Sunday, July 14, 2013

බණ්ඩාරගම පොලිසිය මිරිහාන පොලිසියට අඳී


එලවලු කොටුවේ වැඩකරමින් සිටි දොන් කරුණාරත්නව අත්අඩංගුවට ගෙන, පොලුවලින් අතින් පයින් පහරදී - බොරු නඩුවකට පැටලවූ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක්, රගපා ඇත්තේ මිරිහාන පොලිසියෙන් බව ප්‍රකාශ කරමින්ය.
52හැවිරිදි දොන් කරුණාරත්න කියා සිටියේ, තමන්ට එසේ පහර දුන්නේ අසල වන රොදක තිබූ කසිප්පු බැරල් හතරක වගකීම බාරගන්නා ලෙසට ඉල්ලමින් බවයි.
2013 ජූලි 10 වන දින අත්අඩංගුවට ගෙන , එසේ වධදී, බොරු නඩුවක් පැවරූ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබව පැමිණිල්ලක් කිරීමට මොරගහහේන පොලිසියට ගියද, පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කල බවද ඔහු කියා සිටී.

No comments:

Post a Comment