Friday, November 15, 2013

කප්පන් නොදුන්න නිසා මාව දින 3 ක්, පොලීසියේ කූඩුවේ තියා ගෙන හිටියා. දවස් තුනේදී මුත‍්‍රා කරන්න සිද්ධ වුනේ බෝතල් වලට.

රුපියල් අනූ දහස් ගණනක හොරකම් කරපු කුරුඳු අරගෙන තියෙනවා යයි චොදනා කරමින් ගොඩින් බේරන් වටිනාකමින් භාගයක් කරන්දෙණිය පොලීසියේ ධෂක්වැල්ලගේ, ීෂ මෙන්ඩිස් හා ඡුක්සිල්වා ඉල්ලා සිටියා. කප්පන් නොදුන්න නිසා මාව දින 3 ක්, පොලීසියේ කූඩුවේ තියා ගෙන හිටියා. දවස් තුනේදී මුතරා කරන්න සිද්ධ වුනේ බෝතල් වලට. කූඩුවේ වැසිකිලියක් තිබුණේ නැහැ.

මෙම නොසිතු අත් දැකිමට මුන දුන්නේ 48 හැවරිදි  ව්යාපාරිකයෙකු වු සුජිත් පේරමසිංහ මහතාය.
සිද්ධිය අදාලව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘2013.09.23 වන දින, සවස 3.00 පමණ, මාගේ වෙළඳසැලේ සිටි, පුතා මට දුරකතනයෙන් කතා කොට කිව්වා, කරන්දෙනිය පොලීසියෙන් ඇවිල්ලා ඉන්නවා තාත්තා හොර කුරුඳු වගයක් අරන් තියෙනවා කියා ඔවුන් පවසන බව. තවද ඔවුන් කියනවා, රුපියල් එක් දහස් ගණන් වල කුරුඳු අරන් තියන්නේ  රු: 750.00 කියා.

මම පුතාට කිව්වා, පොලිස් නිලධාරීන්ට කියන්න විනාඩි 10 කින් එන බව. නමුත් ඔවුන්ට ඉන්න බෑ කියා, ගිහින් තිබුණා. එසේ ඇවිත් තිබුණේ කරන්දෙනිය පොලීසියේ .පො.. මෙන්ඩිස්, පො.කො. සිල්වා ඇතු` කිහිප දෙනෙක්.
තවද, .පො.. මෙන්ඩිස් මාගේ පුතාට කියලා තිබුණා තාත්තාට පොලීසියට එන්න කියන්න කියා. 2013.09.24 වන දින නීතිමය කටයුත්තක් සඳහා ඇල්පිටිය මහෙස්තරාත් උසාවියට ගොස් සිටින විට, මගේ බිරිඳගෙන් දුරකතන පනිවුඩයක් ලැබුනා. ඇය කියා සිටියා, කරන්දෙනිය පොලීසියෙන් ඇවිත් ඉන්නවා, ඔවුන් මෙතන කෑගහනවා ඉක්මනට එන්න කියා.

එ් අවස්ථාවේදීම, මගේ බිරිඳගේ ජංගම දුරකතනය කරන්දෙනිය පොලීසියේ ස්ථානාධිපති වැල්ලගේ අරගෙන මට කතා කළා. ඔහු මට කිව්වා ‘‘හොර කුරුඳු අරන් තියෙනවා, නොවරදවාම සවස 3.00 පොලීසියට එන්න’’ යයි කිව්වා.
එ් අනුව, මම සවස 3.00 කරන්දෙනිය පොලීසියට ගොස් ස්ථානාධිපති වැල්ලගේ හමු වුනා. ඔහු එ් අවස්ථාවේ මට කිව්වා, ”තමුන් රුපියල් අනූ දහස් ගණනක හොරකම් කරපු කුරුඳු අරගෙන තියෙනවා අපිට වටිනාකමින් භාගයක්  ඕනෑකියා. මම ඔහුට කිව්වා මම කුරුඳු මිළයට ගන්නේ නීත්යානුකූල විදියට. එ් හින්දා මට මුදල් දෙන්න බෑ කියලා.

