ කිව්වා කාමරයේ තිබුණ සේප්පුව අරින්න කියා. මම සේප්පුව ඇරියා. සේප්පුව ඔවුන් පරීක්ෂා කළා. එහි තිබූ කිසිවක් ගත්තේ නැහැ. පො. කො. සිල්වා, උ.පො.ප මෙන්ඩිස් ගේ ජංගම දුරකථයෙන් සේප්පුව වීඩියෝ කළා.

ඊට පසු තවක්කු දෙක අරගෙන මාවත් දාගෙන නැවත පොලීසියට ආවා. මාව අපරාධ අංශයට ගෙන ආවා. රාත‍්‍රී 7.00 ට විතර මාව ගෙදර එව්වා.

මා මේ පිළිබඳව 2013.09.30 වන දින පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කළා. පැමිණිලි අංකය- CIB/ 267$13  වේ. නමුත් මේ වන තෙක් කිසිදු කි‍්‍රයා මාර්ගයක් ගෙන නොමැත'


නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නීති විරෝධිව රඳවා තබාගෙන, අමානුෂික ලෙස පහර දී, වධහිංසා හා අවමන් සහගත සැළකිලි හා දඬුවම් වලට පාත‍්‍ර කළ කරන්දෙනිය පොලීසියේ ස්ථානාධිපති වැල්ලගේ, උ.පො.ප. මෙන්ඩිස්, පො.ප. සිල්වා ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට සුරාජ් හේමාල්  ලිඛිතව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සහ  පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ.

No comments:

Post a Comment