Sunday, November 10, 2013

මතුගම සහකාර කම්කරු කොමසාරිස් රැම්කෝ සමාගමෙන් අල්ලස් ලබාගෙන මාව අමාරුවේ දාන්න සූදානම් වුනා. මා ඉල්ලුවේ වැඩිකරපු වැටුප අඩුනොකරන ලෙසට.


වලගෙදර,  එම්.ඞී.එස්.එල්.දිසානායක මහතා දරගා නගරයේ පිහිටි ඇස්බස්ටස් සෙවිලි තහඩු නිෂ්පාදනය කරන ඉන්දියානු සමාගමක වන රැම්කෝ පුද්ගලික සමාගමේ අරක්කැමි සහයක. හිමි වැටුප් තලයේ පිහිටුවා නැවත එම වැටුප අහිමි කිරිම ගැන  ඔහු මතුගම සහකාර කම්කරු කොමසාරිස් ට පැමිණිලි කළා.

එම පැමිණිල් සම්බන්ධයේන  මතුගම සහකාර කම්කරු කොමසාරිස්  අනුගමය කරන ලද ආකාරය පිළිබ අප්‍රසාදය පළකරමින් සාධාරණය අපේක්ෂාවෙන් කම්කරු කොමාසරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ල පහත දැක්වේ. 

පැමිණිල්ල.

එම්.ඞී.එස්.එල්.දිසානායක
මනන්නාවත්ත,
වලගෙදර.
2013.11.03

කම්කරු කොමාසරිස් ජනරාල්,
කම්කරු දෙපාර්තමේන්තුව,
නාරාහේන්පිට,
කොළඹ 05.

මහත්මයාණෙණි,

ශ‍්‍රී රැම්කෝ රූෆින් ලංකා පුද්ගලික සමාගමට අයත්, 5 කණුවමීගමදර්ගානගරයේ පිහිටි කර්මාන්ත ශාලාවේ පුහුණූ කම්කරු වශයෙන් සේවය කරමි.

මාගේ සේවා විස්තර මෙසේය.

1. 2011.11.23 වන දිනමෙම කම්හල ඉදිකරනු ලබන අවස්ථාවේඑන්.ඞී.ජී.ගුණපාල මයා යටතේකොන්ත‍්‍රාත් පදනමින්පුහුණූ කම්කරුවකු වශයෙන් රු: 400/= බැගින් වූ දෛනික වැටුපකට සේවය කලා.

2. කර්මාන්ත ශාලාව සදා නිමකල පසුවමා කර්මාන්ත ශාලාවේ පුහුණූ කම්කරුවකු වශයෙන් බඳවා ගනු ලැබුවා.

එ් 2012 මාර්තු 01 දිනය. එසේ බඳවා ගනු ලැබූවේ කර්මාන්ත ශාලාවේමු`ඵතැන්ගෙයිඅරක්කැමි සහයක ලෙසටය.

එ් අවස්ථාවේබඳවා ගනු ලැබුවේ රු: 2800/=ක දෛනික වැටුපටය.

3. 2012.04.01 දින සිටකර්මාන්ත ශෘලාවේ නුපුහුණූ කම්කරුවකු ලෙසට මට පත්වීම් ලිපිය ලබා දෙන ලදි.

එසේ පත්වීම දෙන ලද්දේ රු: 500/=ක මාසික වැටුපකටය. එයට අමතරව නියමිත දීමනාවන්ද හිමි විය.

4. 2013 ජූනි මාසයේදීමාවකර්මාන්ත ශාලාවේ පුහුණූ කම්කරුවකු වශයෙන් උසස් කොට,
රු: 10,000/=ක මාසික වැටුපෙහි පිහිටුවනු ලැබීය.

5. එ් අනුව මට ජූනි මාසයේදී රු: 10,000/=ක මූලික වැටුප හා එයට අදාල සියලූ දීමනා සහිත වැටුප් ගෙවන ලදි.

6. නමුත්, 2013 ජූලි මස වැටුප් ගෙවීමේදී - මට ගෙවන ලද්දේ රු: 8500/=ක නුපුහුණූ වැටුපය.

7. මා මේ පිිළිබඳව කළමනාකාරගෙන් විමසූ විටකර්මාන්ත ශලාවේ සම්බන්ධීකාරකමානව සම්පත් නිලධාරී කියා සිටියාමාස දෙකක් ඉවසන්න නියමිත පුහුණු වැටුප වන රු: 10000/= වැටුපට සකස් කර දෙනවා කියා.