එවිට ඔහු, ස්ථානාධිපති වැල්ලගේමට තර්ජනය කර කිව්වා, බාගයක් දීලා මේකකොනක්කරපන් නැතිනම් උඹව ඇතුළට දානවා යයි කිව්වා. මම ඔහුට පැහැදිලිව කිව්වා, නොගත් බඩු වලට මුදල් දෙන්න මට බෑ, ‘‘සර් කරන දෙයක් කරන්න’’ කියා. එවිට එහු පොඞ්ඩක් හිටපන් කියා බෙල් එක ගසා .පො.. මෙන්ඩිස් කතා කොට, මෙන්න මූ ඇවිල්ලා තියෙනවා කියා මාව පෙන්නුවා.
.පො.. මෙන්ඩිස් මාව අපරාධ අංශයට ගෙන ගියා. පො.කො. සිල්වවා පොලිස් කාන්තාවන් දෙනෛකු ඇතුලූ නිලධාරීන් කිහිප දෙනෙක් එහි හිටියා. එහිදී ඔවුන් දෙන්නා මට තර්ජනය කරමින්, උඹ රුපියල් අනූ දහස් ගණනක් හොර කුරුඳු අරගෙන තියෙනවා ‘‘අපිට බාගයක් දීලා’’ මෙතනින් රශ්නය ඉවර කරමු යයි කිව්වා.

ඔවුන් දෙන්නා මාර්තු මාසයේ - මා කුරුඳු ගත් බවට බිල් තියෙනවා කියා. මා ඔවුන්ට කියා සිටියා  මාර්තු මාසයේ ඔය කියන ගානක කුරුඳු මම අරගෙන නැහැ කියලා. මා ඉල්ලා සිටියා බිල පෙන්වන්න කියා. ඔවුන් බිල පෙන්වූවේ නැහැ. පැය බාගයක් විතර මගෙන් මුදල් ඉල්ලූවද මමා මුදල් දීම රතික්ෂේප කළා.

එවිට පො.කො. සිල්වා වාඩි වී සිටි මාව නැගිට්ටවා, මගේ කම්මුල් දෙකට මිට මොලවා ඇන්නා. ඉන් පසු පො.කො. සිල්වා මා ඇඳ සිටි ටී ෂර්ට් එක ඇද උස්සා ගලවා දැම්මා. ඔහු මට කලිසම ගලවා පහතට දාපන් කිව්වා. මම එසේ කළා. සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය ඔහු ගත්තා. ජංගම දුරකතනයද ගත්තා. මට කිව්වා මුදල් පසුම්බිය ඇර පෙන්වන්න කියා. මම එය ඇර පෙන්නුවා.
පසුව මට ඇඳුම් ඇඳගන්න කිව්වා. මම ඇඳුම් ඇඳ ගත්තා. ඊට පසුව මාව කූඩුවට ගෙන ගිහින් දැම්මා. රාතරී 7.45 පමණ මාගේ බිරිඳ ආවා. මාගේ බිරිඳ ස්ථානාධිපති වැල්ලගේ හමු වුනා.

කූඩුවේ හිටපු මාවද එතැනට ගෙන ආවා. එ් වෙලාවේ ස්ථානාධිපති වැල්ලගේ මගෙන් යළිත් මුදල් දෙන්න බැරිද කියා ඇහැව්වා. එ් සමගම ඔහු කිව්වා, වෙනත් අය ආවාම සල්ලිත් දෙනවා, කුරුඳුත් දෙනවා. ඇයි උඹලාට බැරි කියා මගෙන් ඇසුවා. නොගත් දෙයකට සල්ලි දෙන්න බෑ කියා මම කිව්වා. එවිට මූව කූඩුවට දාන්න යයි අන කලා. රිසව් එකේ හිටපු රාළහාමි කෙනෙක්, යලිත් මාව කූඩුවට දම්මා.

පසු දින 2013.09.25 ........ උදේ 9.00 පමණ පුතා, මාව බලන්න පොලීසියට ආවා. මගේ පුතා පැමිණියේ යාලූවෙක් එක්ක. එ් අවස්ථාවේ .පො.. මෙන්ඩිස් මාගේ පුතාව හා යහලූවාව පොලීසිය පිටුපසට රැුගෙන ගොස් තිබෙනවා. පුතාගෙන් හා යාලූවාගෙන් අසා තිබෙනවා තාත්තාගේ පර්ස් එක කොහෙද කියා. රාතරියේ මාව බලන්න පුතා පැමිණි විට පර්ස් එක පුතාට දුන්නා. බව පුතා .පො.. මෙන්ඩිස් කියා තිබුණා.
ඔහු මගේ පුතාට චෝදනා කර තිබුණා, පොලීසියේ තිබුණ මුදල් පසුම්බිය, ඔහු සොරකම් කරගෙන ගොස් ඇති බවට. .පො.. මෙන්ඩිස් මගේ පුතාට හා ඔහුගේ මිතුරාට පහර දී තිබුණා. එසේ පහර දී, ඔවුන්ව මාංචු දමා අපරාධ අංශයේ තබාගෙන සිට, උදේ 9.00 පමණ මාගේ ළඟට ගෙන ආවා.

