Wednesday, July 3, 2013

ඇමති නැගනිය නිර්මලවු මෛත්‍රියෙන් දරුවකු හම ගසයි.


දොඩන්ගොඩ නවෝද්‍යා විදුහලේ විදුහල්පතිනී සරෝජනී කොතලාවලට ඇමති වෙල්ගමගේ අතින් රු: 15,000/= තෑග්ග ගන්න බැරි උනාට ඉෂාරගේ පිට පතුරැ ගසයි.

දොඩංගොඩ පොලීසිය සංවිධානය කළ පොසොන් කළාපයේ කූඩු තරඟයෙන් ජය ගත්තේ දොඩංගොඩ නවෝද්‍යා පාසලයි. ඒ එම පාසලේ සිසුන් ඉදිරිපත් කළ නිර්මාණ නිසාය.
කූඩු තරඟයේ තෑගි ප්‍රධානය ඇමති වෙල්ගම අතින් සිදුවිය. ප්‍රථම ත්‍යාගය රු: 15,000/= ලබා ගැනීමට විද්‍යාලය නියෝජනය කරමින් සිසුවෙකුට ඉදිරපත් වන ලෙසට ආරාධනය ලැබින.
තරඟයේ දක්ෂතම නිර්මාණය බවට කාගෙත් පැසසුමට ලක්ව සිටි ඉෂාර සිසුවා, ඉදිරිපත්ව ඇමති වෙල්ගම අතින් තෑග්ග ලබා ගත්තේය. ඒ පිටුපස පැමිණි විදුහල්පතිනී සරෝජනී කොතලාවල ඇමතිට ආචාර කළද ඇමති අවධානය ඇයට ගන්නට නොහැකි විය.
උදේ හවස නිර්මලවු මෛත්‍රිය ගැන දෙසන සරෝජනී කොතලාවලගේ නියම ස්වරූපය ශ්‍රී ලංකාවටම හෙළි කළේය. ඇමති සමග කලුපග වන්නට තිබුන අවස්ථාව අහිමි වීම නිසා ක්‍රෝධයෙන් වෛරයෙන් පිපුරුණු ඇය -  වේදිකාවෙන් බසිනවාත් සමග ඉෂාරගේ අතින්  රු: 15,000/= උදුරා ගත්තේය.
පසුදින උදේ රැස්වීමට සිසුන්ව එක් කර, ඔවුන්ට සිය විභව ශක්තිය පෙන්නුම් කරන්නට ඔවදන් දෙන ශිෂ්‍ය ප්‍රතිඥාව කියවා අවසන් වූවත් සමග හැපින්නක් ලෙසට වේවැලක් වනමින් පෙරට ආ සරෝජනී කොතලාවල ක්‍රෝධයෙන් වෙව්ලමින් -   සිසුන් ඉදිරියට කැවා, ඉෂාර ජයලත් සිසුවාට පහර දුන්නේය.
සිද්ධිය අදාලව - දරුවාගේ පියා අනුර ජයලත් විසින් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ල පහත පළ කරමු.
මේ වන විට,  සරෝජනී කොතලාවලගේ තිරිසන් ක්‍රියාව හරි කියන පිරිසක් එක් කරගෙන, ඇයට විරුද්ධව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කරවා ගැනීමට, සරෝජනී කොතලාවලගේ සැමියා ඇතුලු පිරිසක්, දරුවාගේ පවුලට බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ.
දරුවාට ගැහැව්වා නොව, දරුවාම ගහගත්තා යැයි -  කියවා ගන්නට ඔවුන් දරන්නේ රාජපක්ෂගේ නොලියැවුනු චින්තනයේ පිහිටාය. පූර්ව ආදර්ශ අනුවය.
සභාපති- මානව හිමිකම් කොමිෂන් සභාවනීතිපතිඑන්.කේ. ඉලංගකෝන් මහතා-පොලිස්පතිබ/ප.පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකබ/ප. ලේකම්- පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයසභාපති- ළමා ආරක්ෂක අධිකාරියස්ථානාධිපති - ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය, වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල.
ලිඛිත පැමිණිල්ල