එ් සමගම ඔහු ප‍්‍රකාශ කලාඑතෙක් රු: 2000/= වැටුප ලේඛණයට ඇතුලත් කොට දෙන බව.

එ් අනුව - සාමාන්‍යාධීකාරී මට රු: 2000/= බැගින් මාස 03ක් ගෙව්වා.

8. 2013 ජනවාරි මස සිටමා සාමාන්‍යාධිකාරී තුමාට ප‍්‍රකාශ කලා,මට නියමිත වැටුපවැටුප් ලේඛනය මගින් ගෙවීමට කටයුතු කරන ලෙසට.

එනම්මට පුහුණූ කම්කරු වශයෙන් වැටුප්නියමිත පරිදි ගෙවන ලෙසට ඉල්ලා සිටියා.

එ් අනුව 2013 සිට මා සාමාන්‍යාධීකාරී දෙන රු: 2000/= ගත්තේ නැහැ.

9. 2013 ජූලි මසමතුගම කම්කරු දෙපාර්තමේන්තුවේසහකාර කොමාසරිස්වරයා වන ජී.ඩබ්.නන්දසේන මයාකම්කරු නිලධාරී තරංගා ප‍්‍රනාන්දු මිය,හා තවත් නිලධාරී මහතෙක් පැමිණියා.

ඔවුන්සේවක මණ්ඩලය සමග සාකච්ජාවක් පැවැත්වූවා.

එම සාකච්ජාවේදීවිවිධ ප‍්‍රශ්ණ ඉදිරිපත් කරන අතරඑක් අයෙක් මාගේ ප‍්‍රශ්ණය ඉදිරිපත් කලා.

එනම්ඔහු විමසුවාවැඩි වැටුපකටතබා එය නැවත හේතු දැක්වීමක් නැතිව අඩු වැටුපකට දැමිය හැකිද කියා.

එහිදී සහකාර කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මයා ප‍්‍රකාශ කලා එසේ වැඩි කල වැටුපක් අඩු කරන්න බැහැ කියා.

10. එ් අවස්ථාවේදී සාමාන්‍යාධිකාරී හා මානව සම්පත් නිලධාරීසහකාර කම්කරු කොමාසාරිස්වරයාට ප‍්‍රකාශ කලා - මාගේ වැටුප් වැඩි කිරීම අතපසුවීමක් කියා.

එය අසාසහකාර කම්කරු කොමාසරිස් ජී.ඩබ්. නන්දසේන මට කියා සිටියා, ”පුතා මේ ගොල්ල කියනවා - අතපසු වීමක් කියාඑ් නිසා කරන්න දෙයක් නැහැ” කියා.

11. එවිට වේලාව දහවල් 11.20 වී තිබුනා. මා නැගිට ඉවත් වන විටසහකාර කම්කරු කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මගෙන් ඇහුව්වා තමුසෙට එපා වෙලාද යන්නේ” කියා. මම කිව්වා නෑතව ටිකකින් ඉන්දියානු කණ්ඩායමට කෑම තියන්න තියෙන හින්දා යනවා කියා.

12. රැුස්වීමෙන් පසුවසහකාර කොමසාරිස් ජී.ඩබ්.නන්දසෙනප‍්‍රදිප් නැමැති අය අත මට පණිවුඩයක් එවා තිබුනාවෙලාවක ඇවිත් ඔහුව හමුවන ලෙසට.

13. එ් අනුව, 2013.07.25 දින මාලිපියක්ද ලියාගෙන ගොස් සහකාර කම්කරු කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මයා හමුවුනා.

14. එ් අවස්ථාවේ විස්තර විමසාඔහු මට ප‍්‍රකාශ කලා සාමාන්‍යාධිකාරී සමග සාකච්ජා කරප‍්‍රශ්ණය විසඳා දෙන්නම් කියා.

15. එයින් පසුව, 2013.08.12 දාතමින් අංක මතු/කාසරැුඊරැු174/2013 දරන ලිපියෙන් මට කැඳවීමක් ලැබුනා. පැමිණිලි විභාගය සඳහා.

එ් 2013.08.28 දිනය.

15. 2013.08.28 දිනපැමිණිල්ල විභාග කළේකම්කරු නිලධාරී එස්.වයි.පද්ම කුමාර මහතා.

16. එම පරීක්ෂණයටකර්මාණ්ත ශාලාවේ මානව සම්පත් නිලධාරී පැමිණ සිටියා. ඔහු ප‍්‍රකාශ කළේ - පුහුණූ කම්කරු වැටුපේ පිහිටුවීම අතපසුවීමක් බවයි.

