Friday, July 12, 2013

ගවමස් කඩ කාරයාගෙන් කාලා බීලා - තරුණයින් 02කුට වධදී නඩු දමයි.


ඉඩංගොඩ ගවමස් කඩ අයිතිකරුවකු වූ ගවුස් නැමැත්තාට හා ඔහුගේ ගොල්යින් කිහිප දෙනෙකුට පහරදී, යතුරුපැදියකට ගිණි තැබීමේ සිද්ධියක් මූලික කරගෙන, කිරිඇල්ල පොලිසිය තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වධදී රක්ෂිත බන්ධණාගාර ගත කරනු ලැබ තිබේ.
2013.07.02 දින, රාත්‍රී 8.55 පමණ ඉන්ධන ලබාගැනීම සදහා, හැරනියාවක ඉන්ධන පිරවුම් හලට පැමිණි, 22 හැවිරිදි, හපුආරච්චිගේ නුවන් සංජීව ව සහ එදිනම මධ්‍යම රාත්‍රියේදී කිරිඇල්ල පොලිසියේ දහදෙනෙකු පමණ කුරුගම්මෝදර නිවසකට ඇතුලුව, 25හැවිරිදි , බී.වී.ඒ.රුවන් චාමර ව අත්අඩංගුවට ගෙන, රැයක් මුලුල්ලේ වධදී, පසුදින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නුවන් සංජීව හා රුවන් චාමර - පොලිස් සිර මැදිරියේ සිටියදී, ගවුස් නැමැති ගව මස් කඩ හිමියාට හා ඔහුගේ ගෝලයකුව පොලිසියට ගෙන්වා, ඔවුන් දෙදෙනාව හොදින් දැක බලා ගන්නට සලස්වා තිබේ.
2013.07.02 දින, කුරුගම්මෝදර ප්‍රදේශයේදී ගවුස් නැමැති ගවමස් හිමියා, ඔහුගේ ගෝලයින් සමග එළදෙනුන් දෙදෙනෙකු රැගෙන යමින් සිටියදී, පිරිසක් ඔවුන්ට පහරදී, ගවුස් නැමැත්තාගේ යතුරුපැදියට ගිණී තබා, ගවයින් නිදහස් කර ඇත.
මෙම සිද්ධියට සැකකරුවන් වශයෙන් මෙම තරුණයින් දෙන්නාව අත්අඩංගුවට ගෙන - වධදී, අධිකරණයට ඉදිරිපත් කර, රිමාන්ඩ් කරවා, ඔන්න අපි පැය 24 ගෙවෙන්නට ඔන්න මෙන්න තිබියදී සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවට රාජපක්ෂ ආණ්ඩුවට කීමට - සුපුරුදු පරිදි පොලිසිය ක්‍රියා කර තිබේ.

No comments:

Post a Comment