තොටවත්ත බණ්ඩාරගේ අනුර ජයලත් වයස අවු: 40 යි, (730922175 ඪ* විවාහකදරුවන් 02යි. රැුකියාව : ගල් කැටයම් ශිල්පී. ලිපිනය : දෙල්ගස් හංදියනෑහින්න, ෙදාඩංගොඩ.  2013.07.02  දින දීය.
තොටවත්ත බණ්ඩාරගේ ඉෂාර ජයලත් වයස අවු: 15 යි. ෙදාඩංගොඩ මහ විද්‍යාලයේ 11 වන වසර ඉගෙනුම ලබයි. මාගේ පුතා වේ.
2013.06.26 වන දින පුතා සුපුරුදු පරිදි පාසැල් ගියා. එදින පුතාට විදුහල්පතිනිය වන සරෝජා කොතලාවල යන අය අමානුෂික ලෙසට පහරදී තිබුණා. පුතා පවසන ආකාරයට සිද්ධිය මෙසේයි.
‘‘2013.06.16 වන දින මම හංසන කියන යාළුවත් එක්ක පාසැලට යන විටම නියෝජ්‍ය විදුහල්පති මුතුකුමාර කියන සර් කතා කළා. මම සර් ළඟට ගියා. එවිට සර්, ”උඹ මොකක්ද කාලකණ්ණියෝ කළේඋඹ මොකද මැඩම්ට ගන්න තිබ්බ තෑග්ග ගත්තේඋඹ ඉස්කෝලේ නම කැත කළා” කියා බැන්නා. මට අතින් ගහන්න හැදුවා. එවිට මම පිටිපස්සට පැන්නා. මට ඔෆිස් එක ළ`ගින් ඉන්න කිව්වා. සර් මැඩම් එක්ක කතා කරලා ඇවිත්, ”උඹ පංතියට පළයංරැුස්වීමෙදි බලාගන්නම්” කිව්වා.
මම පංතියට ගියා. පස්සේ රැුස්වීමට ගිහින් ශිෂ්‍ය ප‍්‍රතිඥව කියන විට මැඩම් වේවැලක් අරන් ආවා. ශිෂ්‍ය ප‍්‍රතිඥව කියලා ඉවර වුණාම මැඩම් වේවැල මගේ පැත්තට දික් කරලා කතා කළා. වෙන ළමයෙක් යන්න හදනකොටනෑ නෑ ඉෂාර එන්න කිව්වා. මම ඉස්සරහට ගියාම, ”උඹ මොකක්ද කාලකණ්ණියෝ කළේඇමතිතුමාගෙන් මට ගන්න තිබුණු තෑග්ග උඹ ගත්තේඋඹට කූඩු හදන්න නූල් පොටක්වත් උදව් වුණාදකාලකණ්ණියෝ උඹ ඉස්කෝලේ නම කෑවා” කියා මට ළමයි ඉස්සරහදීම වේවැලෙන් පිටට පහරවල් 10 ක් විතර ගැහුවා. පහරදීම නවත්තලා මගෙන් ඇහුවා, ”උඹ  ඕ.අයි.සී. මහත්තයා ළඟට ගිහින් කිව්වේ මාව ඇරස් කරන්නදගිහින් පුළුවන් හරියක් කරපං” කියා මට නැවතත් පහරදුන්නා. එ් පාර වේවැල් පාරවල් 5-6 ක් පමණ ගැහුවා.
ආයෙත් පහරදෙන එක නවත්තලා ඇහුවා, ”උඹ ලියුම් කවර දෙකක් ගත්තා නේද ස්ටේජ් එකේදි” කියලා. මම කිව්වා මම නෙමෙයි දෙකක් ගත්තේ හංසන වැරදිලා දෙකක් අරගෙන තියෙන්නේ කියලා. කෝ අනිත් එක කියලා ඇහුවා. වැරදලා ගත්ත එක ආපහු එයා දුන්නා කිව්වා. එවිට බොරු කියන්න එපා කියලා නැවතත් වේවැලෙන් පහරවල් 6-7 ක් ගැහුවා. පළයං කියලා මාව එළෙව්වා. ඊට පස්සේ මැඩම් කොහෙද ගියා. නියෝජ්‍ය මුතුකුමාර සර් රැුස්වීමේ කතා කරලා කිව්වාඅද දඬුවම් කළේ කූඩු තරගෙ පිළිබඳවඉතුරු දඬුවම් හා තෑගි මුදල බෙදා දීම සඳුදා කියලා. මට පහරදෙන විට ඉස්කෝලේ සියලූ ළමයිනුත් ගුරුවරුත් බලා සිටියා.
මිස්ලා දෙතුන් දෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා මොකද කියලා. මම විස්තර කිව්වා. එවිට  ඕවා ගණන් ගන්න එපා කිව්වා. සමහර ළමයි විස්තර ඇහුවා. මගේ නංගිත් රැුස්වීමේ හිටියා. මට හරියට ලැජ්ජා හිතුණා. දුකත් හිතුණා. තරහත් හිතුණා. එ් වෙලාවේ පිට හරියට දැවිල්ල ගත්තා. පුටුවට හේත්තු වෙන්නත් බැරි වුණා. අමාරුවෙන් පංතියේ වැඩ කරගෙන ගියා. අමාරු නිසා මම හවස පංති වලට ඉන්නේ නැතිව ගෙදර යන්න හැදුවා. එවිට තිළිණ සර් කිව්වාවිභාගෙත් ළඟ නිසා පංතිවලට ඉ`දලා යන්න කියලා. 1.30-2.30 වෙනතුරු බුද්ධාගම පංතියත්, 2.30-3.45 වෙනතුරු තොරතුරු තාක්ෂණ විෂයත් ඉගැන්නුවා. ඊට පස්සේ මම ගෙදර ගියා.