මගේ ලඟට මාගේ පුතාව හා යහලූවාව මාංචු දමාගෙන ආවේ .පො.. මෙන්ඩිස් හා පො.කො. සිල්වා. තවත් අය බලාගෙන සිටියා. ඔවුන් දෙදෙනාම මට කිව්වා, මුන් දෙන්නාටම කුඩු දානවා, දැන් ගෑනි ආවොත් ගෑනිවත් දානවා, උඹේ පුතාගේ නීති ඉගෙනීම ඉවරයි කියා කුණුහරුප කියමින් මට බැන්නා.

මට දරා ගන්න බැරි වුනා. අසරණ වුනා. මම කිව්වා දරුවන් දෙන්නාව අතහරින්න, මම සල්ලි දෙන්නම් කියා. එ් ඇසුණු ස්ථානාධිපති වැල්ලගේ මට කිව්වා  ඕක කලින් කිව්වා නම් ඉවරයි නේ කියා. ඊට පස්සෙ මාගේ පුතාට, .පො.. මෙන්ඩිස් හා පො.කො. සිල්වා වධ දීලා මාගේ ගෙදර සෝදිසි කරන්න  ඕන කියා ගෙනිහිල්ලා තිබුණා.

මගේ පුතාට වධ දීලා ඉල්ලා තිබුණේ මි.මි.9 පිස්තෝලයක් ඉල්ලමින්. එයින් පසුව, ඔවුන් මාගේ පුතාව රැුගෙන ගෙදරට ගොස් ගෙදර තිබූ, බලපත සහිත නො.12 පතරොම් තුවක්කුව සහ වායු රයිපලය රැුගෙන ගොස් තිබුණා. ඔවුන් සේප්පපුව ඇරවා එය වීඩියෝ කර තිබුණා. එසේ වීඩියෝ කර තිබුණේ පො.කො. සිල්වා, .පො.. මෙන්ඩිස් ගේ ජංගම දුර කථනයෙන්්.
සවස 6.00 පමණ, පො.කො. සිල්වා මම හිටපු කූඩුව ළඟට පැමිණ, තුවක්කු දෙක පෙන්වා මේ හොර තුවක්කු කියා, රැුගෙන ගොස් පොලීසියේ ආයුධ දාන පෙට්ටියට දැම්මා.

පුතාව රාතරී 7.00 පමණ, නිදහස් කරනු ලැබුවා. පසුදින 2013.09.26 දින එදින සවස 5.00 පමණ, මගෙන් රකාශයක් ගත්තා. ඉන්පසු පොලිස් ඇපයක් මත මුදා හැරියා.

මා දින 3 ක්, පොලීසියේ කූඩුවේ හිටියා. රාතරී 2 ක් හිටියා. මෙම දින තුනේදී මට මුතරා කරන්න සිද්ධ වුනේ බෝතල් වලට. කූඩුවේ වැසිකිලියක් තිබුණේ නැහැ. පළමු දිනය (24* සවස 6.30 පමණ, මා දුටුවා පුද්ගලයෙකුගේ ෂර්ට් කොළරයෙන් අල්ලා පහර දෙම්න්, මා හිටිය කූඩුව ලඟට ගෙන ආවා. ඔහු කූඩුව ළඟ වැටුනා. ඔහුට පයින් ගසා, ෂර්ට් කොළරයෙන් අල්ලා නැගිට්ටවා ඇදගෙන අපරාධ අංශයට ගෙන යනවා මා දුටුවා. පසුව මා දැන ගත්තා ඔහු සිසිර නිශාන්ත රණවීර බව.

පසුව මා දැන ගත්තා, 26 වෙනිදා සවස, මාගේ දුව මාව බලන්න පොලීසියට විට, ඔවුන් ලබා ගත් ආයුධ දෙකක් බාර දී තිබුණ බව. ඇගේ වයස අවු: 18 යි. තවම ඉගෙනුම ලබනවා. පාසල් ශිෂ්යාවක්. මා මේ පිළිබඳව 2013.09.30 වන දින පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කළා. පැමිණිලි අංකය, ක්ෂඊරැු264රැු62 වේ. නමුත් කිසිදු කිරයා මාර්ගයක් ගෙන නැත.’’ යයි ඔහු කියා සිටි.

ඔහු ඉල්ලා සිටින්නේ, කප්පම් ලබා ගැනීමේ චේතනා වෙන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන අමානුෂික ලෙස පහර දී, කෲර අවමන් සහගත සැලකිලි වලට හා දඬුවම් වලට පාත කළ කරන්දෙනිය පොලීසියේ ස්ථානාධිපති, .පො.. මෙන්ඩිස්, පො.. සිල්වා ඇතු` නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටයි.



No comments:

Post a Comment