මා කියා සිටියා - එය පිළිගන්න නොහැකි බව.

මාඅරක්කැමි සහායක ලෙසට බැඳුනද, 2013 අප්‍රේල් මස 21 සිට 2013 මැයි 12 දක්වා - දින 35ක් අරක්කැම් කාර්යය කරන ලද බවත්දැන් මා පුහුණූ කම්කරු බවත් ප‍්‍රකාශ කලා.

එය අභියෝගයට ලක් කලේ නැහැ.

මා ඉල්ලා සිටියා - මට අවශ්‍ය පුහුණ කම්කරු වැටුප බවත්, 2012 ජූනි මස සිට නිවැරදිවමට ලබාදුන් පුහුණූ කම්කරු වැටුපඑදින සිටහිඟ වැටුප් සහිතව ලබා දෙන ලෙසටත්.

17. එයින් පසුව -

1. 2013.09.25 දින හා 2. 2013.10.23 දින

සහකාර කම්කරු කොමසාරිස් ජී.ඩබ්. නන්දසේන මයා විසින් මාගේ පැමිණිල්ල පිලිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවට ලිඛිතව දැනුම් දුන්නා.

18. 2013.09.25 දින කර්මාන්ත ශාලාවේ කිසිවකු පැමිණියේ නැහැ.

19. 2013.10.23 දින පරීක්ෂණයට සාමාන්‍යාධිකාරි හා මානව සම්පත් නිලධාරී පැමිණියා.

එදිනසාමාන්‍යාධිකාරී වරයා ප‍්‍රකාශ කලා මායන්ත්‍රෝපකරණ අංශයේ වැඩට යන්නේ නම්පුහුණූ වැටුප් ගෙවන්න පුලූවන් බව.

මා ප‍්‍රකාශ කලා - දැනට මා පුහුණූ කම්කරු රාජකාරියම තමයි සිදු කරන්නේ කියා.

සහකාර කමකරු කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මහතාසාමාන්‍යාධිකාරී වරයාව අනුමත කරමින් කතා කලා.

එහිදී සහකාර කම්කරු කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මයා - සාමාන්‍යාධිකාරීකාරීවරයාව අනුමත කරමින්මට බලවත් ආසාධාරණයක් සිදු කලා.

එයට හේතුව වූයේසහකාර කම්කරු කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මයාඅල්ලස් ලබාගෙන බව ඉතා පැහැදිලිය.

21. මා එසේ ප‍්‍රකාශ කරන්නේසහකාර කම්කරු කොමසාරිස් ජී.ඩබ්.නන්දසේන මයා, 2013.09.27 වන දිනසවස 4.10 ට මාගේ ජංගම දුරකථනයට කතාකොට ප‍්‍රකාශ කලා - ඉන්දියානු සමාගමකට කුක් කෙනෙක්  ඕනා කරලා තියෙනවාමම එ්ක කරලා දෙන්නම්ඔයාගේ වැඬේ (වැටුප් වැඩි කිරීම) සාර්ථක වෙන්නේ නැහැ කියා පවසා සිටියා.

ඔහු තවදුරටත් කිව්වා - ලැහැස්ති වෙන්න හෙට ඉන්ටවිව් යන්න කියා.

ඉන් පසු නැවත 2013.10.01 දින සහකාර කම්කරු කොමසාරිස් හෝ ජී.ඩබ්.නනද්සේන මයා හමුවී - එදා කිව්ව රැුකියාව පිලිබඳව විස්තර ඇසුවා.

නැවත ඔහු එයම කිව්වා. මෙයින් මට පැහැදිලි වුනාජී.ඩබ්.නන්දසේන මයාසාමාන්‍යාධීකාරී හා එක්ව මාව අමාරුවේ දාන්න සූදානම් වන බව. මන්ද ඔහු තවදුරටත් කියා සිටියා මා එක්ක කතාකරපු බව කාටවත්  කියන්න එපා කියා.

මේ සියල්ල මගින් පැහැදිලි වන්නේ - මට මතුගම සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයෙන් සාධාරණය ඉටු නොකරන බවයි.

ඔවුන් රැුම්කෝ සමාගම හා එක්ව ඔවුන්ගේ අවශ්‍යතාවයට කටයුතු කරනා බවයි.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසටමට නියමත වැටුප ලබාදෙන ලෙසට - සමාගමට නියම කරන ලෙසට ඉල්ලා සිටිමි.


එම්.ඞී.එස්.එල්.දිසානායක


No comments:

Post a Comment