නංගී නිදාගෙන හිටියා. මම බත් කෑවෙත් නැහැ. මට ඉස්කෝලෙදි මැඩම් ගහපු එකට ගොඩක් ලැජ්ජයිදුකයි. එ්ක නිසා මම අම්මටයිතාත්තටයි ලියුමක් ලිව්වා, ”මට මැඩම් ගැහුවාඑ්ක හින්දා මම ගෙදරින් යනවා” කියලා. මම ගෙදරට එහා පැත්තේ තියෙන කැළේට ගිහින් ගල උඩට වෙලා වෙනකං කල්පනා කර කර හිටියා. ඊට පස්සේ හැන්දෑවේ තාත්තායි අම්මායි තවත් කට්ට්ය මාව හොයාගෙන ආවා. ඊට පස්සේ එ් අය මාව ගෙදර එක්කගෙන ගිහින් මට ගහපු පාරවල් පරික්ෂා කරලා බලලා මගෙන් සිද්ධිය ඇහුවා. මාව තාත්තා පොලිසියට එක්කගෙන ගියා. තාත්තා පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙන් රෝහල් ගතවෙන්න කියලා පෝරමයක් දුන්නා. තාත්තා මාව නාගොඩ රෝහලට එක්කගෙන ගියා. 5 බී වාට්ටුවේ මාව නතර කළා. රෝහල් පොලීසියෙන් පැමිණ මගෙන් විස්තර ඇහුවා. ෙදාඩංගොඩ පොලීසියෙන් පැමිණ මගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තා. කළුතර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මල්කා නමැති නිලධාරිණිය පැමිණ මගෙන් විස්තර අහලා ගියා. අධිකරණ වෛද්‍යවරයා මාව පරික්ෂා කර බැලූවා. 2013.06.27 වන දින සවස රෝහලෙන් මාව ටිකට් කපා නිදහස් කළා.’’
මාගේ පුතාට මෙසේ පහරදීමට හේතුවූ සිද්ධිය වූයේ, ෙදාඩංගොඩ ප‍්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයන් විසින් වෙසක් උත්සවය සඳහා කූඩු තරගයක් පැවැත්වුවා. එ් සඳහා මගේ පුතා පොඩි කූඩුවක්ද පංතියේ ළමුන් එකතුවී ලොකු කූඩුවක්ද ඉදිරිපත් කළා. එ් සඳහා රු.2500/-ක මුදලක්ද ඔවුන්ට ලැබුණා. පසුව පංති භාර ගුරුතුමියගෙන් අසා එම ළමුන් එම මුදල බෙදාගෙන තිබුණා.
නැවතත් පොසොන් උත්සවය නිමිත්තෙන් ෙදාඩංගොඩ පොලීසිය සංවිධානය කළ කූඩු තරගයක් පැවැත්වූවා. එ් සඳහා කූඩු ඉදිරිපත් කිරීමට මගේ පුතා හා තවත් ළමයින් විදුහල්පතිනියගෙන් ඉල්ලා ඇත. එවිට විදුහල්පතිනිය පොඩි කූඩුවක් නම් ඉඩ දෙන්න බැහැලොකු කූඩුවක් හදනවා නම් ඉඩ දෙනවා කියා පවසා තිබෙනවා. විදුහල්පතිනිය, ”උඹලා ගිය පාර කූඩුවට ලැබුණු සල්ලි වලට මොකද කළේ” කියා අහලා තියෙනවා. ළමයින් එක්ක බෙදා ගත්තා කියා පුතා පවසා තිබෙනවා. එවිට, ”අම්මා අප්පාගෙ දේපළද එහෙම බෙදාගන්නේ” කියා අසා තියෙනවා. එවිට පුතා පංතිභාර මිස්ගෙන් අහලයි බෙදාගත්තේ කියා පවසා තිබෙනවා.
පසුව මගේ පුතාත් චමෝද් හා හංසනත් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීඅපි කූඩු හදලා තියන්න අපට කුටි ලබා දෙනවාද කියා විමසා ඇත. එවිට පොලිස් ස්ථානාධිපතිවරයා  ඕගොල්ලෝ කූඩු හදලා තියන්න කුටි 3 ක් දෙන්නම්හැබැයි ඇප්ලිකේෂන් එකක් ලියලා මැඩම්ගෙන් අත්සන් අරන් එන්න කියා පවසා ඇත.
