Thursday, February 6, 2014

සිය දහස් ගණනක් ළමුන් කතෝලික පූජකයෝ විනාශ කරලා.



අපයෝජකයින් රැකීම ගැන වතිකානුව හෙළා දකිමින් එක්සත් ජාතීන් කියා සිටී.
දශක ගණනාවක් පුරා කතෝලික සභාවේ පූජකවරු හා වරියන් දහස් ගණනක් ළමුන් දූෂණයට, ලිංගික අපයෝජනයට හා අපචාරයන්ට ලක් කර තිබෙනවා.
නමුත් -  වතිකානුව එම පූජකවරු හා වරියන් ආරක්ෂා කරනවා පමණක් නොව, එම දූෂණයන්, ලිංගික අපයෝජයන් පවත්වා ගෙන යෑමට ද ඉඩ දී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කතෝලික සභාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින්, ප්‍රකාශයක් නිකුත් කර කියා සිටියේ, නොපමාව වතිකානුව ළමයින් දූෂණය කරන, ලිංගික අපයෝජනයට හා අපචාරයන්හි යොදවන පූජකවරු, නෙරපා දැමීමටත්, ඔවුන් ඒ ඒ රටවල නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, අදාල ළමුනන්ට හා දෙමාපියන්ට වන්දි ගෙවිය යුතු බවත්ය.
මෙසේ ළමුන් අපයෝජනයට ලක් කරන කතෝලික සභාවට අයත් පූජකයින්, පූජකවරියන්, පියතුමනන්ලා (Father) සොයුරන් (Brothers) සොයුරියන් (Sisters)    හා මව්වරුන්(Mothers) ලෙසට හුන්වනු ලබති.
කතෝලික සභාව, ඉතාමත් රහසිගතව තම පරිපාලනය මෙහෙයවනු ලබන බවද, වරදකරුවන් වෙනත් ස්ථාන වලට මාරු කිරීමට, වසන් කිරීමට පියවර ගෙන තිබෙන බවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාවේ තත්ත්වයද මෙය වන අතර, කතොලික සභාවේ ළමා දූෂණ, අපයෝජන අපචාර වසන් කිරීමට රජයද පෙළඹී ඇත.
ළමා නිවාස හා අනාථ නිවාස යන නාම වලින් නීති විරෝධීව පවත්වාගෙන යන ආයතන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාලව ආයතන වලට හැකියාවක් නත්තේ ආණ්ඩුව හා කතෝලික සභාව අතර පවත්වාගෙන යන අයුතු සම්බන්ධතාවය බව පැහැදිලිය.
මෙම කරුණ වඩාත් හොින් පැහැදිලි වන්නේ, කළුතර කලමුල්ලේ දී වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන විලා හවුස් හා මාකස් ශ්‍රි නමින් ප්‍රකට අනාථාගාරයයි.
මෙම ඊනියා ළමා නිවාසය, නීති විරෝධී ව පවත්වාගෙන යන අතර, එහි දරුවන් අපයෝජනයට ලක් කොට අවසානයේ මහ මගට ඇද දැමීමට පියවර ගන්නේ පොලීසිය මගින් අධිකරණය උපයෝගී කරගෙනය.
එක්සත් ජාතීන් හෙළි දරව් කරන කතෝලික සභාවේ ළමා දූෂණ, ලිංගික අපයෝජන, අපචාර වලට ලංකාවේ සිද්ධීන් ඇතුළත් වී නැති බව අපගේ වැටහීමයි.
එක්සත් ජාතීන්ගේ චෝදනා පිළිබව වතිකානුවේ පැහැදිලි කිරීම් මුළුමණින්ම ඉවත දමන ලද අතර, ළමයින් ගේ අයිතීන් කතෝලික සභාවේ ඊනියා සංස්කෘතියට වඩා ඉහළ හා වටිනා බවද කියා ඇත. 

1 comment:

  1. මේවා ගැන නිකං ගොසිප් පල කරන්නෙ නැතුව නිසි වාර්ථ ආදිය හදලා අදාල තැන්වලට ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා නම් වටිනවා නේද? දරුවන් ගැන සැබෑ කරුණාව ඇත්නම්ඒ වගේ දේවල් තමයි වෙන්න ඕන.

    ReplyDelete