පසුව මගේ පුතාත් අනෙකුත් ළමයිනුත් අත්සන් කරගත් ඉල්ලූම්පත් ස්ථානාධිපතිවරයාට භාරදී ඇත. එ් අනුව මගේ පුතාත් අනෙක් ළමයිනුත් 11 බී පංතියෙන්ද තවත් ළමයින් දෙදෙනෙකුත් පාසැල නියෝජනය කරමින් කූඩු ඉදිරිපත් කර ඇත.
2013.06.25 වන දින අමාත්‍ය කුමාර වෙල්ගම මහතා තෑගි බෙදාදීම කළ බවත්දෙඩංගොඩ මහා විද්‍යාලයට 1 වන ස්ථානය ලැබී ඇති බවත්පාසැල නියෝජනය කරමින් ශිෂ්‍යයෙකු පැමිණ ත්‍යාගය ලබා ගන්නා ලෙසට සංවිධායක මණ්ඩලය ප‍්‍රකාශකර ඇත.
එ් අවස්ථාවේ මගේ පුතා ඉදිරිපත් වී ඇති බවත්විදුහල්පතිනියද ඉදිරිපත්වී ඇත. එ් අවස්ථාවේ මගේ පුතා ත්‍යාගය ලබාගෙන ඇති අතර විදුහල්පතිනියද ඇමතිතුමාට ආයුබෝවන් කියා පැමිණ ඇත. වේදිකාවෙන් බසිනවාත් සමගම විදුහල්පතිනිය මගේ පුතා අතේ තිබුණු රු.15000/- ත්‍යාගය උදුරාගෙන ඇත. පසුව මගේ පුතා පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ගොස් කොයි කූඩුවටද තෑග්ග දුන්නේ කියා විමසා ඇත. එවිට ඔහු ඉස්කෝලේ නියෝජනය කරලායි එ් තෑග්ග දුන්නේඅපි  ඕගොල්ලන්ට වෙනම තෑගි දෙන්නම් කියා පවසා ඇත. පසුව මගේ පුතාටත් අනෙකුත් ළමයින්ටත් රු.2000/- බැගින් තෑගි ලබාදී ඇත.
තවද, 2013.06.27 වන දින මේ සම්බන්ධව මාගේ බිරිඳ කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත ගොස් පැමිණිලි කළ අවස්ථාවේ ඇය දුරකථනයෙන් විදුහල්පතිනිය අමතා මේ පිළිබඳ විමසාමොනවද කතා කරමින් සිට, ”මමත් ඔතන හිටියා නම්  ඕක තමයි කරන්නේ” කියා තමුන්ගේ ළමයි හදාගන්න කියා බැනවැදී ඇත.
මේ වන විට මෙම පහරදීම සම්බන්ධව ෙදාඩංගොඩ පොලීසිය හෝ කළුතර දකුණ ළමා හා කාන්තා කාර්යාංශය මගින් හෝ නීතිමය පියවරක් ගෙන නොමැත. පුතා ඉන්පසු පාසැලට ගියේ ද නැත.
මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට මා ෙදාඩංගොඩ පොලීසියෙන් කීප විටක්ම ඉල්ලා සිටි විටස්ථානාධිපතිවරයා පවසා සිටියේ, ”අපිට මුකුත් කරන්න බෑඉහළින් එන නියෝග අනුවයි ක‍්‍රියා කරන්නේ” කියායි. මෙම අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ මෙම විදුහල්පතිනිය අමාත්‍ය නිර්මල කොතලාවල ඇමතිවරයාගේ ඥති සොයුරියක් වීම නිසාය.
මා ඉල්ලා සිටින්නේ,
  1. මාගේ පුතාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙසත්,
  2. මගේ පුතාට අමානුෂික ලෙසට පහරදුන් විදුහල්පතිනී සරෝජා කොතලාවලට හා අවමන් සහගත ලෙසට බැනවැදී බිය වැද්¥ නියෝජ්‍ය විදුහල්පති මුතුකුමාරණට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්,
  3. අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ සලස්වා තිබෙන, ෙදාඩංගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට හා කළුතර දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්
  4. විදුහල්පතිනිය වන සරෝජා කොතලාවලට විරුද්ධව විනය පියවර නොගන්නාකළුතර කලාප අධ්‍යාපන

අධ්‍යක්ෂකට විරුද්ධව නීතිමය පිවර ගන්නා ලෙසත්ය.

                අ.ක./ටී.බී. අනුර ජයලත්

No comments:

Post a Comment